Wednesday, September 25, 2013

Who are you?

මම විද්‍යාර්ථියෙක්... but මම දැනුම ගවේෂණය කරන්න නම් ඒ හැටි කැමැත්තක් නෑ! දෙන notes 1 හොදට කට පාඩම් කරල , දෙන ස්වරය ඒ විදිහටම කියලා, දෙන පදය ඒ විදිහටම නටලා, දෙන cours works ඔක්කොම ඒ විදිහටම ඇදලා, කියන කියන හැම act 1 ම පුළුවන් තරම් හොදට රගපාලා, දෙන පදය ඒ විදිහටම ගහලා ජීවිතේ දිනන්න ඉන්න කෙනක්! මේ අවුරුදු 4 පුරාවට පැක් කර ගන්නා package 1, ජීවිත කාලේ පුරාවටම ආයෝජනය කරනවා. ඊට පස්සෙ ඒකෙන් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව...... ඊට වඩා දෙයක් මේ ජීවිතෙන් කරන්න නම් මට අදහසක් නෑ!

අපේ රටේ නම් හැමදාම එක එක ආතල් set වෙනවා... ඔව්, වැලිවේරියේ රතු පස් වල කේස් එකේදි මිනිස්සු තුන් හතර දෙනෙක්ම මැරුනා.. කොහොමත් ඉතින් අපේ රටේ 1 දවසකට මිනීමැරුම් 5ක් විතර අනිවා set වෙනවාමයි... ඒ විතරක්යෑ ලෝකෙම 1 දවසකට මිනිස්සු 25000 ක් බඩගින්න නිසාම මැරිලා යන්නේ.... අපෙ අම්මේ මම මොනවා....... කරන්නද ඕවට ?????????

ඇයි තව තියෙනවා !! ලංකාවේ 1 දවසකට ගැහැණු අය 6 දෙනෙකුට වඩා ලිංගික බලහත්කාරකම් වලට ගොදුරු වෙනවා... ඕවා සහගහන අපරාධ ! මගේ අක්කලා නංගිලා අම්මලාටත් ඔය අවධානම ඔහොම්මම තියෙනවා! but මට ඒ වෙනුවෙන් මුකුත් කරන්න හැකියාවක් නෑ.., මu ටිකක් busy...., ඕවට යොදවන්න කාලයක් නෑ.

මාතලන්, ටොක්කා කියන්නෙ මාරම හොද මිනිස්සු... shit….! කියලා වැඩක් නෑ මාරම හොද කොල්ලො... ආණ්ඩුවේ පාහර හැත්ත උන්ව මරලා දැම්මා.. ඒත් මට මාතලන්ල වගේ වෙන්න බෑ.. මිනිස්සු වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ඒ වගේ කැප වීමෙන් ජීවත් වෙන්න මට විදිහක් නෑ.. මොකද මට දෙමාපියන්ගෙ හීන, මගේ ජීවිතේ වෙන්න මට විදිහක් නෑ.. මොකද මට දෙමාපියන්ගෙ හීන, මගේ ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා හැබෑ කරගන්න.. මම ඒවා ඉෂ්ට කරන්න ඕන.. ඉතින් අධ්‍යාපනය නෙවෙයි, රටම මකබෑවිලා ගියත් මට නං කමක් නෑ !!!!

-මගේ හෘද සාක්ෂිය -

By Sithara Maduwanthi

0 comments :

Post a Comment