සිය බැටලූ හම ඉවත දමා
ස්වකීය ලේ වැකි නිය ද
තාමත් අමු ලේ ගඳ ගසන මුව සහ දත් අයා
දින දින පාසා වීථි සංචාරය කළේය...
ඔහු පළමුව සොයා ආවේ මාධ්‍යවේදීන්ය
ඔහුට නොරිසි දේ සඳහා
පෑන හා තෙලිතුඩ මෙහෙයවුවන්
සුදු වෑන් දොරින් අතුරුදහන් කළේය
මා කිසිවක් නොකීමි......
ඒ රාජ්‍ය හිතවාදී සහ ආණ්ඩුවේ හොරණෑ බඳු
වාහිනී, නාලිකා සහ පත්තර හැරෙන්නට
මට අන්කිසිත් රිසි නොවු නිසාය
මන්ද එමෙන්ම මගේ ඥාතියෙක්,
යාලූවෙක් හෝ සහෝදරයෙක්
හෝ කිසිවෙක් මාධ්‍යවේදියෙකු
නොවු නිසාය......
ඔහු ඊලඟට සරසවි සිසුන් සොයා පැමිණියේය
තම බලය පිළිකෙව් කළ ඔවුන්
දඟගෙයි දසවද බන්ධනයට ලක් කළේය
ස්වකීය පරිවාර ආරක්‍ෂක බල්ලන් ලවා
මරා දැමීය
මා කිසිත් නොකීමි......
ඒ මා සරසවි සිසුවෙකු නොවු නිසාය
ඔවුන් කියන පරිදි මට රැුකදෙන්නට
අධ්‍යාපන අයිතීන් ද
මා හට බාලයන්ද දරුවන්ද
නොවු නිසාය.......
ආගම හා ආගමික සලූපිළි
දවටා ගෙන ධාර්මිශ්ඨ රජුගේ
ප‍්‍රශස්ති ගායනා කළ
පුජකයන් හා චීවරදාරීන් අතර සිටි
සත්‍ය දකින්නට උත්සාහ කළ
බුද්ධ පුත‍්‍රයින් හට
සියතින් වසපානය කර
දිවිතොර කර ගැනීමට
සිය වන්දි බට්ටකම් කළ
ආගමික කිනිතුල්ලන්
මෙහෙයවීය
මා කිසිත් නොකීවෙමි......
ඒ මාගේ සිංහල බෞද්ධ චරිතයට
හානියක් වේ යැයි බිය වු නිසාවෙනි......
ඊලඟට ඔහු
කම්කරුවන් සොයා ගොස්
පොලූ මුගුරින් හා මුනිස්සම්
ඔලූවට බස්සවා
මහමග මහ දවල් මරා දැමීය
මා කිසිත් නොකිමි........
මා රාජ්‍ය සේවකයෙකි
මා රජුගේ සුවච කීකරු අනුගාමිකයෙකි
මගේ විශ‍්‍රාම වැටුපට කිසිත් සිදුවී නැත
රජුට විරුද්ධවන්නෝ්
හැමවිටම
න්‍ඪඡු කාරයෝය........
අවසානයේ
ඔහු මගේ පැල ඉදිරිපිට සිටගෙන
මගේ මවට තුවක්කු කට ඔබා
ගිනියම් වු යගුලි
මා සුනුවිසුනු කරන්නට පෙර
හාත්පස නෙත් යොමු කළ විට
මා වෙනුවෙන් කතා කරන්නට
කිසිවෙක් ඉතිරිව නොසිටියහ..................
ප්‍රියා (තෙවන ඇස)
මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි

0 comments :
Post a Comment