Sunday, April 6, 2014

පූජකවරුන්ගේ ළමා අපචාර නිසා පල්ලියේ වියදම බිලියන 3යි

St. Frances Cabrini Fraternity
පූජකවරුන්ගෙන් සිදුවූ ළමා අපචාර හේතුවෙන් ඇමරිකානු කතෝලික පල්ලියට 2004 සිට 2013 දක්වා කාලය තුළ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.

වන්දි ගෙවීම්, වින්දිතයන්ට ප‍්‍රතිකාර කිරීම්, විත්තිකාර පාර්ශ්වයට සහය ලබාදීම් සහ නීතිඥ ගාස්තු ආදිය සඳහා මේ මුදල වැයවී ඇතැයි පැවසේ.

මෙය අනාවරණය වී ඇත්තේ එක්සත් ජනපද කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගිනි.

ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරිම සඳහා ප‍්‍රඥප්තිය ක‍්‍රියාවට නැංවීමේ වර්ධනයන් දැක්වීම සඳහා එම සමුළුව විසින් 11වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබිණි.



එහිදී ජෝසප් ඊ. කර්ට්ස් ආච්බිෂොප්වරයා පවසා ඇත්තේ ලිංගික අපචාරයට ලක්වූවන්ගේ යහ පැවැත්ම තම ප‍්‍රමුඛ අරමුණ බවයි.

2012 ජුලි 1වනදා සිට 2013 ජුනි 30 අතර කාලය තුළදී පුද්ගලයන් 857 දෙනෙකු විසින් ලිංගික අපචාර පිළිබඳ චෝදනා 936ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් 136ක් ඔප්පුවී ඇති බවත් වාර්තාවේ දක්වා ඇත.

කතෝලික පූජකවරුන් 730 දෙනෙකු මෙම චෝදනාවට ලක්ව ඇති අතර වාර්තාවේ දැක්වෙන්නේ ඉන් 204 දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවයි.

1920 පමණ සිට සිදුවූ ලිංගික අපචාර පිළිබඳ පැමිණිලි කිරීමට ජනතාව ඉදිරිපත් වීම මෙයට හේතුව බව පැවසේ.

අපචාරයට ලක්වූවන්ගෙන් 80%ක්ම පිරිමින් වන අතර අතර 40%ක් වයස අවුරුදු 10-14 පරාසයේ සිට ඇතැයි වාර්තා වේ. මෙවැනි සිදුවීම් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ 70 දශකයේදී වීම තවත් විශේෂත්වයකි.

1 comments :

Unknown said...

Mewage dewal walata attatama sambanda wela tiyenne Catholic priestlagen ithaama sulu prathishathayak witarai..hama aagamaka Shasanayaka ohoma waradi wenna puluwan minis durwalatha hethuwen..wadiya dura yanna one na..Dharmadveepaya kiyala handunwana me Bauddha rate kochchara haamuduruwaru Child abuses, rape cases walata sambanda wela tiyenawada?? hamadaama newspapers wala hamuduruwarunwa arrest karapuwa kochchara nm wartha wenawada?? Ven.Dodangoda Rewatha, Ven. Migettuwatte Sumitta, Ven.Pahalagama Somaratana wage hamuduruwange cases ewain kihipayak witarai..eka nisa nikan uda balagena kela gahanna epa..thamange ahe Pol paralayak tiyenagena anunge ahe tiyena rodda gana hoyanna epa..eka thamunla wage ugathuntath karana lajjawak...

Post a Comment