Saturday, September 28, 2013

අපි ඉවරයි......!

මේ! අහපල්ලා! එන පොට හරිම හරි නෑ. අන්න උතුරේ දෙමෙල්ලු රටටම කෙළවෙන මගෝඩියක් පටන් ගන්න යනවලු.

මේ පාර උතුරු පලාත් අමාත්‍යවරුන්ට තෝරාගන්නේ ඒ ඒ ක්ෂේත්‍ර වල වෘත්තීය සුදුසුකම් තියන කට්ටිය විතරලු! පලාත් සෞඛ්‍ය ඇමති වෙන්න යන්නේ වෛද්‍යවරයෙක්ලු. පලාත් අධ්‍යාපන ඇමති වෙන්න යන්නේ උතුරේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂක කෙනෙක්ලු. තව මන්නාරමෙන් තේරුණ එකෙක් ඉංජිනේරුවෙක් ලු...

නොදකින් මේ කාලකන්නි. මුං හදන්නේ රටේ අනික් පැති වල දේශපාලනේට හේත්තු වෙච්ච පරිපාලනය ටික ටික කෙළවෙන ගමන් හිමිං සීරුවේ මුංගේ අත්‍යාවශ්‍ය සේවා දියුණු කරගන්න නේද? ටිකක් හිතල බලපල්ලකො රටේ අනික් තැන් වලත් ඔහොම නාඩගන් පටං ගත්තොත් කුඩු කසිප්පු මුදලාලිලා කී දෙනෙකුට තමන්ගේ අහින්සක දරු පවුල් නඩත්තු කරගන්න බැරි වෙයිද? කොඩියක් වනල, ඡන්ද පෙට්ටියක් උස්සල රස්සා ගත්ත කී දාහක් රත්තරං මිනිස්සු දොට්ට වැටෙයිද? නිදහස් අධ්‍යාපනේ, සෞඛ්‍ය වගේ දේවල් දියුණු වුනොත් අර ටියුෂන් පන්ති, ප්‍රයිවට නර්සින් හෝම් වලින් හම්බු කරන කී දාහක් කරුණාබර මිනිස්සු පාරට වැටෙයිද? දෙමලා හැමදාම හදන්නේ අපිට කෙලවන්න!

මේවා වෙනවා කොහොමද යකෝ අපි බලාන ඉන්නේ? අපේ ඉවසීම සමඟ සෙල්ලම් කරා ඇති! හෙට වරෙවු උඹල සේරම වැල්ලවත්තේ තියන දෙමල කඩ ටික ගිනි තියන්න! දෙමෙලෙක් දෙන්නෙක් මරපු දාට තමා උන් පාඩමක් ඉගෙන ගන්නේ. ඔන්න කීවා. ඔක්කොම වරෙව්.
-වැද්දා

from- ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka

0 comments :

Post a Comment