Saturday, October 6, 2012

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

Prof. Nalin de Silva
රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා මහතා විරුද්ධය.

මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මහතා මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.


නලින්ද සිල්වාගේ මහතාගේ චතුස්කෝටික තර්කනයට අනුව රාජ්‍ය අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. එම සටන් පාඨය ඉදිරිපත් කරන්නෝ එන්ජීඕ ඩොලර් කාක්කෝය.

අධිරාජ්‍යවාදය භංග වේවා!

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

Source - w3lanka

0 comments :

Post a Comment