Tuesday, May 13, 2014

සමහන් නමින් වස විස පොවන වසර 20 ක ගෙන ගිය භයානක වංචාව මෙන්න

සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත.

එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.

මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය


මෙතරම් සීනි ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස සැලකිය නොහැකි අතර එය සාමාන්‍යයෙන් රසකැවිලි ඝනයට වැටෙන්නකි.

එසේ වූ විට එම නිෂ්පාදනය වැට් බද්දට යටත් වේ.

ආයුර්වේද ඖෂධ වැට් බදු වලින් නිදහස් හෙයින් සමහන් ආයුර්වේද ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර වැට් බදු ගෙවීම පැහැර හරිමින් සිටියද එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව එය රසකැවිලි ඝනය යටතේ වැට් බදු අය කර ගත යුතු නිෂ්පාදනයක් වේ.

මෙම නිෂ්පාදනයේ අලෙවි වාර්තා සැලකිල්ලට ගෙන ගණනය කළහොත් රජයට අහිමිවූ ආදායම මෙතෙක් සිදුවූ බවට හෙළි වී ඇති වංචාවට වඩා ඛෙහෙවින් වැඩි විය හැකි වන්නේ මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් පුරා සිදුවෙමින් පවතින්නක් වන බැවිනි.

තවද මෙම නව ලිබරල් ජේකොබ්ලාගේ උපදෙස් යටතේ 'සැමදා සමහන් සැමදා සුවෙන්' යනුවෙන් නිතර ප්‍රචාරය කරමින් කුඩා ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම සිරුරට අභිතකර රසායනික මධ්‍යසාර හා සීනි පොවමින් ජාතික සෞඛ්‍යයට සිදුකරන හානිය මුදලින් තක්සේරු කල නොහැකි තරම් අති විශාලය.

රුපියල් දෙකක් වත් වියදම් නොවන මෙවන් ප්‍රෝඩාකාරී නිෂ්පාදනයක් රුපියල් පහලොවකට අලෙවි කිරීමෙන් හා රජයට අයවිය යුතු වැට් බදු පවා මග හරිමින් සිදු කරන මෙම වංචාවට හවුල්ව ජීවිතය ගැට ගසා ගන්නා කුසල් පෙරේරා වැනි ෙජ්කොබ්ලා සැලකිය හැක්කේ නව ලිබරල්වාදීන් ලෙස නොව කූඨ ගේම් කාර වංචනිකයින් ලෙසය.

නීතියක් හෝ විනයක් නොමැති ආශ්චර්යමත් රටක් වන ශ්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත.

4 comments :

කඩයිමේ ධනුවා said...

අම්මෝ.... මේක දන්නේ අදනේ
නියම ලිපියක්

Anonymous said...

මේ ගැන ලංකා ඊ නිව්ස් එකෙත් ලිපියක් ගියා. ඇත්තටම මේ කරුණු විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවාද? බදු වංචාව නම් නියමෙට යනවා ඇති.

fernando said...

ආයතන වලට මඩ ගහන්නත් මෙහෙම ඕන කෙනෙකුට ලියන්න පුලුවන්. සාක්ෂි සහිතව ඔප්පු කලානම් නෙද හොඳ?

සපතේරු උන්නැහේ said...

ඔය මහත්තුරු හෙට අනිද්දට දොස්තරවරු වෙන්න ඉන්න උදවිය... තනිකර දේශපාලනික අරමුණකින් ලියවුන ලිපියක් මෙතන කොපි පේස්ට් කරනවට වඩා, මේ ගැන ඉතා සරල මට්ටමේ පරික්ශණයක් කරල , නිරීක්ශන නිගමන සහිත වාර්තාවක් ඉදිරිපත් කරන එක නේද හරි විදිහ.

මේ ප්‍රොෆ් කොල්වින් ගුණරත්නගෙ වචන..

// රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවෙහි සභාපති ලෙස 1994 සිට 2001 දක්‌වා කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා - එය සමහන් සම්බන්ධව ලැබුණු පැමිණිලි ඔස්‌සේ ආරම්භ වූ බවය. පැරසිටමෝල්, ප්‍රෙඩිතිසොලේන් ඇතුළු බටහිර ඇලෝපතික ඖෂධ සංයුතින් සමහන්වල අඩංගු යෑයි ලිත පැමිණිලි ගණනාවක්‌ තමන් වෙත ලැබුණු බව මහාචාර්ය ගුණරත්න සඳහන් කළේය.

ඇතැමුන්ගේ මතය වූයේ බටහිර ඇලෝපතික ඖෂධ කවලම් කිරීමෙන් ලින්ක්‌ සමහන් අසාමාන්‍ය ශක්‍යතාවක්‌ ලබා ගෙන තිබෙනවා කියලා. ඖෂධ නීතිගත සංස්‌ථාවේ සභාපති වශයෙන් ඒ ගැන සොයා බලන්න මට වගකීමක්‌ තිබුණා. නමුත් ලින්ක්‌ සමහන් පානය කිරීමෙන් කිසිදු හානියක්‌ නොවන බව වගකීමෙන් මට කියන්න පුළුවන්. මම සතියකට කිහිප දිනක්‌ විශේෂඥ වෛද්‍ය උපදේශනයන් පවත්වනවා. ඒ සඳහා පැමිණෙන ඇතැම් රෝගීන් මගෙන් අහනවා සමහන් ගන්න එක හොඳද කියලා. සමහන් ගැනීම සම්පූර්ණයෙන් මම අනුමත කරනවා යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය. //

[ මම සමහන් භාවිතා කරන්නෙක් නොවෙමි. කිසිවෙකුට එය භාවිතා කරන්නට යැයි මේ කොමෙන්ටුව මගින් ඉඟි නොකරමි. මේ උගත් ළමයි මීට වඩා විචාරශීලී විය යුතු බව පෙන්වා දීම පමනක් අදහස් කලෙමි ]

Post a Comment