Friday, April 25, 2014

දරුවන් දෙදෙනා ගඟට විසිකරන්න හේතුව සාස්තර කාරයෙක්

මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.

මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.

Saturday, April 19, 2014

ආගමික උමතුවෙන් ලෝකය ගලවාගතයුත්තේ කෙසේද?

එස්. එම්. බන්දුසීල සූරීන්
එස්. එම්. බන්දුසීල සූරීන්
එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

Thursday, April 17, 2014

කුරාණය සදාචාරවත්ද? - (මිත්‍යාවක විද්‍යාව - 1)

අප විස්වාස කරන ආකාරය ආගම් යනු පවත්නා සමාජ, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන තත්වයන්ට සාපේක්ෂව සමාජයක දෛනික කටයුතු සාපේක්ෂ සාර්ථකත්වයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා නිර්මානය වන ආයතන වේ. නමුත් කාලයත් සමග ඉහත තත්වයන් වෙනස්වෙයි. එවිට ආගමික මතවාදයන්ගේද ස්වරූපය වෙනස්වීම අනිවාර්යකි. නමුත් එසේ නොවී දැඩි අන්තවාදී ස්වරූපයකින් මිනිසාගේ සැබෑ නිදහස සීමාකරන ආගමික විකෘතින් හෙලිදරව්කිරීම මෙම ලිපිපෙලෙහි අරමුණයි.

වකුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.http://www.quran.com/8/12

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

Monday, April 7, 2014

රහත් බව ඔප්පු කරන්න සිරිසමන්තභද්‍ර හිමි ප්‍රාතිහාර්ය පායි.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මහ රහත් භාවයට පත් වෙලා කියන කතාව ඇත්තද?ඔව්, මම පුනර්භවය නැති කළා. මේ මගේ අන්තිම උපතයි. ආයෙත් මගේ උපතක් නෑ.

ඒ කියන්නේ මෙතැන ඉඳලා මම ඔබවහන්සේව සිරිසමන්තභද්‍ර මහ රහතන්වහන්සේ කියලා හැඳින්නුවට කමක් නෑ?ආ.. ඒකට කමක් නෑ. ඒකේ කිසිම වරදක් නෑ. ඒකේ කිසිම අඩුවකුත් නෑ. ඒක සර්ව සම්පූර්ණයි.

ස්වාමින්වහන්ස, මහ රහතන්වහන්සේ කෙනෙක් විදිහට මොනවද ඔබවහන්සේට දැනෙන්නේ?බුද්ධාගමේ කියන අවබෝධය අපරාජිතයි. ඒක සදාතනිකයි. අමරණීයයි. ඒ නිර්වාණ ධාතුව ස්පර්ශ කළ කෙනෙක් ජීවිතේ හරි අමුතු විදිහට දකිනවා. රහතෙක් කියලා කියන්නේ ජීවමාන, සොබාදහම සමග එකතු වෙච්ච, මමත්වය නිසා හදා ගත්ත දැල් රාමු කඩලා සොබාදහම සමග එකතු වෙච්ච කෙනෙක්. ඔහු ධීරයි. ධීරයි කියලා කියන්නේ ඔහු තුළ නොනවතින ජවයක් පවතිනවා. ඔහු තුළ තේජසක්, අභිමානයක් පවතිනවා. අපි පහුගිය කාලේ රහතුන් කියලා දැක්කේ කොන්ද කඩාගත්ත, දෙකට නැමුණු ගැරඬි. කොන්ද කඩාගත්ත, දෙකට නැමුණු ගැරඬි කොහොමද රහතුන් වෙන්නේ?

බටහිර විද්‍යාව පට්ටපල් බොරු

නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.

නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.

Sunday, April 6, 2014

පූජකවරුන්ගේ ළමා අපචාර නිසා පල්ලියේ වියදම බිලියන 3යි

St. Frances Cabrini Fraternity
පූජකවරුන්ගෙන් සිදුවූ ළමා අපචාර හේතුවෙන් ඇමරිකානු කතෝලික පල්ලියට 2004 සිට 2013 දක්වා කාලය තුළ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.

වන්දි ගෙවීම්, වින්දිතයන්ට ප‍්‍රතිකාර කිරීම්, විත්තිකාර පාර්ශ්වයට සහය ලබාදීම් සහ නීතිඥ ගාස්තු ආදිය සඳහා මේ මුදල වැයවී ඇතැයි පැවසේ.

මෙය අනාවරණය වී ඇත්තේ එක්සත් ජනපද කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගිනි.

ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරිම සඳහා ප‍්‍රඥප්තිය ක‍්‍රියාවට නැංවීමේ වර්ධනයන් දැක්වීම සඳහා එම සමුළුව විසින් 11වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබිණි.