Thursday, September 5, 2013

යාගය වැරදී යකැදුරා වලේ මැරේ

මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කරන අයෙක් ලෙස ප‍්‍රචලිතව සිටි අයෙක් මැක්සි කස්ත්‍රෝ නමැති අයෙක් ආතුරයෙක්ට ආරූඪ වී තිබූ දිෂ්ටියක් ශරීරයෙන් ඉවත් කිරීමට පොළොවේ වළක් හාරා ඒ තුළ යාගයක් කරමින් සිටියදී මිය ගොස් තිබේ.

අද අලූයම මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පදිංචි 32 හැවිරිදි විවාහක දෙදරු පියෙක් වන ඔහු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඉංග‍්‍රීසි ගුරුවරයකුත් ධනාත්මක චින්තන උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කළ අයෙක් බව සඳහන්ය.


ශාන්තිකර්මය කරමින් වළ තුලට බැස ඇති ඔහු වල වසාගෙන පැය දෙක හමාරකට පසු වළ ඇතුලෙන් කඩුවක තුඩක් උඩට ආ විට පස් ඉවත් කරන ලෙස උපදෙස් දී ඇත.

ඔහු කී පරිදි කඩුව පැය තුනකට පසුවත් උඩට නොපැමිනි නිසා ගෙහිමියන් වළ හාරා ඇත. එහිදී සිහි නැතිව සිටි මැක්ෂීම් කස්ත්‍රෝ රෝහලට ගෙන ගිය පසු ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

1 comments :

Anonymous said...

Samaharavita mewage sathya bahwayak thiyennath puluhan namuth mewage weda karanakota sihibuddiyen wedakaraanam aparaade vatina jeevithayak beeraganna thibuna...!!!!ء��������������

Post a Comment