Tuesday, November 12, 2013

කලාකරුවෙක් තම වෘශණ කෝෂවලට ඇණගසාගනිමින් නිරුවත් විරෝධතාවක

ප්‍රාසාංගික කලාකරු ප්යෝතර් පව්ලෙන්ස්කි රුසියානු සමාජයේ වන දේශපාලනික උදාසීනත්වයට හා දෛවවාදී ස්වභාවයට එරෙහිව විරෝධය පළ කරමින් මොස්කව්හි රතු චතුරශ්‍රයේදී සිය වෘෂණ කෝෂවලට ඇණ ගසා ලනු ලැබුවේය.

සියවස් ගණනාවක් තිස්සේ රතු චතුරශ්‍රය ප්‍රසිද්ධියේ දඩුවම් දීම් හා හමුදා ආචාර පෙළපාලි යනාදියට වෙන්ව තිබුණත් මෙම කලාකරුවා විරෝධය දක්වනු වස් සිය අණ්ඩ කෝෂයන් රතු චතුරශ්‍රයේ වටකුරු ගලකට තබා ඇණ ගසා ගනිමින් කළ වේදනාකාරී රංගය රතු චතුරශ්‍රයට නව මානයක් ගෙන දුන්නේය. ආටෝගේ කුරිරු රංගය එය සැබැවින්ම මිහිමතට ගෙනායේය.
දීර්ඝ කාලයක් මුළුල්ලේ කලාව, සාහිත්‍යය හා නිදහස් අදහස් මර්ධනයේ මෙන්ම නිලධාරිවාදයේද, රුසියානු මහජාතිවාදයේද, රතු පැසිස්ට්වාදයේද බලකොටුව වූ රුසියාව පෙරෙස්ත්‍රොයිකා හා ග්ලාස්නොට්ස්වලින් පසු යම් ප්‍රජාතාන්ත්‍රික මගකට ගමන් කළේය. නමුත් යළිත් මේ වන විට රුසියාව පොලිස් රාජ්‍යයක් බවට පල්ලම් බසිමින් සිටියි.
'රජය මුළු රටම එකම විසල් සිරගෙයක් බවට පත් කරමින්, ජනතාවගෙන් සොරා ගනිමින් පොලිස් උපකරණ සහ අනෙකුත් පීඩක ව්‍යුහයන් තර කරන්නට එම මුදල් යොදා ගන්නා බවත්, සමාජය මෙයට ඉඩ දෙමින්, වගේ වගක් නැතිව සිටීමෙන් පොලිස් රාජ්‍යයක විජයග්‍රහණය තහවුරු කෙරෙන බවත්' පව්ලෙන්ස්කි කියා සිටියි.

සිය අණ්ඩ කෝෂ ඇණ ගසා ගැනීමේ ක්‍රියාව සැබැවින්ම ඔහු සිදු කළත්, එය අතිශය වේදනාකාරී වුවත් ඔහු එය කරනුයේ රුසියානු ජනයා පත්ව ඇති තත්වය පිළිබඳව අලංකාරිකයක් වශයෙනි. මෙම රංගනයට පෙරද ඔහු මෙවන් ස්වයං විනාශකාරී කලාත්මක ඉදිරිපත් කිරීම් සිදු කොට තිබේ. පුසි රයට් සංගීත කණ්ඩාය‍මේ සාමාජිකාවන්ට සිර දඩුවම් නියම කිරීමට එරෙහිව ඔහු සිය තොල් එකට තබා මසා ගත් අතර, රුසියානු රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් ඉදිරිපිට තමාව කටුකම්බිවලින් ඔතා ගත්තේය.

එය මර්ධනකාරී නෛතික පද්ධතියක් තුළ පුද්ගලයෙකුගේ පැවැත්ම සංකේතවත් කරන බව ඔහු පැවසීය. රුසියාවේ ප්‍රමුඛතම නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන ක්‍රිල් සෙරිබ්‍රෙනිකොව් සිය පේස් බුක් පිටුවේ මෙසේ ලියා තැබුවේය.

' මෙම රඟ දැක්වීම පරම අපේක්ෂා භංගයේ ප්‍රබලතර වූ අභිනයකි.'

ඉරු දින කෑම පැයේ රතු චතුරශ්‍රය දිගේ ඇවිද ආ ඔහු සම්පූර්ණයෙන්ම නිරුවත්ව මෙම ක්‍රියාව සිදු කොට ගෙන තිබේ. පැයකට පමණ පසු ඔහුව තුවාලවලට ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන ගියත් රෝහල් ගත වීම ඔහු ප්‍රතික්ෂේප කොට ඇත. පසුව ඔහුව පොලිස් ස්ථානයට ගෙන ගොස් තිබේ. දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව දින පහලොවකට සිර අඩස්සියේ තැබීමට නියම විණි.

එදින අහම්බයකට මෙන් පොලිස් දිනය වූ අතර පොලිස් නිලධාරීන් හා නීතිය සවිබල ගැන්වීමේ නිලධාරීන් එය සමරමින් සිටියෝය.

මෙරට බොහෝ කලාකරුවන්ට ඇණ ගසා ගන්නට ඇට දෙකක් ඇත්තේ නැති නිසා ඔවුන් කරන්නේ රෙජිමයේ ඇට අත ගෑම, කැසීම, ලෙවකෑම හා සූප්පු කිරීමයි.

මේ ඔහු සිය විරෝධය පළ කළ අවස්ථාවන්ය.

(lankadaily.lk)

1 comments :

Anonymous said...

අපේ එවුන්ගේ ඇටේ රජා කටේ දාලා හපලා .ඒකනේ උන් රජාගේ බටේ , කටේ ගහගෙන රටේ නැති එව්වා කිය කියා රජා වටේ යන්නේ.

Post a Comment