Monday, March 19, 2012

ඇගේ කට උත්තරය...

     පසුගියදා මීලා ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ නියැලෙනවා යැයි සැකපිට අත්අඩංගුවට ගත්තේය. තවත් එවැනිම නිලියන් 20 පමණ මෙම වෘත්තියේ නිරතවන බව ඔවුන් පොලීසියට පවසා තිබුණි. මීට කලකට ඉහතදී ODEL ආයතනයේ ඇඳුම් සොරකම් කිරීමට ගොස් ප්‍රසිද්ධ නිළියක් අත්අඩංගුවට පත්විය. අය එම ආයතනය තුළ දණගස්වා තිබෙන ඡායාරෑපයක්ද එක්තරා වෙබ්අඩවියක් පලකර තිබුණි. පබා දික්කසාද විය.

     මේ සියල්ල ලියන විට යම් කුණු රසක්ද ඇතමෙකුට ඇතිවිය හැක. නළු නිළියන්ගේ ජීවිත කවදත් ගලාගියේ මෙවැනි හැල හැප්පීම් මැදින්ය. සමහර විට ඔවුන් නිළියන් වීම නිසා ඒ ප්‍රවෘත්ති හිට්වනවා වියයුතුය. කෙසේ වුවත් මීට කලකට ඉහත ජනප්‍රිය නිළියන්ව සිටි ගීතා, මාළනී අයගේද ජීවිතවලට එබී බැලිය හැකිනම් මෙවැනිදෑ සොයාගත හැකිවනු ඇත.

Tuesday, March 6, 2012

අධ්‍යාපනයේ අර්බුදය

     අපේ රටේ අධ්‍යාපනයෙහි ගැඹුරු වෙමින් පවත්නා අර්බුදයක් පවතින බව පැහැදිලිය. එය ආර්ථික, සමාජ හා දේශපාලන මානයන් ගන්නා වූ ද ඒ සම්බන්ධ විසඳුම පුපුරායනසුලූ ප‍්‍රතිඵල ගෙන දිය හැක්කා වූ ද අර්බුදයක් වේ. මෙම අර්බුදය නව ලිබරල් ධනේශ්වර සංවර්ධන මාවතේ පුළුල් රාමුව ඇතුළත ස්ථානගත කිරීමේ අවශ්‍යතාවක් ඇත්තේය. මෙම බහුවිධ අර්බුදය නිවැරැදි ලෙස තේරුම්ගෙන කි‍්‍රයාකළ හැක්කේ එවිට පමණි.


      අධ්‍යයන උසස් පෙළ විභාග ප‍්‍රතිඵල හා සම්බන්ධ වියවුල සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමැතිවරුන් හා ඉහළ පරිපාලන නිලධාරීන් ඇතුළු සමස්ත අධ්‍යාපන නිලධර තන්ත‍්‍රයේ අතිමහත් හා සමාව දිය නොහැකි අදක්ෂතාවය ය. සුපුරුදු පරිදි නිල ප‍්‍රතිචාරය වූයේ රෙජීමය අනුමත කරන හා සාධාරණීය කරන තවත් එක රබර් මුද්‍රාවක් බව සනාථ කරන්නා වූ ද ජනාධිපති කමිටුවක් පත්කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක් ප‍්‍රතික්ෂේප කිරීමේ නිශ්චිත තත්්වය තුළ විශේෂයෙන් සිසු සිසුවියන් ඇතුළු පංගුකරුවන් ඔවුන්ගේ දුක්ගැනවිලි හා ඉච්ඡාභංගත්වය ප‍්‍රකාශ කිරීමට විරෝධය පෑමේ හා උද්ඝෝෂණයේ පිහිට පැතීමට යොමුවීම ස්වාභාවිකය. මෙම අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රණය කරනු වෙනුවට රෙජීමය කර ඇත්තේ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරනු ඇති අයට එරෙහිව ‘යුද තත්වයක්’ප‍්‍රකාශ කර තිබීමය. මෙම අරගලය බුරුලක් නොදක්වා වීදි කරා ගෙනයන ශිෂ්‍ය ව්‍යාපාරයේ නොසෙල්වෙන අධිෂ්ඨානය අගැයිය හා ආරක්ෂා කළ යුතු ය. රෙජීමය කි‍්‍රයාකර තිබෙන බලහත්කාර ආකාරය සමස්ත වියවුලම අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා දේශපාලන වාතාවරණයක් ඇතිකිරීම පිණිස හා සාධාරණිකකරණය කිරීම පිණිස හිතාමතාම නිෂ්පාදනය කර තිබෙන එකක් බවට අනුමාන කිරීමට පදනමක් සපයයි. කාරණය සම්බන්ධ ඇත්ත කාරණය වනුයේ මෙම වියවුල දැන් සාමූහික මනෝමූල සමාජ සංජානනය තුළ පෞද්ගලිකකරණ ප‍්‍රශ්නය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බවයි. 

Monday, March 5, 2012

අවුරුදු 49ක් තිස්සේ විඥානවාදයට එරෙහි කොවුර්ගේ අභියෝග එහෙමමයි

     කොවුර් මහතා තමන්ගේ මුල්ම ඔට්ටුව පුවත්පත් මගින් ප්‍රචාරය කළේ 1963 ජූනි මාසයේදීය. ඒ කවරයක බහා සීල් තබන ලද මුදල් නෝට්ටුවක අංකය කියන්නට පුළුවන් කෙනෙකුට රුපියල් 1,000 සිට රුපියල් 25,000 දක්වා මුදලක් ඔට්ටු අල්ලා දිනා ගන්නට පුළුවනි යන්නයි.

      මහානුභාව සම්පන්න මහා බල ඇති පුද්ගලයින් දැනුත් මෙලොව සිටින බවත්, විශේෂයෙන් එවැනි මහා සෘෂිවරුන් හිමාලය වනාන්තරය ආශ්‍රිතව ධ්‍යාන සුවයෙන් වාසය කරන බවත් පිළිගත් හින්දු භක්තිමතුන් ඇතුළු බොහෝ ආගමික අධික ශ්‍රද්ධා මතධාරීන්ට මෙය විශාල අභියෝගයක් විය. ලෝකයේ මොනම රටකවත් කිසිම නිදහස් මතධාරියකු, නිදහස් චින්තකයකු හේතුවාදියෙක් මෙවැනි අභියෝගයක් කවදාවත් කර තිබුණේ නැත.