Wednesday, June 24, 2015

ආගම ආදරයට හරස්වී පෙම්වතියට පිහියෙන් ඇන පෙම්වතා ගෙලකපාගනී - Video

පසුගිය දිනෙක රාත්‍රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ පෙම්වතා යැයි පැවසුනු තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන ෆාතිමා රොෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබුණා. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි එම පුවත වාර්තා වුණේ.

ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසිනි.

Sunday, March 1, 2015

බංග්ලාදේශ් අදේවවාදී ලේඛකයා මරා දැමෙයි

බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ.

ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි.

Monday, January 26, 2015

ජනපතිවරණ ප්‍රතිඵලත් සමග ‍ජ්‍යොතිෂයටත් හෙනහුරා ලැබූ හැටි!

ලෝ වැසි සැමට එළඹෙන අපල උපද්‍රව පිළිබඳව කියා දෙමින් සිටි අප රටේ ‍ජ්‍යොතිෂයට ද දැන් ‘හෙනහුරු දසාවක්’ උදා වී තිබේ.

ඒ ‍ජ්‍යොතිෂය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව අසීමිත ලෙස විශ්වාස කිරීම නිසාම සිය ධුර කාලය වසර දෙකක් ඉදිරියට තිබියදී ශ්‍රී ලංකාවේ මුල්ම පුරවැසියාගේ භුමිය හැරදා ‘ගෙදර යාමට’ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සිදුවීමත් සමගිනි.

1948 නිදහස ලැබිමෙන් පසු අප රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයකුම පාහේ යම් යම් ප්‍රමාණයන්ගෙන් ‍ජ්‍යොතිෂයේ පිහිට පැතූහ.

එහෙත් එම පාලකයන්ගේ පිහිට පැතීමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ‍ජ්‍යොතිෂයේ ‘සරණ යාමට’ උත්සාහ කළ පාලකයකු බව පැවැසීම හුදු අතිශයෝක්තියක් නොවෙතැයි සිතමි.

Thursday, December 25, 2014

දෛවඥයන් දෙදෙනා අතර ගැටුම්

මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ ජනාධිපතිවරයා වෙනුවෙන් අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර අතර මේ වනවිට ද්වන්ද සටනක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 සිට ජනවාරි 06 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාට අසුභ කාලයක් බවත් ඉන් අනතුරුව සුභදායක තත්වයක් ඇති වන බවත්ය. එහෙත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 08 වෙනි දිනට යොදාගෙන තිබෙන නැකත නිසා ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීඝ්‍රයෙන් බලය පිරිහීමකට පත්වන බවය.

Saturday, December 20, 2014

මරණයෙන් ජීවිතය අවසන් වෙන්නේ නෑ - රෙහානේ මරණීය දණ්ඩයට පෙර මවට ලියූ ලිපිය

තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.

ඇය විසින් ඝාතනය කර ඇත්තේ, මොරතසා අබ්දොල්අලි සර්බාන්දි නම් ඉරාන හිටපු බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකි. ජබාරි අධිකරණයට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා තමන් ලිංගික බලහත්කාරයට ලක්කිරීම උත්සාහ කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇන ඔහු ඝාතනය කළ බව ය.

Tuesday, July 22, 2014

GAZA තීරයේදී නිර්භීතව දිවිපිදු සුදු කෙල්ල

ඒ ඈ GAZA තීරයට ආ පළමු දවස. හරියටම කියනව නමි පළමු රාත්‍රිය. ඔවුන්-ඇය  සහ ඇගේ සගයන්, සිටි TENT එකට අගල් කීපයක් උඩින් BULLET එහා මෙහා ගියා. ඇගේ හිත ටිකක් තිගැස්සුණේ නැතිවාම නොවෙයි. "ඒත් පලස්තීනුවන් වෙනුවෙන් මෙහි සිටිය යුතුමයි" කියන සිතුවිල්ල GAZA තීරයේ වැලි හුළගට සසල කරන්න බැරි වුණා.

මෙි රෑමත් කෙල්ල රැචල් !

Thursday, July 17, 2014

මිථ්‍යා දෘෂ්ටිකයෝ වැඩිවෙන තරමට පාලකයන්ට හොඳයි....

ගමේ රටේ පළාතේ සුදු චරිතයක් වුණත් මේ චරිතය තුළ කළු චරිතයක් ඇතැම්විට සැඟවී තිබෙන්නට බැරි නැත. සම්‍යග්දෘෂ්ටිකයෙක් යැයි එළියට පේන චරිතයෙහි බොහෝ මිත්‍යාදෘෂ්ටික අදහස්, සිතුම් පැවතුම් හැංඟී තිබෙයි. බෙර ගෙඩි තරම් යන්තර එල්ලාගෙන විද්‍යාගාරයේ පර්යේෂණ කරන උදවිය ඕනෑ තරම් සිටී. හැබෑවටම විද්‍යාව ඉදිරියේ මිත්‍යාව තවත් බැබළෙන්නේ ඇයි...? සමබර කතා බහ උපුල් ශාන්ත සන්නස්ගල සමඟිනි

සම්‍යග්දෘෂ්ටිය හා මිත්‍යාදෘෂ්ටිය කියල දෙකක් තියනවා. සන්නස්ගල ඇසින් ඔයිට වඩා දෘෂ්ටියක් තියනවා ද?

Wednesday, June 25, 2014

දෙවියන් සමග ඩීල් ගැසූ දෝනි අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිංග් දෝනි තමාට එරෙහිව පවර තිබූ නඩුවක් සදහා අධිකරණයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් අනන්තපූර් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තාවේ.

මෙසේ දෝනි අත්අඩංගුවට ගැනීමට සදහා අධිකරණය විසින් නියෝග කිරීමට හේතු වී ඇත්තේ ඔහු පෙනී සිටි වෙළද දැක්වීමක හින්දු භක්තිකයන්ට අපහාස වන ලෙස කටයුතු කළ බවට පැවරූ නඩුවක් හේතුවෙනි.

Thursday, June 19, 2014

මතකය හදන - මකන හැටි සොයාගනී

මතකය මකා දැමීම සහ නැවත එය ප‍්‍රතිස්ථාපනය කිරීම සාර්ථක ලෙස අත්හදා බැලීමට ඇමරිකානු ස්නායු විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

සැන් දියේගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ජාන සැකසූ මීයන් භාවිතා කිරීමෙන් මෙය සිදුකර තිබේ.

මොළයේ නියුරෝන අතර සබඳතා ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම මගින් මතකය පාලනය කළ හැකි බව ඔප්පු කළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

ආ රෝගියා පරමා ලාභා - නව ඖෂධ පනත ගැන කතාවක්

අතීතයේ දී නිරෝගිකම ගැන පැවසුණේ ‘නිරෝගිකම පරම සැපතයි’ හෙවත් ‘ආරෝග්‍යා පරමා ලාභා’ ලෙසිනි. එහෙත් සියල්ල වෙළෙඳ භාණ්ඩ බවට පත් කරනු ලැබූ, රෝග, රෝගීන් මෙන්ම ප‍්‍රතිකාර ද මිල කරනු ලැබූ සමාජයක තේමාව ඊට වෙනස්ය. දැන් තේමාව ” (ෆාමසියට) ආ රෝගියා පරමා ලාභා” යන්නයි. බෙහෙත් ශාලාවට, පෞද්ගලික රෝහලට, පෞද්ගලික වෛi රසායනාගාරයට පැමිණෙන රෝගියා පරම ලාභය උපයන උල්පත බවට පත්ව තිබේ. මේ වන විට ඖෂධ ජාවාරම අන් සියලූ ජාවාරම් අබිබවා අධික ලාභ ලැබීමේ ලයිස්තුවේ පෙරට එමින් තිබේ. ෆෝචූන් 500 නම් ලොව සුපිරිම සමාගම් පන්සියය පිළිබඳ පසුගිය වසර ගණනාවක වාර්තාවලට අනුව එම සමාගම් අතරින් ප‍්‍රධාන ඖෂධ සමාගම් දහය ලබා ඇති ලාභය අනෙක් සමාගම් 490 ලබා ඇති ලාභයට වඩා වැඩිය. අපේ රෝග, සමාගම්කරුවාගේ ලාභය බවට පත් වන ආකාරය ගැන ඊට වඩා නිදසුන් අවශ්‍ය නැත. 

Wednesday, June 18, 2014

චූදිතයා ඤාණසාර ද?

න්‍යායක් නැතිව ක්‍රමයක් නැතිව හැම එකාගේම ස්වෝත්තමවාදී හිත් තුළ තිබූ ජාතිවාදී හැගීම් වලට ගිනි පිබ්බේත් ඒවා දරුණු අවි බවට පත් කළේත් ඤාණසාර නොවේ.

ජාතිවාදයට තියරි සාදමින් කදක් නොතිබූ ඒ මතයට ඔලුවක් තනා එය ශක්තිමත් කළේ ඤාණසාර නොවේ.

ඒ මතය රාජ්‍යයේ මතය කරමින් පාදඩ ජාතිවාදය ශක්තිමත් දේශපාලන මතයක් කළේ ඤාණසාර නොවේ.

Saturday, June 7, 2014

නයි නළඟන හා ජඩමාධ්‍ය

දැන් මාධ්‍ය-වේදීන් නැත ඇත්තේ ප්‍රසව හා නාරිවේදීන්ය, උන් දැන් මුරකරන්නේ තිඹිරි ගෙවල්ය, අනුරාධපුර රෝහලට පොලීසිය යොදවන්නට වන්නේ ජඩ මාධ්‍ය -වේදීන් ප්‍රසව හා නාරිවේදීන් වී ඇති නිසාය, ගැහැණියකට මෙතරම්ම එළව එළවා පහර ගසනා රටක් මුලු ආසියාකරයේම ,ලෝකයේම තබා මේ ක්ශීරපථයේම ඇතැයි සිතිය නොහැක...

නයි නළඟනට පැටියෙකු ලැබෙන මාතෘකාවක් සෑම ගොසිප් අඩවියකම, දිනපතා පුවත් පතකම ප්‍රධාන මාතෘකාව වී තිබේ...ගැහැණියකට දරුවෙකු ලැබීම එතරම්ම අරුමයක් වන්නේ මේ ජඩ මාධ්‍ය කලාව නිසා නොවේද?

විරහව වෙනුවට මරණය - ඇල්පිටියේ සරසවි ශිෂ්‍යාවගේ මරණයෙන් උගෙනීම

මාතලේ සරසවි ශිෂ්‍යාවකගේ අබිරහස් මරණය සහ යුද හමුදා කමාන්ඩෝ සෙබළකු විසින් තම පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඝාතනය සිදුව තිබුණේ පසුගිය 24 වැනිදා අලූයම ඇල්පිටියේ දීය, මියගොස් තිබුණේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක වූ ඩිමාෂා ගයනකීය. ඇය අවුරුදු 22 ක තරුණියකි. ඝාතකයා ශ‍්‍රීලංකා යුද හමුදාවේ හතර වැනි ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරාළ නමැති 26 හැවිරිදි තරුණයෙකි. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට සිද්ධිය මෙසේය. 

ඩිමාෂා විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර මෙම සෙබළා සමඟ පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණි පසු වෙනත් තරුණයකු සමඟ සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර ඉහත කී සෙබළා සහ ඇය අතර ඒ පිළිබඳ රණ්ඩු සරුවල් පවා ඇති වී තිබේ. ඇය ගෙදර පැමිණ යළිත් කොළඹට යාමට පිටත් වී ඇත්තේ පසුගිය 24 වැනිදා අලූයමය. ඇය හමුවීමට එදින හමුදා සෙබළා පැමිණ ඇත. ඔවුන් දෙදෙනා ඇල්පිටිය නගරයේදී හමු වී තිබේ. අත්අඩංගුවට පත් සෙබළා පවසන්නේ අලූත් සම්බන්ධතාව නතර කරන ලෙස තමන් ඉල්ලා සිටි නමුත් ඇය තමන්ගේ ඉල්ලීම නොතකා හැරීම නිසා පිහියෙන් ඇන ඝාතනය කළ බවයි. 

Wednesday, May 28, 2014

පාකිස්තාන ගැබිනියක් ගල් ගසා මරා දැමේ

පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබේ.

මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි. කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල පැන ගොස් තිබේ.

Friday, May 23, 2014

නවීන විද්‍යාව බොරුවක්‌ ද?

නවීන විද්‍යාව විවේචනාත්මක ව දෝෂාරෝපණයට ලක්‌ කළ චින්තකයන් කිහිප දෙනා අතරින් පෝල් ෆෙයරබෙන්ඩ් සහ තෝමස්‌ කූන් යන දෙදෙනා ප්‍රමුඛස්‌ථානයක්‌ ගනිති. ඊටත් පෙර ආතර් ෆේපන්හූවර් නමැති දාර්ශනිකයා පැවසුවේ විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් මිනිසාට තත්වාකාරයෙන් අවබෝධ කරගැනීම කළ නොහැකි බව ය. 

පෝල් ෆෙයරබෙන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්‌ථානයට සමාන තැනක්‌ නක්‌ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයන්ට ද ලබා දිය යුතු බව ය (Against Method-1975). තෝමස්‌ කූන් පැවසුවේ විද්‍යාත්මක ක්‍රමවේදය හුදෙක්‌ ම විෂය මූලික පමණක්‌ නො විය යුතු බවයි. නිරීක්‌ෂකයා ගේ මානසික හැඟීම්, නිරීක්‌ෂණය මත යම්කිසි බලපෑමක්‌ සිදු කරන බැවින් විද්‍යාත්මක ක්‍රමවේදය එය ද සැලකිල්ලට භාජන කළ යුතු බවයි. (The Structure of Scientific Revolutions- 1962). මේ අදහස්‌ පාශ්චාත් නව්‍යවාදය සමග සබඳතාවයක්‌ පෙන්නුම් කරණ බැවින් මේ චින්තකයන් පාශ්චාත් නව්‍යවාදී විද්‍යා දාර්ශනිකයන් ලෙස ද නම් කෙරිණි.

Thursday, May 22, 2014

සමන්තබද්‍රහිමිගේ අසිරිමත් පිණ්ඩපාත චාරිකාව

මේවනවිට බෞද්ධයින් අතර බොහෝසේ කතාබහට ලක්වෙමින් පවතින සිරි සමන්තබද්‍රහිමියන් විසින් අසිරිමත් පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබින.

පිණ්ඩපාතය යනු පිඩු සිඟීම සඳහා වඩිනා භික්‍ෂූන් වහන්සේ නමකට පිළිගන්වනු ලබන ආහාරයයි. බුදුන්වහන්සේ පහළවීමටත් ප්‍රථම කාලයේ සිටම ශ්‍රමණයන් වහන්සේලා පිඬුසිඟීමෙහි යෙදුණු බව පෙනේ. එබැවින් බෞද්ධ භික්‍ෂූන් පිණ්ඩපාතයේ වැඩීම බුදුන්වහන්සේගේම නියමයක් නොවේ.

ආදි කාලීන ඉන්දීය බ්‍රාහ්මණයෝ කාමුක ගෘහස්ථ ජීවිතයක් ගත කළහ. ඔවුහු සැදැහැවතුන් දෙන වස්තුව ද පිළිගත්හ. එහෙත් ශ්‍රමණයන් නමින් හැඳින්වෙන පිරිස සම්පූර්ණයෙන් ම ගිහි ජීවිතයෙන් ඈත් වූහ. බුදුන් වහන්සේද ශ්‍රමණ පිළිවෙතට ඇතුළත් වූ අතර උන්වහන්සේ පිණ්ඩපාතය අනුමත කළා පමණක් නොව ‘භික්‍ෂුව‘ නමින් හැඳින්වෙන පැවිද්දන්ට මැනවින් සංවිධානය කළ විනය පද්ධතියක් ද සකස් කළහ. ‘භික්‍ෂු’ යන්නෙහි පදගතාර්ථය නම් ‘පිණ්ඩපාතයෙන් යැපෙන්නෝ’ යනුයි. එහෙත් බුද්ධ ධර්මයේ එන භික්‍ෂු යන්නෙහි විශේෂත්වයක් ඇත.

Tuesday, May 13, 2014

සමහන් නමින් වස විස පොවන වසර 20 ක ගෙන ගිය භයානක වංචාව මෙන්න

සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත.

එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.

මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය

බල්ලන්, බූරුවන් පරාජය කළ ශිෂ්‍යයෝ…!

අධිකරණයට අයත් වැඩ ද තිබේ. අධිකරණය වුවද අත නොගැසිය යුතු වැඩ ද තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යා යුතු නැති බව නීතිය නොවේ අකුරක් පවා නූගත් ගැමියෝ වුවද හොඳහැටි දනිති. එහෙත් අපේ රටේ ජනතාව ගොන්නුන් යැයි සිතා සිටින බූරු වහන්සේලාට ජයවේවා! උන් නීතියට මුවා වී ආණ්ඩුවේ මල අසූචි හෝදන්නට යන බව ඔප්පු වී හමාරය. අසූචි නාගන්නේ ඒ ආකාරයෙන් තමන්ට අයිති නැති දේ කරන්නට යන පක්කලි මහත්වරුන් නෝනාවරුන්ය. ඇතැම් විට එවැනි පක්කලියන් විනිශ්චය ආයතනවලට පත් කරන්නේ ද ආණ්ඩුව කරවන උන්මය. උන් උන්ගේ හැටියට වැඩ කරති. පාලකයෝ පාලනය ගෙන යන්නේ ජනතාව පෙළමින්ය. ඒ පාලනය සාධාරණිකකරණය කිරීම පක්කලියන්ගේ රාජකාරිය විය හැකිය. එහෙත් එය අධිකරණයේ කාරිය විය නොහැකිය.

Sunday, May 11, 2014

චේගේ බාප්පලා ලංකාවෙන් මතුවීම - ලෝක තරුණ සමුළුවට පසුවදනක්

මේ දිනවල කොළඹදී ලෝක තරුණ සමුළුවක් පැවත්වේ. මෙම සමුළුවට සහභාගී වූ නයිජීරියානු තරුණයින් පසුගියදා උද්ඝෝෂණයක යෙදුනි. ඒ එරට බොකෝ හරාම් නම් සංවිධානයක් විසින් එරට චිබෝක් නගරයේ පාසලින් ගැහැණු ළමුන් පැහැර ගැනීමට අදාල සිිදුවීමට විරුද්ධවය. මේ පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරන ලංකාවේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තරුණයන්ට එසේ කිරීමට අයිතියක් තිබෙන බවත් තරුණයන් එසේ නොකරයි නම් ඔවුන්ගේ තරුණකම ගැන ප‍්‍රශ්නයක්ද වන බවයි.

අප නම් අසා තිබෙන්නේ ‘‘තරුණයකු වීත් විප්ලවවාදී නොවන්නේ නම් එය ජීව විද්‍යාත්මක ප‍්‍රශ්නයක්’’ යනුවෙනි. කෙසේ නමුත් ඩලස් අලහප්පෙරුම කියන්නේ ඔහු හිතන විධියට හිටපු පරණ විප්ලවකාරයෙක් නිසා බාගවිට ඒ ප‍්‍රකාශයේ තිබුණ විප්ලවවාදී කෑල්ල අතහැරිලා ජීව විද්‍යාත්මක කෑල්ල විතරක් මතක තිබී එය ප‍්‍රකාශ කළා වන්නට පුළුවන. මොකද ඩලස්ලා අද කරන්නේ ඔය කතාවේ විප්ලවවාදී කොටස අතහැරලා ජීව විද්‍යාත්මක කෑල්ල ගොඩදාගන්න ධනපතියන්ගේ ගුබ්බෑයම් වල වලං සේදීම වන නිසාය.

Friday, April 25, 2014

දරුවන් දෙදෙනා ගඟට විසිකරන්න හේතුව සාස්තර කාරයෙක්

මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.

මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.