Thursday, December 25, 2014

දෛවඥයන් දෙදෙනා අතර ගැටුම්

මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ ජනාධිපතිවරයා වෙනුවෙන් අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර අතර මේ වනවිට ද්වන්ද සටනක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 සිට ජනවාරි 06 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාට අසුභ කාලයක් බවත් ඉන් අනතුරුව සුභදායක තත්වයක් ඇති වන බවත්ය. එහෙත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 08 වෙනි දිනට යොදාගෙන තිබෙන නැකත නිසා ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීඝ්‍රයෙන් බලය පිරිහීමකට පත්වන බවය.


චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ අනාවැකිය ප්‍රසිද්ධ නොකර තිබෙන්නක් බවත් ජනාධිපතිවරයාගේ නිල දෛවඥයා අභිබවා නොයා ප්‍රවේශමෙන් ඔහු කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ. මොහු ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ 09 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන බවය. ඉන් අනතුරුව දින ගණනාවක් සිදු වන ක්‍රියාවලිය පිළිබඳව ඔහු ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නැත.

0 comments :

Post a Comment