Thursday, June 23, 2011

අතීතය.........

හන්තාන අඩවියේ
 

                    මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස
 

                                       මේ එන්නේ
 

                                                      පේ‍්‍රමයේ සුවඳ නොවේ.......

      මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තම කවි සිත කම්පනය කළ අතීතයේ එක් අඳුරු හෝරාවක ලේවැකි මතකය ඉහතින් අපි සඳහන් කරපු නිර්මාණය හිස් පිටුවක පෙළ ගස්වනකොට තොර්ගත්ත වචන එක්ක අපිට එකඟ වෙන්න අමාරුයි. ඔබ දැන් ප‍්‍රශ්න කරන්නේ ඒ ඇයි? කියලා නම් අපි අපේ සාකච්ඡාව නියම තැනින් පටන් අරගෙන.

Monday, June 13, 2011

ඔබත් මා වගේ නම් (මාටින් නීමෝලර් නැවත කියවීම)

සංවේදී පියා ලෙස නම් දැරූ රජතුමා
සිය බැටලූ හම ඉවත දමා
ස්වකීය ලේ වැකි නිය ද
තාමත් අමු ලේ ගඳ ගසන මුව සහ දත් අයා
දින දින පාසා වීථි සංචාරය කළේය...

ඔහු පළමුව සොයා ආවේ මාධ්‍යවේදීන්ය
ඔහුට නොරිසි දේ සඳහා
පෑන හා තෙලිතුඩ මෙහෙයවුවන්
සුදු වෑන් දොරින් අතුරුදහන් කළේය
මා කිසිවක් නොකීමි......

Tuesday, June 7, 2011

කංසාලංකාරය....

පහළ ඌවේ බිම්
එකළ ගොයමින් පිරි බිම්
ඉසුරින් සපිරි බිම්
රත්තරං සේ වටින ගොවි බිම්

වියළි දඬු පැළවෙන
මේ රන් පොළොව සසොබන
වනසන්ට දත කන
උන්නෙ පවතකි මෙසේ ලියැවෙන

Friday, June 3, 2011

නිදහස් අධ්‍යාපනය සුරුකීමේ ජාතික මධ්‍යස්ථානයක් අද දවසේ වැදගත්වන්නේ ඇයි.....?

     පාසල්, කාර්මික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල යන ක්ෂේත‍්‍ර තුනක දායකත්වය ඇතුව මූලිකව ක‍්‍රියාත්මකවන අධ්‍යාපනය රටේ විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව ඇත. ඊට හේතුව පාලකයන් සිසුන්ට හිමි අධ්‍යාපන අයිතිය විවිධ ආකාරයෙන් උදුරා ගැනීමට කටයුතු කිරීමත්, සිසුන් එය ආරක්ෂා කරගැනීමට අරගල කිරීමත් ය. වර්තමානයවන විට පාසල්, කාර්මික අධ්‍යාපනය සේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් බරපතල ගැටළු රැසක් නිර්මාණය වී ඇත.

    පාසල් අධ්‍යාපනයේ ඇති ගැටළුව හඳුනා ගැනීමට පසුගිය ජුලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් පාසල් සඳුහා මුදල් වෙන්කළ ආකාරය වටහා ගැනීම පමණක් ප‍්‍රමාණවත් වේ. එකී විෂමතාවය පිළිබඳව  වෙසෙසින් සැලකිලිමත් විය යුතුය. පහත වගුවෙහි සඳහන් වන්නේ ජාතික පාසල් හා ඉතිරි අනෙකුත් පාසල් (පළාත් සභා පාසල්) වලට මුදල් වෙන් කිරීම සිදුකර ඇති අසාධාරණ ආකාරයයි.
 

බඹර වලල්ල....

     ලාංකේය සිනමාවේ අවසන් කටයුතු කර හමාරය. එහි පාංශුකූලය දීම කඩින් කඩ සනිටුහන් වේ. පසුගිය දිනක කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී චූලානන්ද සමරනායක මහතා එසේ පැවසීය. ඒ තරුණ නවරැල්ල සංවිධානය කළ ‘‘බඹර වළල්ල’’ සිනමා සංවාදයේදී ය. සැබවින්ම ලාංකේය සිනමාව විශේෂයෙන් සිංහල සිනමාව (සෙසු ජාතිකත්වයන් ලාංකීය කලා ක්ෂේත්‍රයට වන සහභාගීත්වයේ පසුගාමීකම හා ඒ සඳහා වන අනුග‍්‍රහයේ දිළිඳුකම නිසාම) ශේෂ වී ගිය නටඹුන්වල මතකය පමණක් ඉතිරි කරගෙන සිටී. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ස්වර්ණාගෙන් පසුව ලංකාවේ සිනමා වංශකතාව වඳවී ගියේය. හතු පිපෙන්නා සේ කඩින් කඩ අශෝක හඳගම, ප‍්‍රසන්න විතානගේ, ජයන්ත චන්දාසිරි මගින් නිර්මාණය වන නිර්මාණයකින් දෙකකින් සිනමාහල්කරුවන් සිය සිනමා ශාලාව ටියුෂන් පන්තියකට හෝ වෙනත් ගබඩාවකට භාවිත කිරීම නවතා ගනී.

ඔබත් සක්විති කෙනෙකු විය නොහැකිද?

   අද ඉරිදා දිනයක් වූයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශන සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය නොවීය. නිවාඩු දිනයන්හි ටිකක් වැඩිපුර නිදාගැනීමට පුරුදු වී සිටි මා හට අවදි වන විට පෙරවරු 9.00 පසු වී තිබීම පුදුම වීමට කරුණක් නොවීය. උදේට මොනවා හෝ ගිලදැමීම සඳහා කැන්ටිමට ගිය මා හට මිතුරන් කිහිපදෙනෙකු සමඟ එක්ව කැන්ටිමේ අම රස උදේ ආහාර වේලේ රස බැලීමට හැකි විණි. ආහාරයෙන් පසුව පත්තර ඇති ප‍්‍රදේශයට අප ඇදුනේ යම් වේලාවක් පත්තර පිටු අතර තොරතුරු ගවේශණයට අප හුරු පුරුදු වී සිටි නිසාවෙනි. පුවත්පතේ පලව තිබූ ලිපි කීපයක් වෙත මගේ අවධානය යොමු විනි.

පළමු ලිපිය

    මේ වන විටත් රටේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනක් වංචා කොට සැඟව සිටි සක්විති පොලිසියට කොටු වීමට අදාළව මෙම ලිපිය ලියවී තිබුණි. මුදල් වංචා කර ඔහු ගත කළ ජිවිතය ගැන විස්තර කර තිබුණු මෙම ලිපිය තුළ ඔහු අත්අඩංගුවට රැගෙන යන ඡායාරූපයක්ද විය
.