Friday, November 8, 2013

ෆුල් ෆේස් හෙල්මට් දැමීම මිනිස් හිසට අහිතකරබව අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙලිවේ.

මානව පරිනාමයේ එක්තරා සංධිස්ථානයක් වන විශාලිත කපාලය සහ එතුළ පිහිටි ප්‍රමාණයෙන් විශාල, 1500cc ධාරිතාවක් ඇති මස්තිෂ්කය, පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ ඈස්-චර්යය හේතුවෙන් දිගින් දිගටම කුඩා වෙමින් ගොස් දැන් වෙද්දී නැත්තටම නැතිව ගොස් ඇති බවත්, උණ්ඩුකපුච්ඡය වගේම ඕකත් මේ වනවිට ක්ෂීණ වී ගොස් ඇති අවශිෂ්ට අවයවයක් බවට පත්ව ඇති බවත්, මෙකී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.

ඇතුළේ පරෙස්සම් කරන්නට දෙයක් නැති නිසා ඕක වසාගෙන යාම මහා මුදල් නාස්තියක් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ෆූල් ෆේස්--සමාවන්න, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ පර්යේෂණ කණ්ඩායම නිර්දේශ කර සිටියි.

මීට අමතරව ඕක නැතුවම බැරි උන්ට හිත හදාගැනීම පිණිස විනිවිද පෙනෙන ෆුල් ෆේස් හෙල්මට් එකක් බේබි මහත්තයා විසින් හඳුන්වා දීමට නියමිත අතර එය අලෙවියෙන් ලැබෙන ආදායම, එතුමාට අලුත්ම ෆෙරාරි--[නිසි බලධරයා විසින් කපා දමන ලදි]

නාථ දෙයියන්ගේ පූර්ණ අධීක්ෂණය සහ විපස්සක දෙයියන්ගේ සුපරීක්ෂණය යටතේ පවත්වනු ලැබූ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රශ්න කිරීම නිසා ඔබ ඔබ විසින්ම ගස් බැඳ ගැනීමට හෝ (රතුපස්වල වගේ) වෙඩි තබාගැනීමට ලක්විය හැකි වරදක් බව කරුණාවෙන් සළකන්න.

පසුබිමින් කුක්කු බබාලා ටික: "චෝගම්! චෝගම්! චෝගම්!..."

By - Chameera Dedduwage

3 comments :

SilentSahan said...

බොරු මචන් ඕවා... එක එකාගේ බයිලා කාලෙන් කාලෙට එන....

Anonymous said...

මේ ශුක්‍ර සුනඛයින්ට පිස්සු බං.

Rasika Kulasinghe said...

:v

Post a Comment