Tuesday, September 3, 2013

අමාත්‍යය මර්වින් ආචාර්ය තුමා බුදු සිරිත රිමික්ස් කලේ මෙහෙමයි

Min. Murvin Silva
2013 අගෝස්තු 04 ඉරිදා දිවයින පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ආචාර්යතුමා බෞද්ධ සාහිත්‍යයේ එන අවස්ථා කිහිපයක් remix කර දේශනා කර තිබීම දැක අපි පහන් සංවේගයට පත් වීමු. මෙන්න ඒ කතා පුවත එතුමාගේ වචනවලින්...

උපුටා ගැනීම -

“ප්‍රශ්නය - මාලකට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව, ඔහු විදේශ ගත වෙන බවට කතා පැතිර යනවා. ඒක ඇත්තක්‌ද?...


පිළිතුර - සුන්දරී කියන සිටු දියණිය බුදු හාමුදුරුවන්ට ආදරය කළා. එතුමියගේ තාත්තා ඇවිල්ලා බුදු හාමුදුරුවන්ට කිව්වා මගේ දියණිය ඔබ වහන්සේට ආදරෙයි.. කසාඳ බඳින්න" කියලා. බුදුවරු කසාද බඳින්නේ නැහැ කියන එක, මේ මොට්‌ට සිටුවරයා දන්නේ නැහැ. පස්‌සේ බුදු හාමුදුරුවෝ ගැන, මේ ගැන වෛරයක්‌ ඇති කරගත්තා. ඒකට දෙව්දත් තෙරත් එකතු වුණා. දැන් මේක ලොකු කරදරයක්‌. ඇත්තටම ඇණයක්‌ වුණා. පස්‌සේ බලනකොට මේ ගෑනි නැහැ. අතුරුදන් වුණා. මිනිය හම්බු වුණා... ජේතවනාරාමේ මල්ගොඩ අස්‌සේ තිබිලා. මුළු පලාතේම රාවයක්‌ ගියා.. බුදු හාමුදුරුවොයි මේක කළේ කියලා.

පස්‌සේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා.. බුදු හාමුදුරුවනේ අපට මහ පාරේ යන්නත් බැහැ... පිණ්‌ඩපාතේ හම්බු වෙන්නෙත් නැහැ. අපි මේ දේශය දාලා යමු. එතකොට බුදු හාමුදුරුවෝ අහනවා හොඳයි ආනන්ද යන දේශයේදීත් මේක වුණොත්..." එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා "අපි තව දේශයකට යමු"

"එතැනදීත් මේක වුණොත්"

"අපි තව දේශයකට යමු

"එහෙම බැහැ ආනන්ද අපි මේකට මුහුණ දෙමු" කියලා.. බුදු හාමුදුරුවෝ අන්තිමේදී කිව්වා.

බුදු සිරිත එහෙමයි. පලා යන්නේ නැහැ. එන දේකට මුහුණ දෙනවා. “



පසු සටහන - 

පත පොතෙහි සඳහන්වන ආකාරයට බුදු සිරිතට අදාලව එම කතාව මෙසේය.

බුදුරජාණන් වහන්සේට ආලය කළේ මාගන්ධිය යි. මාගන්ධියගේ පියා තම දියණිය විවාහ කර ගැනීමට බුදු හිමියන්ට ඇරයුම් කළ විට “සුවඳ මල් ගල්වා සරසාගෙන සිටින්නේ කුණු සිරුරක්“ බව පැහැදිලි කළ උන්වහන්සේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළහ. ධර්මය ඇසූ මාගන්ධිය බමුණා සහ බැමිණිය (මාගන්ධි තරුණියගේ පියා සහ මව) තේරුවන් සරණ ගියහ.

සුන්දරී යනු බුදු රජාණන් වහන්සේට අපහාස කිරීමේ අරමුණින් සැඳෑ කාලයේ ජේතවනාරාමයට ගොස් උදේ කාලයේ එයින් පිටව යන ලෙස මාර්ගයේ ගමන් කරමින් අවලාද නැගූ තීර්ථක ස්ත්‍රියකි. පසුව තීර්ථකයින් ඇය මරා විහාරයේ පර මල් ගොඩ යට සඟවා තබා සොයා ගැනීම නිසායි අමාත්‍යය මර්වින් ආචාර්යතුමා පවසන පරිදි ආනන්ද හිමියන් නගරයෙන් බැහැර යාමට බුදුරඳුන්ට ආයාචනා කරන්නේ.

මේ කතා පුවත් දෙක mix කර බුද්ධ චරිතය මර්වින් චරිතයට ආදේශ කරගන්නා ලද්දෙ එසේය. ඕනෑම කාරණාවක් පිලිබඳව එක් එක් පාර්ෂවයන්ට විවිධ අදහස් තිබෙන්නට පිලිවන. එමෙන්ම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීමටද කිසිදු බාධාවක්ද නොතිබිය යුතුය. නමුත් උක්ත සිදුවීම සලකාබැලීමේදී අපට නැවත සිතාබැලීමට බොහෝදේ මතක්කර දෙයි...

1 comments :

S. L. මැලේ රාළ said...

හෆොයි දැන් මර්වියට කතාව ලියල දීපු එකාව මු ගස් බදියි......

Post a Comment