න්‍යායක් නැතිව ක්‍රමයක් නැතිව හැම එකාගේම ස්වෝත්තමවාදී හිත් තුළ තිබූ ජාතිවාදී හැගීම් වලට ගිනි පිබ්බේත් ඒවා දරුණු අවි බවට පත් කළේත් ඤාණසාර නොවේ.
ජාතිවාදයට තියරි සාදමින් කදක් නොතිබූ ඒ මතයට ඔලුවක් තනා එය ශක්තිමත් කළේ ඤාණසාර නොවේ.
ඒ මතය රාජ්‍යයේ මතය කරමින් පාදඩ ජාතිවාදය ශක්තිමත් දේශපාලන මතයක් කළේ ඤාණසාර නොවේ.
එක් අතකින් විද්‍යාව ද අනෙක් අතින් කලාව ද යොදා ගනිමින් තිරිසන් ජාතිවාදය රාජ්‍යයේ මතය බවට පත් කළේ අන් කිසිවෙක් නොව මහාචාර්ය නලින් ද සිල්වා, දොස්තර ගුණදාස අමරසේකර හා පාඨලී චම්පික රණවකයි.
ඒ නිසා ඒ දේශපාලන ගනුදෙනුව බේරා ගත යුත්තේ නානසාර සමග නොව තිරිසන් ජාතිවාදයට ගිනි පිම්බා වූ නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර හා පාඨලී චම්පික රණවක සමගයි.
මුළු එකක් ලෙස ජාතිවාදය දේශපාලනිකව පැරදවීමෙන් තොරව ඤාණසාරලා පරාජය කළ නොහැකි බව තේරුම් ගත යුත්තකි.

මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි

2 comments :
මෙ ්ගත වෙන මොහොත තුල ඔය කියන අමරසේකරලා සිල්වලා හෝ රණවකලා කරන ක්‍රියා පොඩියි. දැන් ක්‍රියාත්මක වෙන්නෙ රාජ්‍ය හස්තයක් මගින් හසුරුවන ක්‍රියාදාමයක්. මෙතනදි ඥාණසාර කියන්නෙ එක උපාංගයක් විතරයි. වැරදිලාවත් හෙට නානසාර මලොත් අනිද්දට මේ අය වෙන කෙනෙක් ඒ වෙනුවෙන් හොයාගනීවි..
හාමුදුරුවන්ට කතා කරන්න ඉගනගන්න ඉස්සරෝම මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා ලහ්ජ්ජයි රුහුණ වෛද්‍ය පීඨයේ පිටුවක් කියන්න ...ඔහෙලා අද ඉන්නේ මේ කතා කරන්නේ කහ සිව්ර නිසා බව අමතක වෙළද දැන් ..එදා සුද්දෝන්ගේ කලෙ වගේම ඊට පෙරත් පසුවත් ඉදිරයට අවේ අපේ හාමුදුරුවෝ මේ රට බේරගන්න මුලික උනේ ඔය කහ සිව්ර ....එකට විරුද්ධ වෙන්නේ නිවටයෝ ,,,,,,මුස්ලිම් අන්ත්වාධයට විරුද්ද වෙන්න වෙන කව්රුත් නෑ එක නිසා වැඩක් කරන අයට ගරහන්න එපා ..
Post a Comment