Saturday, July 30, 2011

අගෝරා (මිත්‍යාවට එරෙහි විද්‍යාවේ අරගලය)

     සිනමා රසවින්දනය යටෙත් අරම්බක ලිපිය වශෙයන් අප ඔබගේ අවධානයට යොමුකරන සිනමා පටය වන Agora ක‍්‍රි.ව. 3 වන සියවස අග සහ 4 වන සියවස මුල රෝම වහල් රාජධානියට සම්බන්ධව තිබූ ඇලෙක්සැන්ඩි‍්‍රයාව තුල දිවි ගෙවන ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, දාර්ශණිකයෙක් ලෙසත් වර්ගකල හැකි Hypatia නම් චරිතය කේන්ද්‍රකරගෙන මෙම චිත‍්‍රපටය ගෙඩනැගී ඇත. Agora යනු ඇලෙක්සැන්ඩි‍්‍රයාව තුල පාලකයින් ඒකරැස් වූ ස්ථානයට එම යුගයේ භාවිතාවු නමයි. සත්‍ය සිදුවමක් මෙම චිත‍්‍රපටයට පාදක වී ඇති අතර මෙය ස්පාඤ්ඤ නිර්මණයකි. ඇමරිකානු ඩොලර් මිලියන 75ක වියදමක් දරා මෙම නිර්මාණය කර ඇති අතර චිත‍්‍රපටය අධ්‍යක්ෂණය Alejancho Amenabar අතින් සිදුවූ අතර Hypatia  චරිතය Rache Weisz අතින් ප‍්‍රතිනිර්මාණය වී ඇත.

Sunday, July 17, 2011

වෛද්‍යවරයාද පොදු අරගලයට එක්විය යුතුද...?

     ඒ 1987 වසරේ දිනයක් බව මට මතක ය. ලිප්ටන් වටරවුම දැඩි හිරු රැසින් දැමුණ ද ඒ නොතකා එහි රැස්ව හුන් සරසවි සිසුන්ගේ සටන් පාඨ ද ගිනි ගනිමින් තිබුණි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම වැනි බොහෝ සටන් පාඨ රැව් නැඟුණු එම දවසේ ප‍්‍රහාරය සඳහා නියෝගය ලැබෙන තුරු කුලූ පොලූ ගත් පොලිස් හමුදාව රැකගෙන සිටියෝ ය. සිසුන්ගෙන් පිරුණු ලිප්ටන් වටරවුම ගමනාගමනයට මුළුමනින්ම නැවතීමේ තිත තැබී ය. සිදුවන්නේ කුමක් දැයි අවට රැස්වූවන් විපිළිසරව හිඳිද්දී එක්වරම ප‍්‍රහාරය ඇරඹුණි.

     කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර, සටන් පාඨ පහරදීම් ඇද වැටීම් තුවාල, ළතෝනි, කුණුහරුපයෙන් බැණවැදීම් යනාදියෙන් සංකලනය වූ මහා වියවුලක් එක් මොහොතක නිර්මාණය වූවේ ය. පහරකමින් වුව සිය

Friday, July 1, 2011

හමුදාව, සර්ලා සහ සරසවි සිසුන්

     මා ඇතුළත් වූ කඳවුර සදහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැඳ වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්ත වුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ බලවත් විරෝධය මැදය. ඒ අසරණ දෙමාපියෝ හඬ හඬා සවස 5 වන තුරුත් තම දියණිය පිළිබඳ යම් තොරතුරක් දැන ගැනීමේ අපේක්ෂාවෙන් ගේට්ටුව අසල රැඳී සිටියහ.