Sunday, November 24, 2013

මොනවද මේ අලූත් භාෂාව - උපුල් ශාන්ත සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල
”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.

එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.

පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ ‘පට්ට’ යන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.

(ස්වකැමැත්ත + දේවකැමැත්ත + බලහත්කාරය + ළමා අපචාර) ද?

නෑ නෑ බන් , අපිනම් කියන්නේ මේවා කරන්නේ ඒ ලමයින්ගේම හොදට, ඉපදුනු දවසේ ඉදල ආගමකට ලේබල් කරා මදිවට තව මේ වගේ හිරිහැර වෙන්නෙත් උන්ගේම හොදට. නැත්තන් උන් නිවන් දකින්නේ කොහොමද? දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යයට යන්නේ කොහොමද? ලේසි ප්‍රශ්නද අප්පා ඔව්වා ? උන්ට කොහෙද ඒක තේරෙන්නේ.. උන් ඔය කටවල් ඇරගන බෙරිහන් දෙන්නේ එකනේ. උන් අදාළ වයසට ආවම හරි කියල හිතුනොත් විතරක් අපේ ආගම අදහන්න දෙන්න පුලුවන්ද? පොඩි කාලේ ඉදලම උන්ගේ මොළ හෝදලා හරි අපේ ආගම පොවන්න ඕනේ. අපේ ආගමනේ බොල හරි ආගම. උන් මැරිලා අපායේ යයිනේ හරි ආගම ඇදහුවේ නැත්තන්. උන්ට මේවා නොතේරුනාට උඹලට තේරෙනවනේ... නැද්ද මන් අහන්නේ?

Thursday, November 14, 2013

ආදරය විකිනීමට හෝ බදු දීමට දැන් වෙළඳපලේ...

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතා වලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගතහැකි සේවාවක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වෙනවා.

එම වෙබ් අඩවියේ සැරි සැරූ අපට දැකගන්නට හැකි වුයේ පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි බවයි.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කරන්නට පුළුවන. දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකියි.

Tuesday, November 12, 2013

කලාකරුවෙක් තම වෘශණ කෝෂවලට ඇණගසාගනිමින් නිරුවත් විරෝධතාවක

ප්‍රාසාංගික කලාකරු ප්යෝතර් පව්ලෙන්ස්කි රුසියානු සමාජයේ වන දේශපාලනික උදාසීනත්වයට හා දෛවවාදී ස්වභාවයට එරෙහිව විරෝධය පළ කරමින් මොස්කව්හි රතු චතුරශ්‍රයේදී සිය වෘෂණ කෝෂවලට ඇණ ගසා ලනු ලැබුවේය.

සියවස් ගණනාවක් තිස්සේ රතු චතුරශ්‍රය ප්‍රසිද්ධියේ දඩුවම් දීම් හා හමුදා ආචාර පෙළපාලි යනාදියට වෙන්ව තිබුණත් මෙම කලාකරුවා විරෝධය දක්වනු වස් සිය අණ්ඩ කෝෂයන් රතු චතුරශ්‍රයේ වටකුරු ගලකට තබා ඇණ ගසා ගනිමින් කළ වේදනාකාරී රංගය රතු චතුරශ්‍රයට නව මානයක් ගෙන දුන්නේය. ආටෝගේ කුරිරු රංගය එය සැබැවින්ම මිහිමතට ගෙනායේය.

Monday, November 11, 2013

සරසවි වසා පව් සෝදා ගැනීම

පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල වසා තබන බවයි. මෙම පියවර මගින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරන්නේ පාලකයින් ‘චෝගම් මේනියාව’ නමැති සුළි සුළඟට හසුවී තමන් පිළිබඳව වූ තක්සේරුව මෙන්ම තර්කානුකූලව සිතීමට ඇති හැකියාවද මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවයි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප‍්‍රකාශ කළ බවට මාධ්‍යවල වාර්තා කරනු ලැබ තිබුණේ ‘චෝගමයට’ අදාළ විවිධ ක‍්‍රියාකාරකම්වලට සහභාගීවන, සහ ඒ හේතුවෙන් සිය අධ්‍යන කටයුතුවලට බාධාකරගැනීමට අකමැති, විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ගෙන් ලැබුණු විශාල ඉල්ලීම් ප‍්‍රමාණය සලකා බලා මෙම නිවාඩු කාලය ප‍්‍රකාශයට පත්කළ බවයි. තවත් මාධ්‍ය වාර්තාවකින් කියැවුණේ විශ්වවිද්‍යාල සිසුන්ට ‘චෝගමය’ පිළිබඳ ‘අධ්‍යයනය කිරීමට’ හැකිවීම පිණිස මහාචාර්ය හිරිඹුරේගම විසින් මෙම නිවාඩු කාලය ප‍්‍රදානය කර ඇති බවයි.

Sunday, November 10, 2013

විද්‍යාවෙන් අවිද්‍යාවටද?

විද්‍යාව හා විද්‍යාත්මක පර්යේෂණ මානව සමාජයේ පොදු අයිතියකි. මිනිසා මේ දුර ගමන පැමිණ ඇත්තේ, ලෝකය තේරුම් ගනිමින් සොබාදහම තුල සිදුවන අනේකවිධ සිදුවීම්වල හේතුව, අන්තර් සම්බන්ධය හා ඒවා මිනිසාගේ යහපැවැත්ම සඳහා යොදා ගන්නේ කෙසේදැයි සොයාබැලීම වෙනුවෙන් අඛණ්ඩව කරනු ලබන පොදු ජනයාගේ හා පර්යේෂණයන්ගේ නොනවතින උත්සහයන් විසිනි. එහෙත් පවතින ක්‍රමය තුල එම පර්යේෂණයන්ට විද්‍යාත්මක අරමුණක් නොව වෙළඳපොල අරමුණක්දීම ධනවාදයේ ස්වභාවයයි. එම වෙළඳපොළ අරමුණු වෙනුවෙන් පර්යේෂණ වල දත්ත හා සොයාගැනීම් විකෘති කිරීම අද විද්‍යාව මුහුණදී ඇති බරපතළම අර්බුදයයි. පොදු ජනයාද විද්‍යාඥයාද විද්‍යාවේ අයිතිය වෙනුවෙන් සටන් කල යුතු කාලයක් අප ඉදිරිපිට නිර්මාණයවී ඇත.

Friday, November 8, 2013

ෆුල් ෆේස් හෙල්මට් දැමීම මිනිස් හිසට අහිතකරබව අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙලිවේ.

මානව පරිනාමයේ එක්තරා සංධිස්ථානයක් වන විශාලිත කපාලය සහ එතුළ පිහිටි ප්‍රමාණයෙන් විශාල, 1500cc ධාරිතාවක් ඇති මස්තිෂ්කය, පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ ඈස්-චර්යය හේතුවෙන් දිගින් දිගටම කුඩා වෙමින් ගොස් දැන් වෙද්දී නැත්තටම නැතිව ගොස් ඇති බවත්, උණ්ඩුකපුච්ඡය වගේම ඕකත් මේ වනවිට ක්ෂීණ වී ගොස් ඇති අවශිෂ්ට අවයවයක් බවට පත්ව ඇති බවත්, මෙකී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.

ඇතුළේ පරෙස්සම් කරන්නට දෙයක් නැති නිසා ඕක වසාගෙන යාම මහා මුදල් නාස්තියක් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ෆූල් ෆේස්--සමාවන්න, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ පර්යේෂණ කණ්ඩායම නිර්දේශ කර සිටියි.