Thursday, December 25, 2014

දෛවඥයන් දෙදෙනා අතර ගැටුම්

මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ ජනාධිපතිවරයා වෙනුවෙන් අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර අතර මේ වනවිට ද්වන්ද සටනක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 සිට ජනවාරි 06 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාට අසුභ කාලයක් බවත් ඉන් අනතුරුව සුභදායක තත්වයක් ඇති වන බවත්ය. එහෙත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 08 වෙනි දිනට යොදාගෙන තිබෙන නැකත නිසා ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීඝ්‍රයෙන් බලය පිරිහීමකට පත්වන බවය.

Saturday, December 20, 2014

මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ - රෙහානේ මරණීය දණ්ඩයට පෙර මවට ලියූ ලිපිය

තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.

ඇය විසින් ඝාතනය කර ඇත්තේ, මොරතසා අබ්දොල්අලි සර්බාන්දි නම් ඉරාන හිටපු බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකි. ජබාරි අධිකරණයට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා තමන් ලිංගික බලහත්කාරයට ලක්කිරීම උත්සාහ කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇන ඔහු ඝාතනය කළ බව ය.