එකමත් එක කාලයක මුම්බායි හි සිදුවූ සිදුවීමක් පාදක කොට නිර්මාණය වූ චිත්‍රපට අත්දැකීමක් වන once upon a time in Mumbai පිළිබඳ සටහනක් තැබීමට අප කල්පනා කලේ එහි කියවෙන කතාව හරහා වත්මන් මොහොත තුළ ලංකාවේ සිදුවන සමගාමී සිදුවීම් පිළිබඳ යම් සංවාදයක් ගොඩනගාගැනීමේ අදහසිනි.
මෙහි කතාව ගොඩනැගෙන්නේ Sulthan Mirza නම් ව්‍යාපාරිකයෙක් වටාය. ඔහු ඉන්දියාවට නිදහස ලබා අවුරුදු කිහිපයකට පසු මෙලොව එළිය දුටුවෙකි. දෙමාපිය සරණක් නොමැති අසරණයෙකි. නැවක ළමා මෙහෙකරුවෙකු ලෙස පේස 25ක පමණ ඉතාම අඩු පඩියකට රැකියාකරන මේ නොදරුවා නොබෝ කලකින්ම මංකොල්ලකරුවන්ගේ ප්රමුඛ ගෝලබාලයෙකු බවට පත් වී අවසන මුම්බායි නගරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු බවට පත්වේ. ඔහු සිය නායකත්වයෙන් Mafia සංවිධානයක් ගොඩනගයි. නමුත් මොහු මෙහි දැක්වෙන ආකාරයට සරදියෙල් පන්නයේ පුද්ගල ස්වභාවක් සහිත අයෙකි. දුප්පතුන්ට උදව් කරන අයෙකි සොරකමේ දීද යම් යම් ප්රතිපත්තීන් රකින්නෙකි.