Monday, January 23, 2012

අන්තරයට නැගෙන චෝදනා (අ.වි.ශි.බ.ම. කඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා සමග පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි)

අපේ කතාබහට මෙහෙම ප‍්‍රවිශ්ට වෙමු. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ මොහොතේ සටන්පාඨය ගැන කතා කරමු.


     විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි. මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින් කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.


     පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට, යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කප්පාදුවට, පාසල් වියදම් දෙමව්පියන්ගෙන් අය කිරීමට, උසස් පෙළ ප‍්‍රතිඵල අව්ලට,

Monday, January 9, 2012

ක‍්‍රමයේ මාරකය වූ ස්මාරකය

     ඇදගෙන නාන්න ළිඳට යා යුතුය. ගිලී කිමිදී නාන්නට යා යුත්තේ ගඟක්, ඇලක්, දොලක්, වැවක් වැනි විශාල ජලාශයකටය. ඕනෑනම් ළිඳට ගිහින් නිර්වස්ත‍්‍රවද නෑම කළ හැක. පරහකට තියෙන්නේ නාන තැනැත්තා හෝ තැනැත්තියගේ හෝ හෙලූව අනිත් මිනිසුන්ට පෙනීම පමණි.

      නිර්වස්ත‍්‍රව නෑමත් හෙලූව නොපෙනීමත් යන දෙකම එකවර ඉටුකර ගැනීමට සුදුසුම ක‍්‍රමය නම් වැවක නෑමය. ඒ සඳහා, සියලූම වැව් පහුකරගෙන වීරකැටිය බස් එකේ නැඟ

Saturday, December 31, 2011

තගෙන් බැරිනම් වැඩමුළුවෙන්

     1970 දශකයේ මුල් භාගයේ දී (1973) ලෝක පරිමාණයෙන් මතු වූ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නට ධනේශ්වර ක‍්‍රමයේ මුර දේවතාවන් යුහුසුළුව උපක‍්‍රම සොයන්නට විය. එහි දී 1975 දී නයිරෝබි නුවර පැවැත් වූ දේශනයක දී එවකට ලෝක බැංකුවේ සභාපතිවරයා වු රොබට් මැක්නමාරා මෙම අර්බුදයට විසඳුම ලෙස නව ලිබරල්වාදය දේශනා කරන ලදී. එහි ප‍්‍රධානම ක‍්‍රියාමාර්ග ලෙස සමාජ ආරක්‍ෂණ නීති ලිහිල් කිරීම, සමාජ සුබ සාධනයෙන් රජය ඉවත් වීම, නිෂ්පාදන හා සේවාවන් පෞද්ගලීකරණය ආදිය ප‍්‍රමුඛ ක‍්‍රියාමාර්ග ලෙස හඳුනාගත හැක.

Saturday, October 22, 2011

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 23 යි.

     2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

Thursday, September 22, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදයක ඇරඹුමද?


     පසුගියදා රුපවාහිනි නාලිකාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සංවාදයක්‌ පැවැත්විණි. එම සංවාදයට විද්වත්හු හතර දෙනෙක්‌ ද සහභාගි වී සිටියහ. එහෙත් එම සංවාදය නැරඹූ අපට දැකගන්නට තිබුණේ, එම සංවාදය ද සමබර එකක්‌ නොවූ බවයි. එහෙයින් එම සාකච්ඡාව තුළින් අපට යථාවබෝධ වුයේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය තුළින් පිරිනැමීමට අපේක්‍ෂිත උපාධි සහතික පත්, ඒක පාර්ෂිකවම සාධාරණීකරනය කරන්නට වැඩි වාසිය සැලසුන බවයි.

Saturday, September 17, 2011

ඔබ අපේ හදවත් තුළ සදාතනිකය...



              දළුලා වැඩෙන පැතුමන් සුවහස්            හදක
              තළලා දැමිය හැකිවෙද පොඩිකර         ගලක                                මුළුලා නොසිට නැගිටිව් සොයුරනි     නිසැක
              වළලා දමව් පාලක.................................

     ඒ කවියට අවසානයක් ලැබී නැත. ඒ එක් අඳුරු යුගයක, සරසවි සිරගෙවල් කළ යුගයක, මරණයට ගොදුරුව සිටි සොහොයුරන්ගේ රතු ලේ වලින් බිත්තියක් මත ලියැවුණකි. ඒ කවිය අවසන් කිරීමට පෙර පැහැරගෙන ගොස් ඔහුගේ දිවි තොර කළා විය යුතුය. කවියක පද පේළි හතරකට දිගු කරගත නොහැකි වූ ඔහුගේ කය කොහේ හෝ බිමක අළු වී මිහිතලයට යට වී ගොස් හමාරය. එහෙත් ඒ සොයුරන්ගේ සුසුම්, හැඟුම්, පැතුම් යළි යළිත් සදාකල් හමා එන මාරුතයක් සේ අපේ ජීවිත හරහා ඇදී යයි.

     මියෙන බොහෝ මිනිසුන්ට මියෙන දිනයක් ඇත. මරණයට හේතු වූ ස්වාභාවික හේතුවක් ඇත. නෑදෑයින්ට, මිතුරන්ට ඔහු හෝ ඇය වෙනුවෙන් ශෝක වීමට අවමගුල් උත්සවයක් ඇත. මරණයෙන් පසු, ස්මාරක, සොහොන් කොත් ආදී බොහෝ දේ ඇත. තෙමස් පූර්ණ, වාර්ෂික කෙරෙන පිංකම්, දාන-මාන ඇත. එහෙත් ඒ ‘‘ධවල භීෂණයේ’’ නිසල වූ ඒ මිනිසුන්ට ඒ කිසිවක් හිමි වුණේ නැත. එහෙත් සදාතනිකව යුගයක් යුගයක් පාසා සරසවියට එන සෑම සිසුවෙකුගේම, සිසුවියකගේම හදවත් ඔවුන් පිළිබඳ භක්තියෙන්, ආදරයෙන් පිරී ඇත. නිදහස් අධ්‍යාපනයේ වටිනාකමත්, එය රැුකගැනීමට සරසවි සිසුන් කළ අතිශය දුෂ්කර අරගලයත් දන්න හැම මිනිසෙකුගේම සිත් තුළ, හදවත් තුළ දෙදණ බිම හොවන දිනය ජාතික ශිෂ්‍ය වීර දිනයයි.

ළමා අපචාර, විවාහය සහ වයස


     දැනට වයස අවුරුදු 18 ක්ව පවතින විවාහ වන වයස් සීමාව අවුරුදු 15 ක් දක්වා අඩු කිරීමට තමන් යෝජනා කරන බව අමාත්‍ය සෙනෙවිරත්න මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ හිටපු ජනාධිපතිනියගේ කාලයේ ඊට අනුමැතිය ලැබී තිබුණු නමුත් විවිධ සංවිධානවලින් එල්ල වූ විරෝධය හමුවේ එය ක‍්‍රියාත්මක නොකළ බවයි. නව නීතිය ගෙන ඒමට ප‍්‍රධාන හේතුව ලෙස ඇමතිවරයා දක්වන්නේ, අවුරුදු 18 ට අඩු අයගේ ලිංගික සබඳතා සහ ළමා අපචාර නිසා නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙන අතර එම නඩු ගොඩ අඩු කිරීමට නව නීතිය මගින් හැකි බවයි.

කේන්දරය.....

උපන් මොහොතේ
හරියටම නොදත් නමුත්
දොස්තරට මතක ඇති
වෙලාව අනුව
කිසිදා නොදැකපු
ග‍්‍රහ ලෝකවලට අනුව
හරියටම නොදන්නා
ජොතිෂයකුට දී
සදා නිමකළ
පත් ඉරුවක්
එක් කරන්නට
මහාම විෂ බීජය
ජීවිතයට නුඹේ.....

සංස්කාරක
තෙවන ඇස