Thursday, December 27, 2012

දෙවියන්ගේ අලුත්ම නම...

මේ වෙනකොට හැමෝම දන්නවා දෙවියන් මියගිහින් කියලා. චතුරිකාගේ ගැටලුවේ සිට මධුරංග ගේ සිදුවීම හරහා ශිරානි බණ්ඩාරනායක දක්වා සිදුවීම් වල හරය තමයි දෙවියන් මියගොස් ඇති බව. මේ නිසා අපි හොල්මන්.

සිහිකටයුතු ලෝකය තුළ දෙවියන් මියගොස් ඇතිමුත් දෙවියන් පුනරුත්පත්තිය ලබා තිබෙනවා වෙනත් වේශයකින්. දැන් දෙවියන් අවිඥාණිකයි. දෙවියන් මේ වන විට අප තුළ ක්‍රියාත්මක වෙන්නේ අවිඥාණික විශ්වාස, පූර්ව අගති හරහා. උදාහරණයක් අනුව ගතහොත් චතුරිකාට අනුව සමලිංගිකත්වය විකෘත්තියක්. මධුරංගට අනුව වයස විස්සක කෙල්ලෙකුගේ ඇග වයස 31ක ගැහැණියකගේ ඇගට වඩා රසවත්.

ඉතිං සවිඥාණික දෙවියන්ට වඩා අපි තුළ දැන් මේ ඉන්න අවිඥාණික දෙවියන් හරිම බලවත්. ඒ විතරක් නෙවී මේ අලුත් දෙවියන් හරිම වනචරයි. වඩ වඩා සතුට සොයා යන අයට තමයි මේ වනචර දෙවියන් ආවේශ වෙන්නේ. මේ වනචර දෙවියන්ට කියන තවත් නමක් තමයි ධනවාදය…. 

3mana.com

3 comments :

SilentSahan said...

කතන්දරේ 100% හරි නැහැ .ඕකට ධනවාදය පලි නැහැ.
පිහි ඇනුමකින් මිනියක් මැරුණාම පිහිය පලි නැහැ සහෝදරයා
උන විනාසෙට..

SilentSahan said...

word verification ayin karanna..itha amihiiy bhawithayata.

රතීගේ දිනපොත said...

මොනව උනත් වෙනස් සටහනක්. කාලෙකින් කියවපු එකක්

Post a Comment