Friday, August 23, 2013

ගුප්ත ඇදහීම් විරෝධියෙකුට වෙඩි

ගුප්ත බලවේග ඇදහීමට විරුද්ධව කටයුතු කළ ඉන්දීය ක්‍රියාධරයකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. හැත්තෑ එක් හැවිරිදි නෙරෙන්ද්‍රා දභෝල්කා පුනේ නුවර දී මෙසේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනයට ලක්වී ඇත්තේ, ව්‍යායාම සඳහා උදෑසන ඇවිදිමින් සිටිය දිය.

ප්‍රාතිහාර්ය පාමින් භුතවේදයේ යෙදී සිටින ප්‍රවීන ඉන්දීය මන්ත්‍රාචාර්යවරුන්ට සහ අධ්‍යාත්මික නායකයන්ට ද අභියෝග කළ නෙරෙන්ද්‍රා දභෝල්කා බිලිපුජා සඳහා සතුන් යොදා ගන්නා ආගමික වතාවත් වලට ද සංවිධානාත්මකව විරෝධය පා ඇත.ගුප්ත ඇදහීම් වල නිරත වන ඉන්දීය ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ක්‍රියාකාරී වී සිටි ඔහු එවැනි ඇදහීම් වලට එරෙහිව නීතියක් සම්මත කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියේය.
වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදියකින් පලා ගිය තරුණයන් දෙදෙනකු අල්ලා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළේය.

ඝාතනය සැල වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගෙන තිබේ.

0 comments :

Post a Comment