Monday, October 7, 2013

ලාංකික පිරිමියාගේ ජීවන දේශපාලනය ( කරන්න සිදුවන හෝ මුහුණ දෙන්න)


පුංචිම කාළෙ - සුභසාධන වාදය :

"කාන්න මයි අම්මා...තව කටක් කන්න...කාලා ඉක්මනට බණ්ඩිය පුලවගෙන පුතු ලොකු වෙන්න එපැයි...කන්න පුතේ..."

ඊට ටිකක් ලොකු වෙන කොට - ජාති වාදය :

" මෙහෙ දෙනවා ඕක...ඔය බැට් එක මගේ....අම්මේ මෙන්න මල්ලි මගේ බැට් එක ගත්තා.....ගහනව දත් කැඩෙන්න මගෙ බැට් එක දුන් නැත්තං... අම්මේ අයියට බැට් එකක් අරන් දුන්න නම්, මටත් එකක් ඕන..."

ඊටත් ටිකක් ලොකු වෙනකොට - සමාජවාදය :

"ඒයි... මෙන්න මූ තනියෙන් බත් එකක් කනවා....අඩෝ කැත වැඩ කරන්න එපා. අපි ඉන්දෙද්දි, තෝ තනියෙන් බත් එකක් කන්න...? ඒයි වරෙල්ලා, බත් එකක් තියෙනවා...බහිමු...!"

ඊටත් ටිකක් ලොකු වෙන කොට - ප්‍රජාතන්ත්‍රවාදය :

"උඹ ඔය කටයුත්ත කරගන්නවට මමවත්, උඹලගෙ තාත්තා වත්, උඹලගේ අයියා වත්, අක්කාවත් කීයටවත් කැමති නෑ....අපි උඹට ඕකිව මේ ගේ අහලක ගේන්න දෙන්නෙ නෑ...."

ඊටත් ටිකක් ලොකු වෙන කොට - ෆැසිස්ට් වාදය / නාසි වාදය :

"තමුසෙට කන්න ඕන නම්, අද ගෙදර එනකොට මේ ලිස්ට් එකේ තියෙන බඩු ටික ගේනවා...කට ගොන්නක් බීගෙන, යාලුවො එක්ක සවරම් කෙළින්නෙ නැතුව, කළින් එන්න බලනවා....නැත්තං ගිය තැනක ලගිනවා...."

ඊටත් ටිකක් ලොකු වෙනකොට - රාජාණ්ඩු ක්‍රමය :

"දුවේ, උඹට මම මේ කියන අවසාන වතාව...උඹ ආයෙ ඕකා එක්ක රවුම් ගහලා අහු උනොත්, උඹගෙ හතර හන්දි කඩනවා දැන ගනිං....උඹ දන්නෙ නෑ මේ අප්පා කවුද කියලා තාම..!...උඹව කපලා මූදෙ දැම්මත් ඕකට දෙන්නෙ නෑ මම...!.."

අන්තිම කාළයෙදි - ජාතික චින්තනය :

"මාන් ඉතින් දැන් මේ, පැළේකට සාත්තු කරගෙන, සතෙකුට කන්න ටිකක් දීගෙන, බණක් භාවනාවක් කොරගෙන ඉන්නවා..."

by- Damith kethaka

2 comments :

arugeadaviya said...

නියමයි....ටොපේ ටොප්!!!!!!!!!!

නාඩියා නාඩිරත්න said...

හනේ අප්පේ අපේ ජිවිතේ!

Post a Comment