සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කෙසේ වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළි ය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස ගනු ලැබූ පියවරක් නිසා පහරදීම ද වැරදි ක‍්‍රියාවකි. මේ නිසා මෙම පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ පියාට චෝදනා කිරීම සඳහා වැඩිදුර සිතාබැලීම එතරම්ම අවශ්‍ය නැත.
Monday, October 8, 2012
Saturday, October 6, 2012
සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!
![]() | |
| Prof. Nalin de Silva |
රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා මහතා විරුද්ධය.
මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මහතා මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.

Wednesday, September 5, 2012
අපට කිසිවක් අමතකව නැත! [නූතන උසස් අධ්‍යාපනයේ බහින කලාව]
අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇත. ඒ බහුතරයක් වූ මහජනතාවට පමණි. මහජන ඡන්දයෙන් තේරී පත්වූ හෝ නිල බලය මත පත්වූ නිලධාරීන්ට එවැන්නක් නොමැති. මෙසේ එකම රටක් තුල එකම ගැටළුවක් දෙයාකාරයකට සංවේදීතාවක් දැක්වීම විමතියකට කරුණක් වුවත් ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රශ්න එවැනි ලක්ෂණ විද්‍යමාන කරන බැවින් එය පුදුමයට කරුණක් නොව හුදෙක් විස්සෝපවීමට එක් අංශුමාත්‍රික හේතුවක් පමණක් බව සඳහන් කල යුතුය. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රජයකට හෝ පාලන තන්ත්‍රයකට ගැටළු පවතී. එම ගැටළු බොහොමයක් තත්කාලීන සිදුවීම් අරභයා ගොඩනැගෙන ඒවාය. නමුත් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය අභිමුව ඇති ගැටළු වලින් අති බහුතරයක් පාලන තන්ත්‍රය විසින්ම නිර්මාණය කරගත් ඒවාය. සරලව කියතොත් "විහින් දා ගත් ලෙඩ" ගණයට වැටෙන ඒවාය. ඒ අතර අධ්‍යාපන ගැටළුවත් ප්‍රමුඛ ස්ථානයක් ගනී.
Monday, August 6, 2012
රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය
මෙය මධ්‍යස්ථානය බිලොග් අඩවියේ ලිපියකි.
පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය යන මාක්ස්වාදී ප‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරනවා ද යන්නයි. එම ප‍්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් සැපයීම සඳහා පුළුල් සාකච්චාවක් අවශ්‍ය වන අතර මෙහිදී ඒ සඳහා අවස්ථවක් ඇත්තේ නැත.
Wednesday, August 1, 2012
මායාව සහ සැබෑව
පිරිසක් ඇසට පෙනෙන දේ පමණක් විශ්වාස කලත් තවත් පිරිසක් ඇසට නොපෙනන අත්භූත බලවේගද විශ්වාස කරනවා. වර්තමානයේ කෙමෙන් ඒවා යටපත් වුවත් තවමත් සමාජය තුල තවමත් ඒවාට ප්‍රබල බලපෑමක් කල හැකියි.
පසුගිය කාලයේ මාධ්‍යය මගින් ප්‍රචාරය වූ "කනප්පුවෙන් හොරු ඇල්ලීම" "බෝතල් ඇතුලට භූතයන් දමා සිර කිරීම" වැනි දේවල් කාටත් කුතුහලයක් ගෙන දීමට සමත් වුනා.
ඒ අතර විසදුම් නැති ප්‍රශ්න අත්භූත බලවේග මගින් පැහැදිලි කිරීමට ඇතැමුන් උත්සාහ කළා.
කහවත්ත ප්‍රදේශයේ පසුගිය කාලයේ ඇතිවූ මිනීමැරුම් වලට හේතුවද භූතයෙක් පිට පැවරීම එයට කදිම නිදසුනක්.

Monday, July 30, 2012
සරසවි කුරුටු ගී - 01
බැජා උනත්
බොග වේ නම්
බිම හෙලනු
ජුන්ඩන්ටත්
නිවැරදිනම්
ගරු කරනු
වේල් දෙකක්
දිනකට කැන්ටිමෙන් කනු
කන විට
හෙළන ටික
හොඳහැටි පිසදමනු
කැන්ටිමෙ මැල්ලූමයි
පොල් සම්බොලෙ නොකනු
දුප්පත් කමවත්
එම් සී නොයනු
කැන්ටිම වහන දවසට
පන්සලය යනු
නත්තල දාට
Saturday, June 9, 2012
ඔබ මිය ගොස් නැත...
‘‘නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු අප සතු යුතුකමක් නොව අප උර මත පැටවුන වගකීමකි’’ එදා වෙනුර එදිරිසිංහ සොයුරා තම කපා දැමූ ඇඟිලි සහිත සුරතින් තමා රඳවා සිටි සිර කුටියේ බිත්තියේ ලියන ලද වැකියකි. තැලෙන්න තැලෙන්න පන්නරය වන වානේ මෙන පාලක ධනපති ගහලයන්ගේ මර්දනයේ රුදුරු හස්ථයට හසුවන හැම මොහොතක් පාසාම වඩා ජව සම්පන්න වන වඩා අධිෂ්ඨානශීලී වන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට අධ්‍යාත්මික අවි සැපයූ වෙනුර එදිරිසිංහ වැනි පරමාදර්ශී අපේම අයියලා අක්කලා අපේ වීරයෝ සමරණ තවත් ශිෂ්‍ය වීර දිනයක් අබිසට අප පැමිණ සිටින්නෙමු.
නම ඇසූ සැනින් තවමත් පාලක ධනපති නායකයන් සහ පරපුටුයන්ගේ දෙපා අඩ පණ කිරීමට සමත් අපේ පංතියට ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් මොහොමඞ් නිෂ්මි, රන්ජිතම් ගුණරත්නම්, නිමල් බාලසූරිය, ශාන්ත බණ්ඩාර වැනි සුවහසක් විරු සොයුරන් සේම, නක්කල කුසලඥාණ, මත්තල පියදස්සී වැනි එදා අපේ රුහුණ විශ්වවිද්‍යාලයෙන් බිහිවූ

Friday, June 1, 2012
අවාසනාවට ඇත්ත කතාවක්...
මේ කතාවත් ඔය බොහෝ අය අසා ඇති. ඇඟ හිරිවැටෙන 99% කටත් වඩා අපට ආගන්තුක නොවන සාමාන්‍ය ජීවිතයේ අසන්න දකින්න ලැඛෙන ඇත්තටම අවාසනාවන්ත සිද්ධීන් රැසක් කාලයක ඉඳලා එෆ් එම් මීටරයක යනවා අපි ඒවාට අකමැතියි. ඒත් කැමතියි. අහගෙන ඉන්න අපි ඒකෙන් වින්දනයක් ලබනවා අනෙකාගේ පීඩාව දිහා බලලා වින්දනයක් ලබනවා. අපි ඒකට පුරුදුවෙලා තියෙන්නේ. අපි කවුරුත් කැමති අපිට වඩා පහළ ඉන්න කෙනෙක් පීඩාවට පත්වෙනවානම් මොකද ඒක අපිට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි ඒ පීඩාවෙන් යම් වින්දනයකුත් ලබනවා.
දුබලයාගේ පීඩාව සතුටක් කරගෙන ඒ දුබලයාව පීඩාවට පත් කළ ඉතිහාසයේ දරුණුම අවස්ථා

මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි