Wednesday, June 25, 2014

දෙවියන් සමග ඩීල් ගැසූ දෝනි අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිංග් දෝනි තමාට එරෙහිව පවර තිබූ නඩුවක් සදහා අධිකරණයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් අනන්තපූර් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තාවේ.

මෙසේ දෝනි අත්අඩංගුවට ගැනීමට සදහා අධිකරණය විසින් නියෝග කිරීමට හේතු වී ඇත්තේ ඔහු පෙනී සිටි වෙළද දැක්වීමක හින්දු භක්තිකයන්ට අපහාස වන ලෙස කටයුතු කළ බවට පැවරූ නඩුවක් හේතුවෙනි.

Thursday, June 19, 2014

මතකය හදන - මකන හැටි සොයාගනී

මතකය මකා දැමීම සහ නැවත එය ප‍්‍රතිස්ථාපනය කිරීම සාර්ථක ලෙස අත්හදා බැලීමට ඇමරිකානු ස්නායු විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

සැන් දියේගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ජාන සැකසූ මීයන් භාවිතා කිරීමෙන් මෙය සිදුකර තිබේ.

මොළයේ නියුරෝන අතර සබඳතා ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම මගින් මතකය පාලනය කළ හැකි බව ඔප්පු කළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

ආ රෝගියා පරමා ලාභා - නව ඖෂධ පනත ගැන කතාවක්

අතීතයේ දී නිරෝගිකම ගැන පැවසුණේ ‘නිරෝගිකම පරම සැපතයි’ හෙවත් ‘ආරෝග්‍යා පරමා ලාභා’ ලෙසිනි. එහෙත් සියල්ල වෙළෙඳ භාණ්ඩ බවට පත් කරනු ලැබූ, රෝග, රෝගීන් මෙන්ම ප‍්‍රතිකාර ද මිල කරනු ලැබූ සමාජයක තේමාව ඊට වෙනස්ය. දැන් තේමාව ” (ෆාමසියට) ආ රෝගියා පරමා ලාභා” යන්නයි. බෙහෙත් ශාලාවට, පෞද්ගලික රෝහලට, පෞද්ගලික වෛi රසායනාගාරයට පැමිණෙන රෝගියා පරම ලාභය උපයන උල්පත බවට පත්ව තිබේ. මේ වන විට ඖෂධ ජාවාරම අන් සියලූ ජාවාරම් අබිබවා අධික ලාභ ලැබීමේ ලයිස්තුවේ පෙරට එමින් තිබේ. ෆෝචූන් 500 නම් ලොව සුපිරිම සමාගම් පන්සියය පිළිබඳ පසුගිය වසර ගණනාවක වාර්තාවලට අනුව එම සමාගම් අතරින් ප‍්‍රධාන ඖෂධ සමාගම් දහය ලබා ඇති ලාභය අනෙක් සමාගම් 490 ලබා ඇති ලාභයට වඩා වැඩිය. අපේ රෝග, සමාගම්කරුවාගේ ලාභය බවට පත් වන ආකාරය ගැන ඊට වඩා නිදසුන් අවශ්‍ය නැත. 

Wednesday, June 18, 2014

චූදිතයා ඤාණසාර ද?

න්‍යායක් නැතිව ක්‍රමයක් නැතිව හැම එකාගේම ස්වෝත්තමවාදී හිත් තුළ තිබූ ජාතිවාදී හැගීම් වලට ගිනි පිබ්බේත් ඒවා දරුණු අවි බවට පත් කළේත් ඤාණසාර නොවේ.

ජාතිවාදයට තියරි සාදමින් කදක් නොතිබූ ඒ මතයට ඔලුවක් තනා එය ශක්තිමත් කළේ ඤාණසාර නොවේ.

ඒ මතය රාජ්‍යයේ මතය කරමින් පාදඩ ජාතිවාදය ශක්තිමත් දේශපාලන මතයක් කළේ ඤාණසාර නොවේ.

Saturday, June 7, 2014

නයි නළඟන හා ජඩමාධ්‍ය

දැන් මාධ්‍ය-වේදීන් නැත ඇත්තේ ප්‍රසව හා නාරිවේදීන්ය, උන් දැන් මුරකරන්නේ තිඹිරි ගෙවල්ය, අනුරාධපුර රෝහලට පොලීසිය යොදවන්නට වන්නේ ජඩ මාධ්‍ය -වේදීන් ප්‍රසව හා නාරිවේදීන් වී ඇති නිසාය, ගැහැණියකට මෙතරම්ම එළව එළවා පහර ගසනා රටක් මුලු ආසියාකරයේම ,ලෝකයේම තබා මේ ක්ශීරපථයේම ඇතැයි සිතිය නොහැක...

නයි නළඟනට පැටියෙකු ලැබෙන මාතෘකාවක් සෑම ගොසිප් අඩවියකම, දිනපතා පුවත් පතකම ප්‍රධාන මාතෘකාව වී තිබේ...ගැහැණියකට දරුවෙකු ලැබීම එතරම්ම අරුමයක් වන්නේ මේ ජඩ මාධ්‍ය කලාව නිසා නොවේද?

විරහව වෙනුවට මරණය - ඇල්පිටියේ සරසවි ශිෂ්‍යාවගේ මරණයෙන් උගෙනීම

මාතලේ සරසවි ශිෂ්‍යාවකගේ අබිරහස් මරණය සහ යුද හමුදා කමාන්ඩෝ සෙබළකු විසින් තම පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඝාතනය සිදුව තිබුණේ පසුගිය 24 වැනිදා අලූයම ඇල්පිටියේ දීය, මියගොස් තිබුණේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක වූ ඩිමාෂා ගයනකීය. ඇය අවුරුදු 22 ක තරුණියකි. ඝාතකයා ශ‍්‍රීලංකා යුද හමුදාවේ හතර වැනි ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරාළ නමැති 26 හැවිරිදි තරුණයෙකි. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට සිද්ධිය මෙසේය. 

ඩිමාෂා විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර මෙම සෙබළා සමඟ පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණි පසු වෙනත් තරුණයකු සමඟ සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර ඉහත කී සෙබළා සහ ඇය අතර ඒ පිළිබඳ රණ්ඩු සරුවල් පවා ඇති වී තිබේ. ඇය ගෙදර පැමිණ යළිත් කොළඹට යාමට පිටත් වී ඇත්තේ පසුගිය 24 වැනිදා අලූයමය. ඇය හමුවීමට එදින හමුදා සෙබළා පැමිණ ඇත. ඔවුන් දෙදෙනා ඇල්පිටිය නගරයේදී හමු වී තිබේ. අත්අඩංගුවට පත් සෙබළා පවසන්නේ අලූත් සම්බන්ධතාව නතර කරන ලෙස තමන් ඉල්ලා සිටි නමුත් ඇය තමන්ගේ ඉල්ලීම නොතකා හැරීම නිසා පිහියෙන් ඇන ඝාතනය කළ බවයි.