Saturday, September 17, 2011

කක්කුටු බෙන වසා වක්කඩ බැඳීමට පෙර, වපුරන්න සැරසීම

     ඉස්සර නම් අපේ පුවත්පතේ කී‍්‍රඩා පිටුව සැරසුනේ අපේ රටේ කී‍්‍රඩකයින් යම් තරගයක් ජයගෙන බවට වූ පුවතකින්. නැත්නම් අපේ රටේ යම් කී‍්‍රඩාවක පමණක් නිර්මාණය වී ඇති ගැටලූවක් ගැන. එය බොහෝ විට එතරම් තැකිය යුතු ගැටලූවක් නොවුණ වගේම ගැටලූව හඳුනා ගැනීමද පහසු වුණා. ඒත් අද වන විට එම තත්ත්වයේ ඉඳලා අපට, අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය දෙස බැලීමට පුළුවන්කමක් නැහැ. තත්ත්වය ඒ තරමටම වෙනස් වෙලා. අද වන විට අපේ රටේ බළධාරීන් කී‍්‍රඩා ක්ෂේත‍්‍රය තුළ අපට නිර්මාණය කරදීලා තියෙන්නෙ තේරුම් ගන්න බැරි ප‍්‍රශ්න කන්දක්.

     ‘‘මහින්ද චින්තනය’’ කියන්නෙ අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය සම්බන්ධ සුබසිහින වලින් පිරුණක්. ඒත් ඒ සුන්දර වදන් පෙළ කි‍්‍රයාත්මක තලයේදී අපට උරුමකර දීලා තියෙන්නේ අනෙක් ක්ෂේත‍්‍රවලටද හිමිව තියෙන පරාජයන්ම බව කීමට සිදුවෙලා තියෙනවා. අනෙක් අතින් අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පිළිබඳව මෙතරම්ම කතාබහට ලක් වූ කාලවකවානුවක් මෑත ඉතිහාසයේදී නම් අපට දක්නට ලැබුණෙ නෑ. ඒත් අපේ රටේ ජනතාවට මේ පිළිබඳව කතා කිරීමට සිදුව ඇත්තේ කළකිරුණු සිතින් වීම කෙතරම් අභාග්‍යක්ද ?

     බොහෝ විට රටක කී‍්‍රඩාවේ සංවර්ධනය රටේ සංවර්ධනයට සමාන්තරව ගමන් කරන්නක් නිසා රටක සංවර්ධනය මනින එක් දර්ශකයක්ද වෙලා තියෙන්නෙ කී‍්‍රඩාවේ සංවර්ධන මට්ටම. මෙමගින් අපට එළඹිය හැකි නිගමනය වන්නේ එය එසේ නම් අප රටේ සංවර්ධන මට්ටම කොතැන තිබේද ? කියලයි. රටක් එම රටේ කී‍්‍රඩාව සංවර්ධනයට පෙළඹෙන්නේ එතුලින් ලැබෙන වාසි නිසයි. රටක කීර්තිය, අභිමානය, ආදායම් මෙන්ම ජනතාවගේ සමගිය, නිරෝගීකම, විනෝදාස්වාදය රටක් කී‍්‍රඩාව තුලින් අපේක්‍ෂා කරනවා. අනෙක් අතින් රටට විශාල වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීමට මෙන්ම ඒ තුලින් විදේශ විනිමය උපයා ගැනීමටද රටවල් කී‍්‍රඩාව යොදා ගන්නවා.

     මේ අරමුණු කිසිවක් ඉටු නොවන තැනට අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පත්කිරීමට පාලකයින් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අද වන විට අපේ රටේ ජනතාවට කී‍්‍රඩාව තිත්ත වෙලා. මේ අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ ගැන කතා කළ හැකි වසන්ත සමය නොවන බව නම් පැහැදිලියි. ඒ බොහෝ විට පරාජයන්, බිඳවැටීම් ගැන කතා කිරීමට සිදුවෙලා තියෙන නිසා. නමුත් අප නිහඬව සිටියහොත් කී‍්‍රඩාවේ ජයග‍්‍රහණ ගැන කතා කළ හැකි ඒ වසන්ත සමය යළි ළඟා වේවිද ? අපි අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය ජයග‍්‍රහණ දක්වා රැුගෙන යා යුතු නොවේද ? එම නිසා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ අර්බුද හා ඒවාට ඇති විසඳුම් ගැන අප අවදියෙන් සිටිය යුතු වෙනවා.

     අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය අද පවතින තත්ත්වයට පත්වීමට බලපාන ලද හේතු මොනවාදැයි විමසුවහොත් ඒවාට ලැබෙන පිළිතුරු විවිධ වෙන්න පුළුවන්. නමුත් මේ පිළිතුරු සියල්ලටම අදාළ මහා පොදු සාධකය අපට එළියට ගන්න පුළුවන්. ටිකක් අසීරුවෙන් වුවද අපේ රටේ ජනතාවට එය කීමට බලකරලා තියෙනවා. ඒ කී‍්‍රඩාවේ ස්වාධීනත්වය වසා පැතිර පවතින දේශපාලනය බව ජනතාවට දැන් හඬ නගා කියන්න වෙලා. ‘‘කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට අද දේශපාලනය රිංගලා. කී‍්‍රඩාවේ ස්වාධිනත්වයට, සංවර්ධනයට එය බාධාවක් ’’ පසුගිය කාලයේ මේ විධියට කතා කළේ විරුද්ධ පක්‍ෂ. නැත්නම් මේ ආණ්ඩුවේ වරප‍්‍රසාද නොලත් නිළධාරීන් හෝ කී‍්‍රඩකයින්. එදා අපිට මේ සඳහා පැහැදිලි හේතු සාධක පේන්න තිබුණේ නෑ. ඒත් අද වන විට කාට කාටත් මේ අදහස පිළිගන්න බලකෙරිලා තියෙනවා. ඒ මේ අදහස නිවැරදි බවට හේතු සාධක අහුරු ගණන් පේන්න තියෙන නිසා.

     අතීතයෙත් අපේ රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රය එතරම් දියුණු මට්ටමක තිබුණා නොවේ. නමුත් එය අපේ රටේ අනෙකුත් ක්ෂේත‍්‍රවලට සාපේක්‍ෂව යම් ප‍්‍රශස්ත මට්ටමක පැවතුණා. ඒ නිසා හුදකලා ජයග‍්‍රහණ හෝ ලැබීමට අපේ රටේ කී‍්‍රඩකයින්ට හැකියාව ලැබුණා. අපේ රටේ කී‍්‍රඩකයින්ට කි‍්‍රකට් ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාව ලැබීම හා ධාවන තරග වලින් ලෝකයෙන් රන් , රිදී , ලෝකඩ පදක්කම් හිමිකර ගැනීම අපේ රටට විශාල අභිමානයක් ගෙන ඒමට සමත් වුණා.

     අතීතයෙත් කී‍්‍රඩා සංගම්වල නිලතලවලට දේශපාලඥයින් හා ඔවුන්ගේ හිතවතුන් පත්වීම දක්නට ලැබුණා. ඒත් ඒ අද තරම් සුලබව නෙවෙයි. අතීතයේදී එම තනතුරුවලට පත්වූණේ ඒ සඳහා යම් ප‍්‍රාමාණික දැනුමක් තිබූ අයයි. ඔවුන් කී‍්‍රඩාව සූදුවක් කර ගත්තේ නෑ. අද වන විට විවිධ වරප‍්‍රසාද වෙනුවෙන් කී‍්‍රඩා සංගම්වල තනතුරු ලබාගැනීමට දේශපාලඥයින් හා ඔවුන්ගේ හිතවතුන්ගේ පොරයක් තියෙනවා. අද දේශපාලඥයින්, නිළධාරීන් පමණක් නෙවෙයි කී‍්‍රඩකයින්ද කී‍්‍රඩාව සූදුවක් කරගෙන තියෙන්නෙ කී‍්‍රඩාවේ සියලූ ගරුත්වයන් කෙළසමින්. අපේ රටේ කී‍්‍රඩාව අද පවතින තත්ත්වයට පත්වීමට බලපාපු හේතු විමසුව හොත් ඒවා දූෂණය, නාස්තිය, වංචාව, හොරකම, වැරදි තීරණ, නිළධාරීවාදය, නුසුදුස්සන් පත්කිරීම යනාදි ලෙස මහා පොදු සාධකයෙන් වෙන් කර ගන්න පුළුවන්.

     අද වන විට අපේ රටේ කී‍්‍රඩකයින් රැුසකටම තහනම් උත්තේජක චෝදනාවට ලක්ව කී‍්‍රඩා ක්ෂේත‍්‍රයෙන් ඈත්වීමට සිදුවෙලා තියෙනවා. හරියට නම් එසේ තහනම් ඖෂධ චෝදනාවලට ලක් වූ පසු අදාළ කී‍්‍රඩකයාට පමණක් නෙවෙයි එම කී‍්‍රඩකයාට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාට හා කී‍්‍රඩා සංගමයටද දඬුවම් කළ යුතු වෙනවා. ඒත් එම වෛද්‍යවරුන් තවදුරටත් නිදහසේ සිටින්නේ ඔවුන්ට ලැබෙන දේශපාලන හයිය නිසා බව රටම දන්නවා.

     සනත් ජයසූරියට අවුරුදු එකහමාරකට පස්සෙ නැවතත් ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලැබනා. ඒ ඔහු පසුගිය කාලසීමාවේ දක්‍ෂතා දැක් වූ නිසා නම් නෙවෙයි. තමන් කණ්ඩායමට තෝරාගත් පසු යම් තරගයට නිශ්චිතවම කී‍්‍රඩා කරන බව හා ඉන් පසු සමුගන්නා බවට කී‍්‍රඩකයෙකුට කියන්න පුළුවන්ද ? මේ අපේ රටේ කී‍්‍රඩාවට දේශපාලනය බලපාපු තරම් නෙමෙයිද?

     ලංකාවේ කි‍්‍රකට් අද වන විට ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අර්බුදයට ගිහිල්ලා. අඩුම තරමේ කී‍්‍රඩකයින්ගේ පඩි ගෙවා ගැනීමටවත් හැකියාවක් කි‍්‍රකට් පාලක මණ්ඩලයට නැහැ. මේ මුදල් අර්බුදය නිසාම කී‍්‍රඩා ඇමතිවරයා රු.කෝටි 200 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්න කියලා කැබිනට් මණ්ඩලයයෙන් ඉල්ලූවත් තවමත් ඒ සඳහා අනුමැතිය දීලා නැහැ. කි‍්‍රකට් කී‍්‍රඩාව තුළ නාස්තිය ඉහවහා ගිහිල්ලා තියනවා කියලා ඇමතිවරයම කියනවා. ඒ සඳහා නිදසුන් විධියට ඇමතිවරයා කියන්නෙ ළඟ එන ඕස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩලය රු.ලක්‍ෂ 300 ක අයවැයක් හැදුවා. නමුත් ලැබෙන ලාබය රු. ලක්‍ෂ 160 යි. පස්සේ තමන් රු. ලක්‍ෂ 100 ට වඩා සතයක් දෙන්නෙ නෑ කිව්වම නිළධාරීන් වියදම් ඇස්තමේන්තුව රු. ලක්‍ෂ 90 ට හැදුවා කියලා ඇමතිවරයා කියනවා. ඒවගේම මෙම මූල්‍ය අර්බුදය නිසාම කී‍්‍රඩාපිටි නවීකරණය කරන්න බැරි තත්ත්වයට අද කී‍්‍රඩා අමාත්‍යංශය පත්වෙලා තියෙනවා. සූරියවැව රාජපක්‍ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සවිකරන්න ආසන අරගෙන ගිහින් තියෙන්නෙ රංගිරි දඹුලූ කි‍්‍රකට් පිටියෙන් ගලවගෙන. තාම දඹුල්ල කි‍්‍රකට් පිටියෙ ආසන සකස් කරලා නැහැ.     


     ඒතත්ත්වයෙන් අපේ රටේ කී‍්‍රඩාව මුදාගෙන රටට ජයග‍්‍රහණ ගෙන දෙන තැනට කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පත්කිරීම මහා කි‍්‍රයාදාමයක්. ඒ සඳහා මේ සියලූ හේතු කාරණාවලට විසඳුම්දීම කී‍්‍රඩාවට අනුග‍්‍රහය ලබාදෙන අතර කී‍්‍රඩාවට ස්වාධීනත්වය ලබා දිය යුතු දේශපාලන අධිකාරීත්වයේ කාර්යභාරය වෙනවා. ඒත් අපට තියෙන ගැටලූව මේ පොඩි පොඩි වැරදි නිවැරදි කරන්න උත්සාහයක් නොගන්න ආණ්ඩුව 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල, ශී‍්‍ර ලංකා 20 විස්සෙ කි‍්‍රකට් තර`ගාවලිය ආදී මහා කී‍්‍රඩා සැණකෙළි සඳහා සත්කාරකත්වය ලබාගැනීමට පොරකන එක ගැනයි.     භාණ්ඩාගාරයෙන් ලබාදෙන්න කියලා කැබිනට් මණ්ඩලයයෙන් ඉල්ලූවත් තවමත් ඒ සඳහා අනුමැතිය දීලා නැහැ. කි‍්‍රකට් කී‍්‍රඩාව තුළ නාස්තිය ඉහවහා ගිහිල්ලා තියනවා කියලා ඇමතිවරයම කියනවා. ඒ සඳහා නිදසුන් විධියට ඇමතිවරයා කියන්නෙ ළඟ එන ඕස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩලය රු.ලක්‍ෂ 300 ක අයවැයක් හැදුවා. නමුත් ලැබෙන ලාබය රු. ලක්‍ෂ 160 යි. පස්සේ තමන් රු. ලක්‍ෂ 100 ට වඩා සතයක් දෙන්නෙ නෑ කිව්වම නිළධාරීන් වියදම් ඇස්තමේන්තුව රු. ලක්‍ෂ 90 ට හැදුවා කියලා ඇමතිවරයා කියනවා. ඒවගේම මෙම මූල්‍ය අර්බුදය නිසාම කී‍්‍රඩාපිටි නවීකරණය කරන්න බැරි තත්ත්වයට අද කී‍්‍රඩා අමාත්‍යංශය පත්වෙලා තියෙනවා. සූරියවැව රාජපක්‍ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සවිකරන්න ආසන අරගෙන ගිහින් තියෙන්නෙ රංගිරි දඹුලූ කි‍්‍රකට් පිටියෙන් ගලවගෙන. තාම දඹුල්ල කි‍්‍රකට් පිටියෙ ආසන සකස් කරලා නැහැ.

     මේ තත්ත්වයෙන් අපේ රටේ කී‍්‍රඩාව මුදාගෙන රටට ජයග‍්‍රහණ ගෙන දෙන තැනට කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පත්කිරීම මහා කි‍්‍රයාදාමයක්. ඒ සඳහා මේ සියලූ හේතු කාරණාවලට විසඳුම්දීම කී‍්‍රඩාවට අනුග‍්‍රහය ලබාදෙන අතර කී‍්‍රඩාවට ස්වාධීනත්වය ලබා දිය යුතු දේශපාලන අධිකාරීත්වයේ කාර්යභාරය වෙනවා. ඒත් අපට තියෙන ගැටලූව මේ පොඩි පොඩි වැරදි නිවැරදි කරන්න උත්සාහයක් නොගන්න ආණ්ඩුව 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල, ශී‍්‍ර ලංකා 20 විස්සෙ කි‍්‍රකට් තරගාවලිය ආදී මහා කී‍්‍රඩා සැණකෙළි සඳහා සත්කාරකත්වය ලබාගැනීමට පොරකන එක ගැනයි.

     කී‍්‍රඩා ක්ෂේත‍්‍රය අපේ රටට ජයග‍්‍රහණ, කීර්තිය හා අභිමානය ගෙන දුන්නක්. අනෙක් අතින් ප‍්‍රශ්න තුළද අපේ රටේ ජනයා සතුටින් තැබීමට කී‍්‍රඩාව සමත් වුණා. අපේ රටේ කී‍්‍රඩාව තිබිය යුත්තේ මෙතැන නොවන බව කාගෙත් අදහස වන බව නිසැකයි. නමුත් අද වන විට අපේ රට කී‍්‍රඩාව ජයග‍්‍රහණ දෙසට යන වගට කිසිඳු ඡායාවක්වත් නැහැ. අවසන් වශයෙන් අපට කීමට සිදුවෙලා තියෙන්නෙ කක්කුටු බෙන වසා, වක්කඩද බැන්දට පස්සේ හොඳට සකස් කරපු බිමේ බීජ වපුරන ලෙසයි. නැතිනම් ලැබෙන අස්වැන්න හොඳ අස්වැන්නක් වෙන එකක් නැහැ.

0 comments :

Post a Comment