Monday, July 30, 2012
සරසවි කුරුටු ගී - 01
බැජා උනත්
බොග වේ නම්
බිම හෙලනු
ජුන්ඩන්ටත්
නිවැරදිනම්
ගරු කරනු
වේල් දෙකක්
දිනකට කැන්ටිමෙන් කනු
කන විට
හෙළන ටික
හොඳහැටි පිසදමනු
කැන්ටිමෙ මැල්ලූමයි
පොල් සම්බොලෙ නොකනු
දුප්පත් කමවත්
එම් සී නොයනු
කැන්ටිම වහන දවසට
පන්සලය යනු
නත්තල දාට
මාතර පල්ලියට යනු
පන්සිල් කඩනු
එක පදයක් අත්හරිනු
අන්සතු දෙයක්
කිසි විටකදී නොගනු
අතේ දුරින් නුඹ
ඇදුරන් තබාගනු
අවැසි විටදි පමණක්
ඵල නෙලාගනු ඕනැමනම්
ඉඳහිට අඩියක් ගසනු
කිසිවිටකදී බීලා
පාරට නොයනු
කේලම් කීම
ලිඳ ලඟ වැට අත්හරිනු
ඉවසනු නොහැකිනම්
කොක්කක් ගසනු
යුක්තිය ලඟදි
සැමවිට නුඹ හිස නමනු
අයුක්තියෙදි තනිවම උව
හ`ඩ නගනු
පියා උන්ත්
පොලිසියෙනම් සැක කරනු
පොලිසිය උසාවිය
මේවට ගාවා නොගනු
ගජයත් ගසනු
සැමවිට නුඹ
හැඩට ඉනු
අමතක නොකර
ගත් දේ යලි ගෙනත් දෙනු
හෙලූවෙන් නටනු
ඕනැම නම් නිදාගනු
පාරට බසින විට
හොඳහැටි රෙදි අඳිනු
විනය කමිටු තුල
හොදහැටි පච කියනු
ආ විගසින් කියු පච ටික
ලියා ගනු
පොලිසිය උසාවිය
මේවට ගාවා නොගනු
පණ කඳ ගියත්
කිසිවිට පාවා නොදෙනු
(මැද්දවත්ත නේවාසිකාගාරය - රුහුණ විශ්වවිද්‍යාලය)
මෙය රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියයි

3 comments :
අර ගෑන්ලමයි දෙන්නා තාම කූඩුවෙද......
ඔවු
shit......................
Post a Comment