Thursday, September 22, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදයක ඇරඹුමද?


     පසුගියදා රුපවාහිනි නාලිකාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සංවාදයක්‌ පැවැත්විණි. එම සංවාදයට විද්වත්හු හතර දෙනෙක්‌ ද සහභාගි වී සිටියහ. එහෙත් එම සංවාදය නැරඹූ අපට දැකගන්නට තිබුණේ, එම සංවාදය ද සමබර එකක්‌ නොවූ බවයි. එහෙයින් එම සාකච්ඡාව තුළින් අපට යථාවබෝධ වුයේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය තුළින් පිරිනැමීමට අපේක්‍ෂිත උපාධි සහතික පත්, ඒක පාර්ෂිකවම සාධාරණීකරනය කරන්නට වැඩි වාසිය සැලසුන බවයි.

Saturday, September 17, 2011

ඔබ අපේ හදවත් තුළ සදාතනිකය...



              දළුලා වැඩෙන පැතුමන් සුවහස්            හදක
              තළලා දැමිය හැකිවෙද පොඩිකර         ගලක                                මුළුලා නොසිට නැගිටිව් සොයුරනි     නිසැක
              වළලා දමව් පාලක.................................

     ඒ කවියට අවසානයක් ලැබී නැත. ඒ එක් අඳුරු යුගයක, සරසවි සිරගෙවල් කළ යුගයක, මරණයට ගොදුරුව සිටි සොහොයුරන්ගේ රතු ලේ වලින් බිත්තියක් මත ලියැවුණකි. ඒ කවිය අවසන් කිරීමට පෙර පැහැරගෙන ගොස් ඔහුගේ දිවි තොර කළා විය යුතුය. කවියක පද පේළි හතරකට දිගු කරගත නොහැකි වූ ඔහුගේ කය කොහේ හෝ බිමක අළු වී මිහිතලයට යට වී ගොස් හමාරය. එහෙත් ඒ සොයුරන්ගේ සුසුම්, හැඟුම්, පැතුම් යළි යළිත් සදාකල් හමා එන මාරුතයක් සේ අපේ ජීවිත හරහා ඇදී යයි.

     මියෙන බොහෝ මිනිසුන්ට මියෙන දිනයක් ඇත. මරණයට හේතු වූ ස්වාභාවික හේතුවක් ඇත. නෑදෑයින්ට, මිතුරන්ට ඔහු හෝ ඇය වෙනුවෙන් ශෝක වීමට අවමගුල් උත්සවයක් ඇත. මරණයෙන් පසු, ස්මාරක, සොහොන් කොත් ආදී බොහෝ දේ ඇත. තෙමස් පූර්ණ, වාර්ෂික කෙරෙන පිංකම්, දාන-මාන ඇත. එහෙත් ඒ ‘‘ධවල භීෂණයේ’’ නිසල වූ ඒ මිනිසුන්ට ඒ කිසිවක් හිමි වුණේ නැත. එහෙත් සදාතනිකව යුගයක් යුගයක් පාසා සරසවියට එන සෑම සිසුවෙකුගේම, සිසුවියකගේම හදවත් ඔවුන් පිළිබඳ භක්තියෙන්, ආදරයෙන් පිරී ඇත. නිදහස් අධ්‍යාපනයේ වටිනාකමත්, එය රැුකගැනීමට සරසවි සිසුන් කළ අතිශය දුෂ්කර අරගලයත් දන්න හැම මිනිසෙකුගේම සිත් තුළ, හදවත් තුළ දෙදණ බිම හොවන දිනය ජාතික ශිෂ්‍ය වීර දිනයයි.

ළමා අපචාර, විවාහය සහ වයස


     දැනට වයස අවුරුදු 18 ක්ව පවතින විවාහ වන වයස් සීමාව අවුරුදු 15 ක් දක්වා අඩු කිරීමට තමන් යෝජනා කරන බව අමාත්‍ය සෙනෙවිරත්න මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ හිටපු ජනාධිපතිනියගේ කාලයේ ඊට අනුමැතිය ලැබී තිබුණු නමුත් විවිධ සංවිධානවලින් එල්ල වූ විරෝධය හමුවේ එය ක‍්‍රියාත්මක නොකළ බවයි. නව නීතිය ගෙන ඒමට ප‍්‍රධාන හේතුව ලෙස ඇමතිවරයා දක්වන්නේ, අවුරුදු 18 ට අඩු අයගේ ලිංගික සබඳතා සහ ළමා අපචාර නිසා නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙන අතර එම නඩු ගොඩ අඩු කිරීමට නව නීතිය මගින් හැකි බවයි.

කේන්දරය.....

උපන් මොහොතේ
හරියටම නොදත් නමුත්
දොස්තරට මතක ඇති
වෙලාව අනුව
කිසිදා නොදැකපු
ග‍්‍රහ ලෝකවලට අනුව
හරියටම නොදන්නා
ජොතිෂයකුට දී
සදා නිමකළ
පත් ඉරුවක්
එක් කරන්නට
මහාම විෂ බීජය
ජීවිතයට නුඹේ.....

සංස්කාරක
තෙවන ඇස

‘නායකයෙක්’ යනු පෘෂ්ටිමත් මිනිහෙක් පමණද? (නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ ප‍්‍රශ්න කරති)

නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍යයාවක්,


‘‘සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ. එහෙම නැතුව නායකයෙක් නම් ඒ පුහුණුවෙන් කවදාවත් බිහිවෙන්නෙ නැහැ’’ 


විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නායකත්ව පුහුණු වැඩසටහන් වලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවකටම බරපතල මානසික සහ ශාරීරික හිංසනයන්ට මුහුණ දීමට සිදු වූ බව ශිෂ්‍ය නායකයන් චෝදනා කරනවා. මේ පුහුණුවට සහභාගී වූ නිෂානි මධුෂාණි ශිෂ්‍යාව පසුගිය ජූලි 28 වෙනිදා මරුමුවට පත් වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ.

මෙහිදී අදහස් දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොහුරා,

නැවත කළු ජූලියක් ඇති නොවීමට නම්...

     දිනය 1983 ජූලි 23 වැනිදාය, එදින රාතී‍්‍ර 07 ට පමණ පලාලි හමුදා කඳවුරේ සිට යාපනය දෙසට මුරසංචාරයක යෙදුණු හමුදා රථ පෙළකට කින්නවේලි ආසන්නයේදී එල්ලකළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් උපලූතිනන් වාස් ගුණවර්ධන ඇතුලූ හමුදා සෙබළුන් 13 දෙනෙකු එම ස්ථානයේදීම මියගියේය. මෙම ප‍්‍රහාරයේ විශේෂත්වය වූයේ LTTE සංවිධානය සැළසුම් සහගතව ප‍්‍රහාරයක් එල්ල කොට ශී‍්‍ර ලංකාවේ සෙබළුන් මෙතරම් ප‍්‍රමාණයක් මරා දැමුණු පළමු අවස්ථාව නිසා පමණක් නොව, ඛඔඔෑ සංවිධානය ඇතුලූ දෙමළ සන්නද්ධ ව්‍යාපාරයට වසර 30 කට ආසන්න කාලයක් යුද්ධයක් පවත්වාගෙන යාම සඳහා, ලාංකීය දෙමළ සමාජ තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද ඉඩ විවර කළ ‘‘කළුජූලිය’’ නමැති ලාංකීය සමාජය තුළ මෙවැනි කළු පැල්ලමක් ඉතිරි කළ සිදුවීම නිර්මාණය කිරීමට ආසන්නතම සිදුවීම නිසාය.

කක්කුටු බෙන වසා වක්කඩ බැඳීමට පෙර, වපුරන්න සැරසීම

     ඉස්සර නම් අපේ පුවත්පතේ කී‍්‍රඩා පිටුව සැරසුනේ අපේ රටේ කී‍්‍රඩකයින් යම් තරගයක් ජයගෙන බවට වූ පුවතකින්. නැත්නම් අපේ රටේ යම් කී‍්‍රඩාවක පමණක් නිර්මාණය වී ඇති ගැටලූවක් ගැන. එය බොහෝ විට එතරම් තැකිය යුතු ගැටලූවක් නොවුණ වගේම ගැටලූව හඳුනා ගැනීමද පහසු වුණා. ඒත් අද වන විට එම තත්ත්වයේ ඉඳලා අපට, අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය දෙස බැලීමට පුළුවන්කමක් නැහැ. තත්ත්වය ඒ තරමටම වෙනස් වෙලා. අද වන විට අපේ රටේ බළධාරීන් කී‍්‍රඩා ක්ෂේත‍්‍රය තුළ අපට නිර්මාණය කරදීලා තියෙන්නෙ තේරුම් ගන්න බැරි ප‍්‍රශ්න කන්දක්.