Monday, May 16, 2011

හොස්ටල් එක.....

     දැන්නම් ඉතින් නියමයි නේද? ආධාර විදිහට හරි අනුනුගේන් ලැබුන හොස්ටල්ටික නිසා. අපේ පරණ සහෝදර සහෝදරියන්ටනම් මතක ඇති ඒ කාලෙ අපි කාපු කට්ට. බුදු අම්මෝ, මතක්වෙනකොටත් මොකක්ද මොකක්ද වගේ.

     ෆැකල්ටියට ගවු ගානක් ඈතින්, මහා කැලෑ මැද සල්ලිවලට ගත්තු පාලූ ගෙවල් හොස්ටල් කරල අපට දීලතිබ්බ හැටි. ඒකාලෙ දවසෙ ලොකුම ගේම තමයි ෆැකල්ටි යනඑකයි හොස්ටල් එන එකයි. කෑම ගන්න තැනක් නෑ, ගොඩක් දවසට වතුර නෑ, හිටිහැටියෙම කරන්ට් යනව එදාට ඉතින් බඩුම තමයි, ඒ මදිවට කරවල්ලූ මාපිල්ලූ මදුරුවො, පොතක් තියාගෙන හරියට වාඩිවෙලා කියවන්න තැනක් නෑ, කුකුල් කූඩුවක වගේ හිරවෙලා, රූම් එකක 6 - 8 ක් විතර, හැමදාම හොස්ටල් එකේ බාගයකට විතර මොකක්හරි ලෙඩක්, ඒ මදිවට හොරු සෙරෙප්පුකෑලිදෙකවත් පරිස්සම්කරගන්න බෑ හොරු උස්සනව, මේ සේරමත් එක්ක හොල්මනුත් තිබිබලූ, ඒව දැකපු උන් කියන කතා අහල අනික්උනුත් ඉලියට බහින්නෙ නෑ. බැස්සත් බැස්සෙ සෙට්එක පිටින්මයි.