Thursday, November 14, 2013

ආදරය විකිනීමට හෝ බදු දීමට දැන් වෙළඳපලේ...

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතා වලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගතහැකි සේවාවක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වෙනවා.

එම වෙබ් අඩවියේ සැරි සැරූ අපට දැකගන්නට හැකි වුයේ පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි බවයි.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කරන්නට පුළුවන. දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකියි.

එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3යි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරෙනවා. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරනවා.

සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත‍්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වනවා. එය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් නම් මුදල දෙගුණ වනවා. තොල් සිප ගැනීමට යුවාන් 50 යි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකියි.

මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.

මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී තිබෙන බව මේ සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණා.

hotandfastnews  ඇසුරිනි.

0 comments :

Post a Comment