Wednesday, June 24, 2015

ආගම ආදරයට හරස්වී පෙම්වතියට පිහියෙන් ඇන පෙම්වතා ගෙලකපාගනී - Video

පසුගිය දිනෙක රාත්‍රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ පෙම්වතා යැයි පැවසුනු තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන ෆාතිමා රොෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබුණා. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි එම පුවත වාර්තා වුණේ.

ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසිනි.

Sunday, March 1, 2015

බංග්ලාදේශ් අදේවවාදී ලේඛකයා මරා දැමෙයි

බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ.

ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි.

Monday, January 26, 2015

ජනපතිවරණ ප්‍රතිඵලත් සමග ‍ජ්‍යොතිෂයටත් හෙනහුරා ලැබූ හැටි!

ලෝ වැසි සැමට එළඹෙන අපල උපද්‍රව පිළිබඳව කියා දෙමින් සිටි අප රටේ ‍ජ්‍යොතිෂයට ද දැන් ‘හෙනහුරු දසාවක්’ උදා වී තිබේ.

ඒ ‍ජ්‍යොතිෂය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව අසීමිත ලෙස විශ්වාස කිරීම නිසාම සිය ධුර කාලය වසර දෙකක් ඉදිරියට තිබියදී ශ්‍රී ලංකාවේ මුල්ම පුරවැසියාගේ භුමිය හැරදා ‘ගෙදර යාමට’ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සිදුවීමත් සමගිනි.

1948 නිදහස ලැබිමෙන් පසු අප රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයකුම පාහේ යම් යම් ප්‍රමාණයන්ගෙන් ‍ජ්‍යොතිෂයේ පිහිට පැතූහ.

එහෙත් එම පාලකයන්ගේ පිහිට පැතීමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ‍ජ්‍යොතිෂයේ ‘සරණ යාමට’ උත්සාහ කළ පාලකයකු බව පැවැසීම හුදු අතිශයෝක්තියක් නොවෙතැයි සිතමි.