Sunday, December 8, 2013

සෝමාවතියේ බුදුරැස්

සෝමාවතී මහා සෑයෙන් බුදු රැස් විහිදෙන බව මීට දෙසතියකට පමණ පෙර ලංකාව පුරා පෝස්ටර් අලවා බෞද්ධ රටවැසියාට දැනුම් දී තිබුණි. මේ මහා උත්සවයට සති තුනකට පමණ පෙර පැවති තවත් උත්සවයක දී, කොළඹ සිට බුද්ධ රූපයක් සෝමාවතිය දක්වා වැඩමවාගෙන ගොස් තැන්පත් කෙරුණි. එදා මොරසූරන වැසි දවසකි. මේ පින්කමේ දී එක් භික්ෂූන් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වන අතරවාරයේ අහස දෙදරා ඈතින් විදුලි කෙටුවේය. ඒ අස්සේ, බොහෝ දෙනා ඡායාරූප ගනිමින් සිටියහ. කැමරාවලින් විහිදෙන පුපුරු එළි සහ අහසේ කෙටෙන විදුලි එළි දුටු දේශක භික්ෂූන් වහන්සේ එහි සිටි සැදැහැවතුන් අමතා, 'සෝමවතිය අරා බුදු රැස් විහිදෙන අසිරිය නරඹන්නැ' යි කීහ. ඒ මොහොතේ, එතැන සිටි දහස් ගණන් බැතිමත්තු දොහොත්මුදුන් දී පළාතම දෙවනත් වන සේ සාධුකාර දුන්හ. උපන් දා සිට දැක ඇති ස්වභාව ධර්මයේ සාමාන්‍ය ප්‍රපංචයක් වන විදුලිය කෙටීමක් පවා, අවශ්‍ය කරන මුළාවේ නියම මාත්‍රාව තුළ මෝහනයට පත් වූ විට, බුදු රැස් වශයෙන් දකින්නට තරම්, මේ සැදැහැවත්තු එදා පින්වත් වූහ.

දෙවැනි දවසේ (පසු ගිය 8 වැනිදා) උත්සවයට ද ලක්ෂ ගණන් බැතිමත්තු සෝමාවතියට රැස් වූහ. එදා ද මහ වැසි වැස්සේය.-

-පෙර දා මෙන් නොව, මහවැලි ගඟ උතුරා ගොස් පාරවල් ද යට වුණේය.

දස දහස් ගණන් සැදැහැවත් ජනයා ආපසු ගම රට බලා ඒමට නොහැකිව සෝමාවතී භූමි භාගය තුළ හිර වූහ. මහා පින්කම අවසන් වන විට දෙන්නෙකු මියගොස් සිටියහ. තවත් විසි ගණනක් තුවාල ලබා රෝහල් ගතව සිටියහ.

Sunday, November 24, 2013

මොනවද මේ අලූත් භාෂාව - උපුල් ශාන්ත සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල
”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.

එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.

පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ ‘පට්ට’ යන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.

(ස්වකැමැත්ත + දේවකැමැත්ත + බලහත්කාරය + ළමා අපචාර) ද?

නෑ නෑ බන් , අපිනම් කියන්නේ මේවා කරන්නේ ඒ ලමයින්ගේම හොදට, ඉපදුනු දවසේ ඉදල ආගමකට ලේබල් කරා මදිවට තව මේ වගේ හිරිහැර වෙන්නෙත් උන්ගේම හොදට. නැත්තන් උන් නිවන් දකින්නේ කොහොමද? දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යයට යන්නේ කොහොමද? ලේසි ප්‍රශ්නද අප්පා ඔව්වා ? උන්ට කොහෙද ඒක තේරෙන්නේ.. උන් ඔය කටවල් ඇරගන බෙරිහන් දෙන්නේ එකනේ. උන් අදාළ වයසට ආවම හරි කියල හිතුනොත් විතරක් අපේ ආගම අදහන්න දෙන්න පුලුවන්ද? පොඩි කාලේ ඉදලම උන්ගේ මොළ හෝදලා හරි අපේ ආගම පොවන්න ඕනේ. අපේ ආගමනේ බොල හරි ආගම. උන් මැරිලා අපායේ යයිනේ හරි ආගම ඇදහුවේ නැත්තන්. උන්ට මේවා නොතේරුනාට උඹලට තේරෙනවනේ... නැද්ද මන් අහන්නේ?

Thursday, November 14, 2013

ආදරය විකිනීමට හෝ බදු දීමට දැන් වෙළඳපලේ...

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතා වලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගතහැකි සේවාවක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වෙනවා.

එම වෙබ් අඩවියේ සැරි සැරූ අපට දැකගන්නට හැකි වුයේ පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි බවයි.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කරන්නට පුළුවන. දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකියි.

Tuesday, November 12, 2013

කලාකරුවෙක් තම වෘශණ කෝෂවලට ඇණගසාගනිමින් නිරුවත් විරෝධතාවක

ප්‍රාසාංගික කලාකරු ප්යෝතර් පව්ලෙන්ස්කි රුසියානු සමාජයේ වන දේශපාලනික උදාසීනත්වයට හා දෛවවාදී ස්වභාවයට එරෙහිව විරෝධය පළ කරමින් මොස්කව්හි රතු චතුරශ්‍රයේදී සිය වෘෂණ කෝෂවලට ඇණ ගසා ලනු ලැබුවේය.

සියවස් ගණනාවක් තිස්සේ රතු චතුරශ්‍රය ප්‍රසිද්ධියේ දඩුවම් දීම් හා හමුදා ආචාර පෙළපාලි යනාදියට වෙන්ව තිබුණත් මෙම කලාකරුවා විරෝධය දක්වනු වස් සිය අණ්ඩ කෝෂයන් රතු චතුරශ්‍රයේ වටකුරු ගලකට තබා ඇණ ගසා ගනිමින් කළ වේදනාකාරී රංගය රතු චතුරශ්‍රයට නව මානයක් ගෙන දුන්නේය. ආටෝගේ කුරිරු රංගය එය සැබැවින්ම මිහිමතට ගෙනායේය.

Monday, November 11, 2013

සරසවි වසා පව් සෝදා ගැනීම

පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල වසා තබන බවයි. මෙම පියවර මගින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරන්නේ පාලකයින් ‘චෝගම් මේනියාව’ නමැති සුළි සුළඟට හසුවී තමන් පිළිබඳව වූ තක්සේරුව මෙන්ම තර්කානුකූලව සිතීමට ඇති හැකියාවද මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවයි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප‍්‍රකාශ කළ බවට මාධ්‍යවල වාර්තා කරනු ලැබ තිබුණේ ‘චෝගමයට’ අදාළ විවිධ ක‍්‍රියාකාරකම්වලට සහභාගීවන, සහ ඒ හේතුවෙන් සිය අධ්‍යන කටයුතුවලට බාධාකරගැනීමට අකමැති, විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ගෙන් ලැබුණු විශාල ඉල්ලීම් ප‍්‍රමාණය සලකා බලා මෙම නිවාඩු කාලය ප‍්‍රකාශයට පත්කළ බවයි. තවත් මාධ්‍ය වාර්තාවකින් කියැවුණේ විශ්වවිද්‍යාල සිසුන්ට ‘චෝගමය’ පිළිබඳ ‘අධ්‍යයනය කිරීමට’ හැකිවීම පිණිස මහාචාර්ය හිරිඹුරේගම විසින් මෙම නිවාඩු කාලය ප‍්‍රදානය කර ඇති බවයි.

Sunday, November 10, 2013

විද්‍යාවෙන් අවිද්‍යාවටද?

විද්‍යාව හා විද්‍යාත්මක පර්යේෂණ මානව සමාජයේ පොදු අයිතියකි. මිනිසා මේ දුර ගමන පැමිණ ඇත්තේ, ලෝකය තේරුම් ගනිමින් සොබාදහම තුල සිදුවන අනේකවිධ සිදුවීම්වල හේතුව, අන්තර් සම්බන්ධය හා ඒවා මිනිසාගේ යහපැවැත්ම සඳහා යොදා ගන්නේ කෙසේදැයි සොයාබැලීම වෙනුවෙන් අඛණ්ඩව කරනු ලබන පොදු ජනයාගේ හා පර්යේෂණයන්ගේ නොනවතින උත්සහයන් විසිනි. එහෙත් පවතින ක්‍රමය තුල එම පර්යේෂණයන්ට විද්‍යාත්මක අරමුණක් නොව වෙළඳපොල අරමුණක්දීම ධනවාදයේ ස්වභාවයයි. එම වෙළඳපොළ අරමුණු වෙනුවෙන් පර්යේෂණ වල දත්ත හා සොයාගැනීම් විකෘති කිරීම අද විද්‍යාව මුහුණදී ඇති බරපතළම අර්බුදයයි. පොදු ජනයාද විද්‍යාඥයාද විද්‍යාවේ අයිතිය වෙනුවෙන් සටන් කල යුතු කාලයක් අප ඉදිරිපිට නිර්මාණයවී ඇත.

Friday, November 8, 2013

ෆුල් ෆේස් හෙල්මට් දැමීම මිනිස් හිසට අහිතකරබව අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙලිවේ.

මානව පරිනාමයේ එක්තරා සංධිස්ථානයක් වන විශාලිත කපාලය සහ එතුළ පිහිටි ප්‍රමාණයෙන් විශාල, 1500cc ධාරිතාවක් ඇති මස්තිෂ්කය, පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ ඈස්-චර්යය හේතුවෙන් දිගින් දිගටම කුඩා වෙමින් ගොස් දැන් වෙද්දී නැත්තටම නැතිව ගොස් ඇති බවත්, උණ්ඩුකපුච්ඡය වගේම ඕකත් මේ වනවිට ක්ෂීණ වී ගොස් ඇති අවශිෂ්ට අවයවයක් බවට පත්ව ඇති බවත්, මෙකී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.

ඇතුළේ පරෙස්සම් කරන්නට දෙයක් නැති නිසා ඕක වසාගෙන යාම මහා මුදල් නාස්තියක් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ෆූල් ෆේස්--සමාවන්න, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ පර්යේෂණ කණ්ඩායම නිර්දේශ කර සිටියි.

Thursday, October 17, 2013

දෙවියන්ටත් බැරි වැඩ මෙන්න - ඇස පලාගෙන මොළයට බැස්ස පිහිය සාර්ථකව ඉවත්කෙරේ

 අප අද ජීවත්වෙමින් සිටින්නේ, ඉතිහාසයක් පුරාවට මෙන්ම මේ මොහොතේදීද දෛනිකව මිනිසාට මුහුනදීමට සිදුවතිබෙන සමාජීය ගැටලු අවබෝධකරගත නොහැකිව, ඒවාට විසඳුම් සෙවීමේ මග ලෙස මිත්‍යාව පසුපස හබායෑමට සිදුවතිබෙන සමාජයකය. දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම මෙම විමුක්ති මග තෝරාගැනීමට සිදුව තිබෙන සමාජයට එය එසේ නොවන බව පෙන්වාදීමටද ඔනෑතරම් නිදසුන් මෙම සමාජය තුලම දක්නට ලැබේ. එවන් සමීප නිදසුන් කිහිපයක් පසුගිය කාලයේ ගාල්ල කරාපිටිය ක්ශික්ෂණ රෝහලින් අසන්නට ලැබින.

ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්‌වා ඇනී ගිය පිහියක්‌ ශල්‍යකර්මයක්‌ සිදුකර දැරිය සුවපත් කිරීමට හැකිවූ බව ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.

දැරිවිය තම සහෝදර සහෝදරියන් සමග නිවසේ ක්‍රීඩා කරමින් සිටියදී පිහියක්‌ ද රැගෙන දිවගොස්‌ තිබේ. මෙහිදී පය පැටලී බිම ඇද වැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ. ඒ සමගම දැරියගේ දෙමාපියන් මෙම දැරිය ඉමදුව රෝහලට රැගෙන විත් තිබේ.

Monday, October 7, 2013

ලාංකික පිරිමියාගේ ජීවන දේශපාලනය ( කරන්න සිදුවන හෝ මුහුණ දෙන්න)


පුංචිම කාළෙ - සුභසාධන වාදය :

"කාන්න මයි අම්මා...තව කටක් කන්න...කාලා ඉක්මනට බණ්ඩිය පුලවගෙන පුතු ලොකු වෙන්න එපැයි...කන්න පුතේ..."

ඊට ටිකක් ලොකු වෙන කොට - ජාති වාදය :

" මෙහෙ දෙනවා ඕක...ඔය බැට් එක මගේ....අම්මේ මෙන්න මල්ලි මගේ බැට් එක ගත්තා.....ගහනව දත් කැඩෙන්න මගෙ බැට් එක දුන් නැත්තං... අම්මේ අයියට බැට් එකක් අරන් දුන්න නම්, මටත් එකක් ඕන..."

Thursday, October 3, 2013

සරසවි මහාචාර්යවරියක් සහ සිසු සිසුවියන් නිරුවත් විරෝධතාවයක

දකුණුදිග හංගේරියාවේ විශ්වවිද්‍යාලයක සිසුන් සහ සිසුවියන් ඔවුන්ගේ කථන පුහුණු මහාචාර්යවරිය සමග නිරුවතින් අධ්‍යන කටයුතු සිදුකරමින් විරෝධතාවක් පවත්වා තිබේ.

ඇඳුම් පැළඳුම් පිළිබඳව විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා විසින් පැණවූ නව නියෝගයකට විරෝධය පෑම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.

කැපොස්වාර් විශ්වවිද්‍යාලයේ කලා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් 10ක් පමණ නිරුවතින් සහ යට ඇඳුම් පමණක් හැඳ සිටිමින් මේ සඳහා සහභාගී වී තිබේ.

Wednesday, October 2, 2013

ලෝක ළමා දිනයට පසුවදනක්

ලෝක ළමා දිනය කියා අමුතු මෙව්වා එකක් නැත... ඒක ව්‍යාපාරික ලොවේ ප්‍රෝඪාවකි...

හදිසියේ වත් එහෙම එකක් තිබ්බා යැයි සිතුවත්,

අපේ රටේ ළමයින්ට නම් එහෙම එකක් ලොවෙත් නැත... අපේ රටේ ළමයින් බාරගෙන ඇත්තේ,

දරුවන්ගේ අනාගත පරම්පරාවල් පවා උගසට තබා ලබන මුදලින් සමර කෙළින නායකයන්ය...

ටයිටස් තොටවත්ත නම් යුග පුරුෂයාගේ නික්ම යෑමෙන් පසුව මාධ්‍යයෙහි සහ කළාවෙහි ළමා නිර්මාණ කරන්න බාර අරගෙන ඉන්නෙ, සිප්පි කට්ටක තරමේ නිර්මාණශීලිත්වයක් නැති, ළමයින්ගේ රෙදි ගලවා පෙන්වීමෙන් ආශ්වාදයක් ලබන බාළාපචාර කාරයන්ය...

Monday, September 30, 2013

දළඹුවෝ සහ මිනිස්සු




මිනිස්සුදිහා පැත්තකට වෙලා බලන් ඉද්දි මට වෙලාවකට මෙහෙම හිතෙනවා

මිනිස්සුත් හරියට දළඹුවො වගෙ

දළඹුවා ගස්වල කොළ කාලා කාලා ටික ටික ලොකු වෙද්දි

ඌ පටන් ගන්නවා උගේ වටේ කෝෂයක් හදාගන්න

ඌ ඒ කෝෂයෙන් තමන්ට වෙනම ඝණකමක් හදාගන්නවා

තමන් විතරයි කියලා හිතන්ඩ පටන් ගන්නවා

ඒ කෝෂය දළඹුවා ලෝකෙන්ම වෙන් කරනවා

මිනිස්සුත් පොඩි ළමයි වෙලා ඉඳලා ලොකුමිනිස්සු වෙද්දි

එක්කො තමුන්ගෙ දැනුම

නැත්නම් සල්ලි

වලින් සමාජ තත්ත්වය කියන කෝෂයක් හදාගන්නවා

පස්සෙ ඒ කොෂෙ ඇතුළෙ වෙනම එකෙක් කියලා හිතාගෙන ජීවත් වෙන්ඩ ගන්නවා

දළඹුවා මිනිස්සුන්ට වඩා දියුණුයි

ඌ දවසක කෝෂය බිඳගෙන එළියට ඇවිත්

සමනළයෙක් වෙනවා

ඒ කරලා නිදහසේ පියඹනවා

ඒත් මිනිස්සු ?

කවදා සමනල්ලු වෙයිද........?

Saturday, September 28, 2013

ආගම, දේශපාලනය හා ජනතාව...

100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ...

මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්‍රට් පාස්"කියලා සෙල්ලමක් කරනවා... ?.. ටීචර් ඉස්කෝලෙ පන්තියෙ ඉස්සරහ පේළි දෙකේ කොන් දෙකේ ඉන්න දරුවො දෙන්නව ළඟට ගෙන්නලා ඒ දෙන්නට වාක්‍යයක් දෙනවා රහසෙන්.. ඒ දෙන්න දුවගෙන ගිහින් ඒ පේළි දෙකේ ඊළඟට ඉන්න දරුවන්ට කියන්න ඕන ඕක.. ඒ අය ඊ ළඟට ඉන්න අයට, ඒ අය ඊටත් ඊළඟට ඉන්න අයට... ඔහොම ඔහොම රහස පේළියෙන් පේළියට කටින් කණට, කටින් කණට යනවා... ගිහින්, පේළි සියල්ලගේම අන්තිමටම ඉන්න දරුවො දෙන්නා නැගිටලා දුවගෙන ඇවිත් ටීචර්ට කියනවා තමන්ට ඇහුනෙ මොකක්ද කියලා.. මතකද මේ සෙල්ලම?...

අපි ඉවරයි......!

මේ! අහපල්ලා! එන පොට හරිම හරි නෑ. අන්න උතුරේ දෙමෙල්ලු රටටම කෙළවෙන මගෝඩියක් පටන් ගන්න යනවලු.

මේ පාර උතුරු පලාත් අමාත්‍යවරුන්ට තෝරාගන්නේ ඒ ඒ ක්ෂේත්‍ර වල වෘත්තීය සුදුසුකම් තියන කට්ටිය විතරලු! පලාත් සෞඛ්‍ය ඇමති වෙන්න යන්නේ වෛද්‍යවරයෙක්ලු. පලාත් අධ්‍යාපන ඇමති වෙන්න යන්නේ උතුරේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂක කෙනෙක්ලු. තව මන්නාරමෙන් තේරුණ එකෙක් ඉංජිනේරුවෙක් ලු...

Wednesday, September 25, 2013

Who are you?

මම විද්‍යාර්ථියෙක්... but මම දැනුම ගවේෂණය කරන්න නම් ඒ හැටි කැමැත්තක් නෑ! දෙන notes 1 හොදට කට පාඩම් කරල , දෙන ස්වරය ඒ විදිහටම කියලා, දෙන පදය ඒ විදිහටම නටලා, දෙන cours works ඔක්කොම ඒ විදිහටම ඇදලා, කියන කියන හැම act 1 ම පුළුවන් තරම් හොදට රගපාලා, දෙන පදය ඒ විදිහටම ගහලා ජීවිතේ දිනන්න ඉන්න කෙනක්! මේ අවුරුදු 4 පුරාවට පැක් කර ගන්නා package 1, ජීවිත කාලේ පුරාවටම ආයෝජනය කරනවා. ඊට පස්සෙ ඒකෙන් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව...... ඊට වඩා දෙයක් මේ ජීවිතෙන් කරන්න නම් මට අදහසක් නෑ!

අපේ රටේ නම් හැමදාම එක එක ආතල් set වෙනවා... ඔව්, වැලිවේරියේ රතු පස් වල කේස් එකේදි මිනිස්සු තුන් හතර දෙනෙක්ම මැරුනා.. කොහොමත් ඉතින් අපේ රටේ 1 දවසකට මිනීමැරුම් 5ක් විතර අනිවා set වෙනවාමයි... ඒ විතරක්යෑ ලෝකෙම 1 දවසකට මිනිස්සු 25000 ක් බඩගින්න නිසාම මැරිලා යන්නේ.... අපෙ අම්මේ මම මොනවා....... කරන්නද ඕවට ?????????

Tuesday, September 24, 2013

සටන් බිම කා වෙනුවෙන්ද?....

“මුණ කට හෝදගෙන බත් ඩිංගක් කාපං. මට සැනසිල්ලේ ඉන්න දීපං පුතේ. මට ලෝකේ හදන්න ඕනේ නෑ. ලෝකේ හදන්න ගිහින් උබල නැති නාස්ති වෙන්න ඕනෙත් නෑ. බලපන් තැන් තැන් වල මිනිස්සු මරනවා. හැම තැනම පෝස්ටර් ගහලා. මහා වින්නාහියක් වෙන්න හදන්නේ. රස්සාවක් හම්බවෙනකල් උඹට කන්න අදින්න දෙන්න මට පුළුවන්. ගෙදරට වෙලා හිටපන් මගේ පුතේ.”
-සංගිලි පාලම-
උපුල් ශාන්ත සන්නස්ගල

මේ මෙරට එක්තර කාල වකවානුවක් පිළිබඳ ලියවුනු කතන්දරයකින් උපුටා ගත කොටසකි. එදා මිනිසුන් මහ මඟ මරා දමන බව ජීවත් වූ බොහෝ දෙනා දැන සිටියහ. මරන්නේ කවුද/ මැරුවේ කවුද යන්නද බොහෝ දෙනෙකු අනුමාන කළහ. එය ඇතැම් විට වැරදි වුවද එදා කවුරුන් හෝ එළිපිට මීනි මැරූ බව නොරහසකි. අද ද මිනිසුන් මරා දැමේ, අතුරුදහන් වේ, තමන් මේ ගෙන යන්නේ කීවෙනි බිල්ලද කියා සුදු වෑන් කාරයාටවත් මතකයේ නැතිබව සැබෑවකි. වෙනසකට ඇත්තේ එදා මෙන් අද අම්මලාට තාත්තලට අතුරුදහන් පුතුගේ බෙල්ල අහිමි කඳ නොලැබීමය. මහා වින්නැහියක් ආරම්භ වී ඇති බව නොපෙනීමය. පෙනුනාද නොපෙනුනාසේ හිදීය යුතු න්‍යාය කියාදුන් තම දුව පුතා තමන්ට වන අසාධාරනයටවත් හඩක් නොනැගීම ගැන “අපේ දුව පුතා ඕවට යන්නේ නෑ” කියමින් සන්තෝස වීමය. 

Friday, September 20, 2013

අලුත් ආගමක්?

කලකට පසු රූපවාහිනිය (=TV එක. පචනාහිනී නාලිකාව නොවේ) නැරඹීමට සිතුනි. ආශ්චර්යයෙකි! ලස්සන ලස්සන adය. බලන් ඉන්නට ආසා හිතේ. ලස්සන ලස්සන ගෑල්ලමයි සිටිති. ඔවුන් අප ගැන ආදරයෙන් අපට කන්නට කියන අහර වල රස ගුණ ගැන ඇසීම සර්වාංගයම කිලිපොලා යයි. අර නාලිකාවේ තාච්චි දිලිසෙන්නටම මැදීමට හැකි සබන්ය. සබන් කැට ඇතුලේ පෙන්ඩන්ට් ය. මේ නාලිකාවේ චන්ඩි බන්ඩියට යෝගට් විකුණන අවුරුදු දහ අටේ අම්මලාය. "මමත් අම්මකෙනෙක්, අපි ඔක්කොම ඉන්නවා වගකියන්න" යයි කියන විධායක නිලධාරී අම්මලාය. (මෙම වෙළඳ දැන්වීම් වල, ළමයාට අවුරුදු අටක් පමණ වන විට අම්මාට දහ අටක් පමණ වන්නේත් තාත්තාට අවුරුදු විසි එකක් පමණ වන්නේත් කෙසේදැයි මම අහස පොළව ගැටලා නිතර කල්පනා කරන ගැටලුවකි.) ඔය අතරේ මා නිතරම දු‍ටු පාඨයක් වූයේ, "අනුකරණ වලට නො‍රැවටෙන්න" යන්නයි. අනුකරණ? ඔවු. මෙම ලිපිය අනුකරණ ගැන මිස ඔබ සිතා සිටි පරිදි වෙළඳ දැන්වීම් ගැන නොවේ.

ඇත්තටම මහත්මා ගාන්ධි වීරයෙක්ද?

mahathma gandi
mahathma gandi
කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් ‍යනවා.

Saturday, September 14, 2013

මහාවංශය හොල්මන් කිරීම...!!!!

‘එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය’ =අමාර්ත්‍යා සෙන් – ‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්

ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන් ලෝකය රඟපාන භූමිකාව ඉතා තීරණාත්මක ය.

ඉන්දු=ආර්ය කුමාරිකාවක් සිංහයෙකු සමග පැන යාමෙන් ජාතක වූ ජාතියකට තමන් අයත් වෙතැ යි සිංහල පාසල් ළමුන්ට උගන්වනු ලැබේ. ළමුන් මෙය ඉගෙනගන්නේ,කතන්දර පාඩමක් වශයෙන් නොව, ඉතිහාස පාඩමක් වශයෙනි.

වෙඩි නොතබන සමාජයක හමුදාව...

ආරක්ෂක හමුදාව, පොලීසිය වැනි ආයතන පවතින්නේ කාගේ ආරක්ෂාව වෙනුවෙන්ද? එම ආයතන ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සැදීපැහැදී සිටින්නේද? නැත්නම් පාලකයින් සහ පාලක පංතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්මානය කර තිබේද?

ප‍්‍රාථමික සාමූහික සමාජයෙන් පසුව බිහි වූ වහල් සමාජයේ සිට දැන් තිබෙන ධනේෂ්වර සමාජය දක්වා සියලූම සමාජ පංති සමාජයන්ය.මෙම පංති වශයෙන් බෙදුනු සමාජය තුල පංතීන් අතර ගැටුමක් පවතින බැවින් පාලක පංතිය ආරක්ෂාකිරීමේ උපකරණය ලෙස ආරක්ෂක හමුදා බිහිවිය. එසේ නම් පංති සමාජය අහෝසිකරන කොමියුනිස්ට් ක‍්‍රමයක් බිහිවන තෙක් පාලක පංතියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවන් පවතින අතර එය පංති සමාජයක් වන සමාජවාදී ක‍්‍රමයටද පොදුය.

Friday, September 13, 2013

කෘතිම සජීවී මොළයක් විද්‍යාගාරයක් තුලදී සාර්ථකව නිපදවයි

පසුගියදිනක ඕස්ට්‍රියාවේ වියින්නාහි (Vienna) විද්‍යායතනයක (Institute of Molecular Biotechnology of the Austrian Academy of Sciences) විද්‍යඤයින් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම සජීවී ත්‍රිමාණ මිනිස් මොළයක් සාර්ථකව නිපදවා තිබේ. මෙය නිපදවීම සඳහා මිනිස් සමෙහි සහ කලළ වල සජීවී සෛල කොටස් යොදාගෙන ඇති අතර, මිනිස් මොළයක පවතින සියලුම මූලික කොටස් සාර්ථකව වර්ධනයවීඇත.

මෙම නව සොයාගැනීම ලොව විවිධ පාර්ෂවයන් අතර මහත් ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙමින් පැවතියද, මිනිසාට වැලදෙන සුවකිරීමට ඉතා අපහසු මානසික රෝග ඇතුලු වෙනස් ස්නායු ආබාධවලට (microcephaly, autism, schizophrenia etc...) ප්‍රතිකාර කරන නව ක්‍රම වෙත යොමුවීමේ අවස්තාව මෙමගින් උදාවී ඇතැයි එම විද්‍යාඤයින් කණ්ඩායම පවසයි.

Wednesday, September 11, 2013

ලංකාවේ පිරිමින්ගෙන් සියයට 14.5 ක් ස්ත්‍රී දූෂකයෝ

ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි.ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො තිබුණු බවයි.

Tuesday, September 10, 2013

ආගමික පොලීසියක් එපා...!

ප්‍රධාන ආගම්වල මූලික ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් අවමානයට ලක්කිරීමේ ක්‍රියා වලකාලීමේ අරමුණින් පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුව සැරසෙයි. ඉතාම හදිස්සියේ සම්මත කරගැනීමට යන මෙම පනතේ අරමුණූ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වන යාන්ත්‍රණයක් "බෞද්ධ ප්‍රකාශන පාලනය කිරීමේ මණ්ඩලය" නමින් ඇතිකිරීමට ද යෝජිතය. 

විසඳාලීමට දහසකුත් එකක් අත්‍යවශ්‍ය හා දැවෙන ප්‍රශ්න පවත්නා රටක කඩිමුඩියේම මෙවන් පනතක් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය කුමක්ද?

මෑතකදී මතුවී ඇති, නැතහොත් මතුකරවාගෙන ඇති භයානක ප්‍රවණතාවය වී ඇත්තේ බුද්ධාගමේ නාමයෙන් පෙනීසිටින අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් අනෙකුත් සුළුතර ආගම්වලට විශේෂයෙන්ම මුස්ලිම් හා කතෝලික ආගම් ඉලක්ක කරගෙන මුදාහරිනු ලබන ප්‍රචණ්ඩත්වයයි. වාර්ගික යුද්ධයක් හේතුවෙන් අතිමහත් විනාශයකට මුහුණදුන් රටක ආණ්ඩුවක් විසින් කල යුතුව ඇ

Monday, September 9, 2013

අද කාලයේ මත්වීමට ඇති අයිතිය

මතට තිත ලංකාවෙ රජයෙප්‍රධාන සහ එකම ප්‍රතිපත්තියවෙලා තියෙද්දි පුරවැසියෙක්හැටියට මට මත්වීම ගැනකියන්න වෙනස් කතාවක්ඉතුරු වෙලා. ඒක කීදෙනෙකුට වැඩක් ඇතිකතාවක්ද කියල මං දන්නෙනෑ. ඒත් ඒක කවදා හරි හුගක්වැදගත් කතාවක් වේවි.

මත්වීම ගැන ඕනම රජයකට තියෙන අවුල ප්‍රධාන වශයෙන් බදු එක්ක සම්බන්ධයි.කසිප්පු, කංසා වගේ දේවල් තහනං කරන්නයි අරක්කු නීත්‍යානුකූල වෙන්නෙයි මේකාරණය හින්ද මිසක් සෞඛ්‍ය කාරණාවක් හින්ද නෙමෙයි. රජයක් කියන්නෙsystem එකක්. එහෙම system එකක් පවත්වාගෙන යන්න නං ඕන වෙන්නෙලේසියෙන් පාලනය කරන්න පුළුවන් ජනතාව කියන රොත්තක්. තනි තනිපුරවැසියො හරි, හිතන්න පුළුවන් මිනිස්සු හරි ඉන්න එක ආණ්ඩුවකට වැඬේ අමාරුකරනවා. system එක අවුල් කරනවා. මත්වීම කියන්නෙ පුද්ගල උවමනාවක්. ඒකවෙන ගොඩක් දේවල් වගේ සාමූහික උවමනාවක් නෙමෙයි. ඇත්ත පුද්ගල උවමනාහරි බයානකයි රජයකට. මොකද ඒවා හැමතිස්සෙම ඔබ තනි පුද්ගලයෙක් නැත්නම්ජීවිතයක් වග ඔබට මතක් කරනවා. එතකොට ඔබ ජනතාව කියන රොත්තෙන්එළියට එනවා. ආණ්ඩුවට sex තහනම් කරන්නෙත් මේ අවුල ලිහා ගන්න.

හැම තැනම මරු වැල්ය...

 චින්තක ගිතදෙව | chinthaka geethadeewa
 චින්තක ගිතදෙව
කලාව යනු දැවැන්ත සන්නිවේදන කාර්යක් කිරීමට සමත් මාධ්‍යකි. .කලාව තුලින් මනස සමාධි ගත කරනවාක් මෙන්ම සමාජය දෙස පුළුල් බැල්මක් හෙලීමටද සමත් අපුරු හැකියාවක්ද ඇත. කලාව කලාව සඳහා බව කීවද , එය තුලින් ඉටු විය යුත්තේ ජනතාවාදී මෙහෙවරකි. මිනිස් සිත ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ඒමට කළා කෘති තරම් ප්‍රබල මෙවලමක් මිහිපිට නැත.

Saturday, September 7, 2013

දෑවැද්දට විරෝධය පළ කරමින් කාන්තාවක් යට ඇඳුම පිටින් වීදිබසී

Puja
ගුජරාටයේ රාඡ්කොට්‌ නගරයේ වෙසෙන පූජා චෞහාන් 22 හැවිරිදි ඉන්දීය කාන්තාවකි. එක්‌දරු මවක්‌ වන ඇය පසුගියදා මහ මග සිය යට ඇඳුම් පිටින් බේස්‌ බෝල් පිත්තක්‌ද රැගෙන ගමන් කරනු දුටු නගරවාසීහු පුදුම වූහ. ඇත්තෙන්ම ඇය යට ඇඳුම පිටින් ගමන් කළේ පොලිසිය වෙතය. 

දෑවැද්දට විරෝධය පළ කරමින් යට ඇඳුමින් පොලිසියට ගිය ඇය තම ස්‌වාමියාද ඇගේ ඥාතීන්ද දෑවැද්ද ඉල්ලා කරන හිරිහැර පොලිසියට දැන්වූවාය. පොලිසිය වහාම ක්‍රියාත්මකවී ඇගේ ස්‌වාමි පුරුෂයා වන සින් චෞහාන් ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. දෑවැද්ද නිසා සෑම පැයකදීම ඉන්දීය කාන්තාවක්‌ ඝාතනය වේ.

Thursday, September 5, 2013

ප‍්‍රභාකරන්ගේ අම්මා












ප‍්‍රභාකරන්ගේ අම්මා
අපේද අම්මාය.
අප දේශපේ‍්‍රමීන් වූයේ
අම්මේ නුඹේ පුතු නිසාය.
අපි හොඳ මිනිසුන් වූයේ
නූඹේ නරක පුතු නිසාය.
ඒ නිසාවෙන් අම්මේ නුඹ
අපේද අම්මාය.

තමන් කවුදැයි නොදැන
ඉබාගාතේ ඇවිද ගිය අපට
සිංහලයෙක්, දේශපේ‍්‍රමියෙක්
බෞද්ධයෙක් ලෙස
පුනර්ජීවනයක් ලැබුනේ
නුඹේ පුතු නිසාය.
ඒ නිසා නුඹ අපේද අම්මාය.

යාගය වැරදී යකැදුරා වලේ මැරේ

මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කරන අයෙක් ලෙස ප‍්‍රචලිතව සිටි අයෙක් මැක්සි කස්ත්‍රෝ නමැති අයෙක් ආතුරයෙක්ට ආරූඪ වී තිබූ දිෂ්ටියක් ශරීරයෙන් ඉවත් කිරීමට පොළොවේ වළක් හාරා ඒ තුළ යාගයක් කරමින් සිටියදී මිය ගොස් තිබේ.

අද අලූයම මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පදිංචි 32 හැවිරිදි විවාහක දෙදරු පියෙක් වන ඔහු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඉංග‍්‍රීසි ගුරුවරයකුත් ධනාත්මක චින්තන උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කළ අයෙක් බව සඳහන්ය.

Tuesday, September 3, 2013

අමාත්‍යය මර්වින් ආචාර්ය තුමා බුදු සිරිත රිමික්ස් කලේ මෙහෙමයි

Min. Murvin Silva
2013 අගෝස්තු 04 ඉරිදා දිවයින පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ආචාර්යතුමා බෞද්ධ සාහිත්‍යයේ එන අවස්ථා කිහිපයක් remix කර දේශනා කර තිබීම දැක අපි පහන් සංවේගයට පත් වීමු. මෙන්න ඒ කතා පුවත එතුමාගේ වචනවලින්...

උපුටා ගැනීම -

“ප්‍රශ්නය - මාලකට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව, ඔහු විදේශ ගත වෙන බවට කතා පැතිර යනවා. ඒක ඇත්තක්‌ද?...

Friday, August 30, 2013

T-56 සහ තබ්ලාව | මිලිටරි රියැලිටි සංකල්පය

ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කෙරෙන රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය දිනෙක සජීවීව විකාශය කරන ලදී. එහි ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රාජපක්ෂ සහ එම ආර්යාව සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වී සිටියහ. විනිශ්චය මන්ඩලයේ වාඩි වී සිටියේ යශෝදා විමලර්ධම, එඩ්වරඩ් ජයකොඩි හා ජැක්සන් ඇන්තනී යන තිදෙනාය. තරග වදින සොල්දාදුවන් ගීතය ගයා අවසන් වූ විට ඒ ගැන අදහස් දැක්විම මේ විනිසුරන්ට භාර වී තිබුනි. සිය සෑම අදහස් දැක්වීමක්ම පාහේ ජැක්සන් ඇන්තනී ආරම්භ කරන ලද්දේ "මිලිටරි රියැලිටි" සංකල්පය ලෝකයට පලමුවෙන් හදුන්වා දුන් "අතිගරු ජනාධිපතිතුමන්ට" සහ " ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට" ස්වකීය උපහාරය පුද කරමින්ය.

Thursday, August 29, 2013

බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගැනීම, ජනමාධ්‍ය සහ ආත්ම පූජාව

1993 දී කෙවින් කාටර් [Kevin Carter] නම් දකුණු අප්‍රිකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට වාර්තා කිරීමයි. අයෝද් නම් ගමක එක්සත් ජාතීන්ගේ ආහාර මධ්‍යස්ථානය ජායාරූප නැගීමට ගිය කෙවින් කාටර් ඊට නුදුරෙහි කෑමට යමක් සොයමින් මධ්‍යස්ථානය වෙත එන එනමුත් ඇවිද ගැනීමට තරම් ශක්තියක් නැතිව සිටින ළදැරියක දුටුවේ ය. ඔහු මවිතයට පත් වූ කාරණය වූයේ ළදැරිය ඩැහැ ගැනීමට එන ගිජු ලිහිණියකු ඇය කරා ළගා වෙමින් සිටීමය.

Monday, August 26, 2013

දන්නෙත් නැති, නැත්තෙත් නැති Facebook

ඔයාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද?
ඔයාට Friends ලා කී දෙනෙක් ඉන්නවද?

Facebook and Life
මේ ප‍්‍රශ්න දෙකට තියෙන්නේ උත්තර දෙකක් නේද? පුංචිම කාලේ ‘යහළුවෝ’ කියන වචනයේ ඉංග‍්‍රීසි වචනය විදියට තමයි ‘Friend’ හැඳින්වුනේ. දැන් අපිට එහෙම නෑ. ‘Friend’ කියන වචනයට වෙනම අනන්‍යතාවක් හැදිලා තියෙන්නේ. යාළුවෝ ගාණ එක වචනයෙන් කියන්න අමාරුයි. ඒ, ‘යහළුවෙක්’ කියන්නේ කවුද කියලා එච්චර පහසුවෙන් අර්ථ දක්වන්න බැරි නිසා. ‘යහළුවන්’ සහ ‘යහළුවන් නොවන අය’ වෙන් කරන බෙදුම් ඉරක් සොයා ගන්න එක ඒ තරම්ම අසීරු නිසා. දහස් සංඛ්‍යාත මිනිසුන් ප‍්‍රමාණයක් දවස ගානේ අභිමුඛ වෙන අපිට තවත් පුද්ගලයෙක් යහළුවෙක් බවට පත්වෙන්නේ කොහොමද? ජීවිතේ ගොඩාක් දේවල් බෙදාගෙන, ගොඩාක් ප‍්‍රශ්න වලට එකට මුහුණ දීලා කාලයක් ගතවුනාම තමයි යාළුවෙක් කියලා කට පුරා කියන්න පුළුවන් පිරිමියෙක් - ගැහැණියක් අපිට ලැබෙන්නේ. ඒත් Facebook හරහා computer එකේ mouse එක කිහිප පාරක් click කළාම අපිට Friend කෙනෙක් ලැබෙනවා. කොච්චර පුදුම සහගතයිද? තාක්ෂණයේ සිදු වෙන මේ වගේ නව නිර්මාණ හරහා අපිට ගැටෙන පරාසය වැඩිවීම බොහොම සාධනීය දෙයක්. ඒත් මේ දේවල් වල දෙපැත්තක් තියෙනවා.

Sunday, August 25, 2013

හම්බයින් එලවා ජලගැටලුව විසඳූ රාවණා පුරාවෘතය

King Ravana
King Ravana
රාවණා රජතුමාට "හම්" කම්හලක් තිබුණි. එහි සේවය කළේ හම්බයින් ය. හම්බයා යනු "හම් බඩු යාන්ත්‍රිකයින්" බව අරිසේනියානු පද නිරුක්තියෙන් පැහැදිළි වෙයි. [හම්=හම්, බ=බඩු, යා=යාන්ත්‍රිකයා]

සතුන්ගේ හම් ලබා ගැනීමට අකමැති වූ රාවණා රජතුමා එම කම්හලේ "දර්ශනීය ලෙලි" හෙවත් ලෙදර් හැදුවේ විස්මිත හෙළ තාක්ෂණය යොදා ගනිමින් රබර් වලිනි. [ලෙදර් යනුත් හෙළ වචනයකි; ලෙ=ලෙලි, දර්=දර්ශනීය] 

රබර් වලින් ලෙදර් හැදීමේ හෙළ තාක්ෂණය වනාහී, ඇල්වතුරට කෙමිකල් දැමීම හෙවත් "ඇල්කෙමි" තාක්ෂණයයි. [ඇල්=ඇල්වතුරට, කෙමි=කෙමිකල් දැමීම] 

Friday, August 23, 2013

ගුප්ත ඇදහීම් විරෝධියෙකුට වෙඩි

ගුප්ත බලවේග ඇදහීමට විරුද්ධව කටයුතු කළ ඉන්දීය ක්‍රියාධරයකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. හැත්තෑ එක් හැවිරිදි නෙරෙන්ද්‍රා දභෝල්කා පුනේ නුවර දී මෙසේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනයට ලක්වී ඇත්තේ, ව්‍යායාම සඳහා උදෑසන ඇවිදිමින් සිටිය දිය.

ප්‍රාතිහාර්ය පාමින් භුතවේදයේ යෙදී සිටින ප්‍රවීන ඉන්දීය මන්ත්‍රාචාර්යවරුන්ට සහ අධ්‍යාත්මික නායකයන්ට ද අභියෝග කළ නෙරෙන්ද්‍රා දභෝල්කා බිලිපුජා සඳහා සතුන් යොදා ගන්නා ආගමික වතාවත් වලට ද සංවිධානාත්මකව විරෝධය පා ඇත.ගුප්ත ඇදහීම් වල නිරත වන ඉන්දීය ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ක්‍රියාකාරී වී සිටි ඔහු එවැනි ඇදහීම් වලට එරෙහිව නීතියක් සම්මත කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියේය.

Wednesday, August 14, 2013

සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද? | Ginisiluwa

සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද? | Ginisiluwa: සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද?

Monday, January 7, 2013

Once upon a time in Mumbai (2010)

 එකමත් එක කාලයක මුම්බායි හි සිදුවූ සිදුවීමක් පාදක කොට නිර්මාණය වූ චිත‍්‍රපට අත්දැකීමක් වන once upon a time in Mumbai  පිළිබ සටහනක් තැබීමට අප කල්පනා කලේ එහි කියවෙන කතාව හරහා වත්මන් මොහොත තුළ ලංකාවේ සිදුවන සමගාමී සිදුවීම් පිළිබ යම් සංවාදයක් ගොඩනගාගැනීමේ අදහසිනි. 

මෙහි කතාව ගොඩනැගෙන්නේ Sulthan Mirza  නම් ව්‍යාපාරිකයෙක් වටාය. ඔහු ඉන්දියාවට නිදහස ලබා අවුරුදු කිහිපයකට පසු මෙලොව එළිය දුටුවෙකි. දෙමාපිය සරණක් නොමැති අසරණයෙකි. නැවක ළමා මෙහෙකරුවෙකු ලෙස පේස 25ක පමණ ඉතාම අඩු පඩියකට රැකියාකරන මේ නොදරුවා නොබෝ කලකින්ම මංකොල්ලකරුවන්ගේ ප‍්‍රමුඛ ගෝලබාලයෙකු බවට පත් වී අවසන මුම්බායි නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරිකයෙකු බවට පත්වේ. ඔහු සිය නායකත්වයෙන් Mafia සංවිධානයක් ගොඩනගයි. නමුත් මොහු මෙහි දැක්වෙන ආකාරයට සරදියෙල් පන්නයේ පුද්ගල ස්වභාවක් සහිත අයෙකි. දුප්පතුන්ට උදව් කරන අයෙකි සොරකමේ දීද යම් යම් ප‍්‍රතිපත්තීන් රකින්නෙකි.