Friday, September 13, 2013

කෘතිම සජීවී මොළයක් විද්‍යාගාරයක් තුලදී සාර්ථකව නිපදවයි

පසුගියදිනක ඕස්ට්‍රියාවේ වියින්නාහි (Vienna) විද්‍යායතනයක (Institute of Molecular Biotechnology of the Austrian Academy of Sciences) විද්‍යඤයින් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම සජීවී ත්‍රිමාණ මිනිස් මොළයක් සාර්ථකව නිපදවා තිබේ. මෙය නිපදවීම සඳහා මිනිස් සමෙහි සහ කලළ වල සජීවී සෛල කොටස් යොදාගෙන ඇති අතර, මිනිස් මොළයක පවතින සියලුම මූලික කොටස් සාර්ථකව වර්ධනයවීඇත.

මෙම නව සොයාගැනීම ලොව විවිධ පාර්ෂවයන් අතර මහත් ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙමින් පැවතියද, මිනිසාට වැලදෙන සුවකිරීමට ඉතා අපහසු මානසික රෝග ඇතුලු වෙනස් ස්නායු ආබාධවලට (microcephaly, autism, schizophrenia etc...) ප්‍රතිකාර කරන නව ක්‍රම වෙත යොමුවීමේ අවස්තාව මෙමගින් උදාවී ඇතැයි එම විද්‍යාඤයින් කණ්ඩායම පවසයි.

මෙය නිපදවීම සඳයා යොදාගත් මූලික පියවර පහත දැක්වේ.


පහතින් දැක්වෙන්නේ එම මොළයෙහි කොටසක ත්‍රිමාණ චායාරූපයකි.


පහතින් දැක්වෙන්නේ එම මොළයෙහි කොටසක දිවිමාන චායාරූපයකි.

 

මෙය නූතන විද්‍යාමක සංවර්ධනයේ නව පෙරලියක් ඇතිකිරීමට නියමිතය. එමෙන්ම නූතන විද්‍යාත්මක දැනුමතුලින් අධ්‍යනයකිරීමට අපහසුව තිබූ බොහෝදේ පිලිබඳව අධ්‍යනය කිරීමට නව මාවත් විවරවෙමින් පවතී. සියලුම ආගමික මතවාදයන් වල මූලික පදනම වන විඥානවාදී දර්ශණය සහ නූතන විද්‍යාත්මක දැනුම පදනම්කොට ගොඩනැගෙමින් පවතින භෞතිකවාදී දර්ශනයේ මූලික න්‍යායාත්මක බෙදීම වන සිත පිලිබඳ සංකල්පයේදී විඥානවාදීන්ට නිසි පිලිතුරක් ලැබෙන දිනය ලඟාවෙමින් පවති.

එම විද්‍යාඥයින් කණ්ඩායම විසින් ඉදිරිපත් කරතිබෙන වාර්ථාව මෙතනින් බලන්න - Research paper of Cerebral organoids model human brain development and microcephaly

by Rasika kulasinghe

0 comments :

Post a Comment