Saturday, December 20, 2014

මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ - රෙහානේ මරණීය දණ්ඩයට පෙර මවට ලියූ ලිපිය

තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.

ඇය විසින් ඝාතනය කර ඇත්තේ, මොරතසා අබ්දොල්අලි සර්බාන්දි නම් ඉරාන හිටපු බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකි. ජබාරි අධිකරණයට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා තමන් ලිංගික බලහත්කාරයට ලක්කිරීම උත්සාහ කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇන ඔහු ඝාතනය කළ බව ය.
අදාළ පුද්ගලයා ව්‍යාපාරික ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා සිය කාර්යාලයට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව එම ස්ථානයට ගිය අවස්ථාවේ මෙය සිදු වූ බව ත් ඇය පවසා ඇත. ඇමිනේස්ටි ජාත්‍යන්තරය ඇතුළු සංවිධාන රැසක් ඇයගේ නඩු තීන්දුවට එරෙහිව නැගී සිටිය ද එම කිසිදු සංවිධානයකට ඇය මරණයෙන් ගලවා ගැනීමට නෙහැකි විය.

ඇය නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වූ මරා දැමුණු පුද්ගලයාගේ පවුලේ අයගේ අනුමැතිය ලබාගැනීමට රිහානි ගේ ඥාතීන් අසමත් වී ඇති අතර ඇය මෙම මිනී මැරුම කරන ලද්දේ ආත්ම ආරක්ෂාවට බව නඩු විභාගයේදී ඔප්පුකිරීමට ඇය අසමත් වීමද මෙසේ එල්ලා මරාදැමීමට හේතු වූ බවද “ටස්නීම්” මාධ්‍ය ආයතනය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම නඩුව නැවත අසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද ඉල්ලීමක් කර තිබියදී සිකුරාදා උදෑසන මරණීය දණ්ඩනය ලබාදී තිබේ.

පහත දැක්වෙන්නේ මරනීය දණ්ඩනයට දින 12කට පෙර සිරගතව සිට ඇය තම මවට ලියූ ලිපියේ සිංහල පරිවර්ථනයයි. 

ආදරණීය චෝලේ (අම්මේ),

සෙනසුරාදා ඉෂාස් නීතිය මා ලඟට ආවා. මගේ ජීවිත පොතේ අවසාන පිටුවට මම ආවා කියලා ඇයි මට කිව්වේ නැත්තේ. ඒක මට වේදනාවක් ඒ වේදනාව ඔබට දැනුනේ නැද්ද? ඔයා දුකෙන් ඉන්නකොට මට ලැජ්ජයි. අම්මාගේ අතයි, තාත්තාගේ අතයි සිඹින්න මට අවස්ථාව නොදුන්නේ ඇයි? 

මේ ලොකය අවුරුදු 19ක් මට ජීවත් වෙන්න අවසර දුන්නා. ඒ අඳුරු රාත්‍රියේ මරන්න නියමිත වුණේ මාව. එහෙම වුණානම් මගේ සිරුර මෙලහට නරක තැනකට විසිකරලා. දවස් කීපයකට පස්සේ ඔයාව අඬගහගෙන යන්න තිබුණා මගේ ශරීරය හඳුනාගන්න. එහෙම වුණානම් ඒ දවසේ ඔයාට අඳුනාගන්න තිබුණා මාව කෙනෙක් අපයෝජනය කරලාත් තිබුණා කියලා. එදා මාව මරපු කෙනා ඔයාට කවදාවත් හඳුනාගන්න වෙන්නේ නෑ. උන්ට තියෙන සල්ලි, බලය අපි ගාව නෑ. ඊට පස්සේ ලැජ්ජාවෙන් රිදුම් දිදී ඔයාටත් ජීවත් වෙන්න තිබුණා. ඊට අවුරුදු කීපයකට පස්සේ ඔයත් ජීවිතෙන් සමුගනියි. එතකොට සියල්ල අවසන් වෙලා. 
මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ.

මේ ලෝකේ එක් එක පුද්ගලයෝ එක එක දක්ෂතා එක්ක උපදින්නේ. එක එක්කෙනාගේ ජීවිත එක එක්කෙනාට බලය පවරණවා. ඔයා එහෙම කියලා දුන්නා මතකද? සමහර වෙලාවට කෙනෙක් විප්ලවයක් කරන්න ඕන කියලා මම ඉගෙන ගෙන තියෙනවා. කරත්ත තල්ලු කරන මනුෂ්‍යෙයකුගේ මූණට ගහලා ගහලා අන්තිමට එයා මිය යනවා. අපි මැරිලා ගියාට කමක් නෑ උත්කෘෂ්ට සමාජයක් හදන්න දිගටම සටන් කරන්න ඕනා කියලා ඔයා මට කියලා දුන්නා මතකද? හැබැයි මට දඬුවම් දුන්නේ ඒක බලලා නෙමෙයි. මම එදා කරපු දේ මිනීමැරුමක් කියලා මට හැඟුණේ නෑ. මම මදුරුවෙක්වත් මරපු කෙනෙක් නෙමෙයි. කැරපොත්තෙක් ගෙදරට ආවත් මම මැරුවෙ නෑ, තටුවෙන් අල්ලලා එලියට විසිකෙරුවා විතරයි. 

මට දඬුවම් දෙනකොට එයාලා නිකන්වත් බැලුවෙ නෑ මගේ අද බොක්ෂින් ක්‍රීඩකයෙකුගෙ වගේ දරදඬුද කියලා. අම්මේ ඔයා කිව්වා නේද මව්බිමට ආදරේ කරන්න ඕන කියලා. ඒත් මව්බිමට දැන් මාව ඕනෙ නැතිලු. උසාවියේදී නිතීඥයෝ මගෙන් ප්‍රශ්න කරද්දී මම වැරැද්දක් කෙරුවේ නෑ කිව්වම මට කුණුහරුපෙන් බැන්නා. මට අන්තිමට හිතුණා මොනවා වුණාත් හැමෝම ලස්සනයි කියන මගේ කොන්ඩෙවත් මට ඉතුරු වෙයි කියලා. ඒත් ඒකත් උන් කපලා දැම්මා. ජීවිතේ අන්තිමට මට ලැබුණේ මරණ දඬුවම තෙක් දවස් 12ක හිරදඬුවමයි තට්ට හිසකුයි විතරයි. 

ආදරණීය චොලේ, අඩන්නැතුව මේක අහන්න. මම කතාකරන දේවල් නැවතීමේ තිත් නැතුව දිගටම යනවා. මගෙන් පස්සේ ඒක වෙන වෙනෙක් භාර ගන්නවා. ඔයා මා ලඟ නෑ. මම නැතිවුණාට පස්සේ මගේ වචන ටික ඔයා ලඟට එයි. මගේ අතින් ලියපු ගොඩක් ලියුම් ඔයාට ලැබෙයි. 

ආදරණීය චොලේ, සොකේ ඔක්කොම එක පැත්තකට තියලා මම කියන දේවල් ඔයාට බර වැඩියි කියලා මම දන්නවා. මගේ මරණ දඬුවම ඉවත් කරන්න කියලා ඔයා කාටවත් බැගෑපත් වෙන්න එපා. ඔහෙම වෙන්න කියලා ඔයාගෙන් මම ඉල්ලන්නෙත් නෑ. මම මගේ ජීවිතයට ගොඩාක් ආදරය කරනවා. මම ආදරය කරන තවත් ජීවිතයක් නැති කරන්න මම කැමති නෑ. ඒ හින්දා මම මැරුණට පස්සේ මගේ හදවත, වගුගඩු, ඇස්, අස්ථි, ඒ සියල්ල අරගෙන ඒවා නැති අයට දෙන්න. ඒවා ලබාගන්න අයට මගේ නම කියන්න එපා. 
ආදරණීය චොලේ, ඔයා අඬන්න එපා. ඔයා කළු කළු ඇඳුම් අඳින්නත් එපා. මගේ කටුක ජීවිතය ඔයා අමතක කරන්න උත්සාහ කරන්න. මාව සුළඟට භාර දෙන්න. 

මේ ලෝකේ අපිව පිළිගත්තේ නෑ. මම දෛවය පිළිගන්නේ නැ. ඒකට යටත් වෙන්නෙත් නෑ. මම මැරිලා යනවා. මේ තීරණේට සම්බන්ධ පොලිසිය, නීතීඥයින්, විනිසුරු, රස පරීක්ෂකවරයා, බලන් හිටපු කට්ටිය ගැන මම දෙවියන්ට කියනවා. මෙයාලා මාව මේ ලෝකෙදි වැරදිකාරියක් කියලා කිව්වා. මෘදු හදවතක් තියෙන මගේ ආදරණීය චෝලේ, ඒ ලොකෙදි මම මෙයාලව වැරදිකාරයෝ කියලා කියනවා. ඒ ලෝකෙදි මෙයාලා තමයි වැරදිකාරයෝ. දෙවියන්ගේ නීතිය කොහොමද කියලා අපි බලමු. මම මැරෙන තෙක් ඔයා වඩාගෙන ඉන්නවට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඔයාට මම ගොඩාක් ආදරෙයි. 
රෙහානේ

0 comments :

Post a Comment