Wednesday, June 25, 2014

දෙවියන් සමග ඩීල් ගැසූ දෝනි අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිංග් දෝනි තමාට එරෙහිව පවර තිබූ නඩුවක් සදහා අධිකරණයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් අනන්තපූර් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තාවේ.

මෙසේ දෝනි අත්අඩංගුවට ගැනීමට සදහා අධිකරණය විසින් නියෝග කිරීමට හේතු වී ඇත්තේ ඔහු පෙනී සිටි වෙළද දැක්වීමක හින්දු භක්තිකයන්ට අපහාස වන ලෙස කටයුතු කළ බවට පැවරූ නඩුවක් හේතුවෙනි.

ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් ”God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

‘දෙවියන්’ විඥානවාදී සංකල්පයක්. මිනිස්සු තේරුම්ගන්න බැරි දේවල්වලට දේවත්වයක් ආරූඪ කලා. අග්නි, වරුණ, ඉන්ද්‍ර, මේඝ, මරුත්, සියුස්, ඒරිස්, ප්‍රොමිතියස් වගේ දෙවිවරු හැදෙන්නේ ඒ විදියට. පස්සේ කාලෙක ඒක ආගම වුණා. පවතින නවලිබරල් ධනවාදය කියන්නේ විකිණිය නොහැකියි කියලා සම්මත හැමදෙයක්ම විකුණන සමාජ ක‍්‍රමයක්. අධ්‍යාපනය, සෞඛ්‍ය, කලාකරුවෝ, ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ, දෙවියෝ මේ ඕන දෙයක්. ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ දෙවියන්ට අන්දලා විකුණන්නත් ඒකට පුළුවන්. අද ඉන්දියාවේ මේ දෙක හැප්පෙනවා. ඒත් හෙට?


0 comments :

Post a Comment