Friday, June 1, 2012

අවාසනාවට ඇත්ත කතාවක්...

      මේ කතාවත් ඔය බොහෝ අය අසා ඇති. ඇඟ හිරිවැටෙන 99% කටත් වඩා අපට ආගන්තුක නොවන සාමාන්‍ය ජීවිතයේ අසන්න දකින්න ලැඛෙන ඇත්තටම අවාසනාවන්ත සිද්ධීන් රැසක් කාලයක ඉඳලා එෆ් එම් මීටරයක යනවා අපි ඒවාට අකමැතියි. ඒත් කැමතියි. අහගෙන ඉන්න අපි ඒකෙන් වින්දනයක් ලබනවා අනෙකාගේ පීඩාව දිහා බලලා වින්දනයක් ලබනවා. අපි ඒකට පුරුදුවෙලා තියෙන්නේ. අපි කවුරුත් කැමති අපිට වඩා පහළ ඉන්න කෙනෙක් පීඩාවට පත්වෙනවානම් මොකද ඒක අපිට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි ඒ පීඩාවෙන් යම් වින්දනයකුත් ලබනවා.


      දුබලයාගේ පීඩාව සතුටක් කරගෙන ඒ දුබලයාව පීඩාවට පත් කළ ඉතිහාසයේ දරුණුම අවස්ථා හමු වන්නේ වහල් සමාජ ක්‍රමය තුළ වහල්ලූන්ගේ පීඩාව, දුක් විඳීම වහල් හිමියන්ගේ සතුට වුනා. වහල්ලූ සත්තුන්ට කන්න දාලා වේදනා විඳීමින් සිදු වන ඔවුන්ගේ මරණයන් දිහා බලලා වහල් හිමියන් සතුටු වුනා. ඇරීනාවේ මරණයෙන් කෙළවර වන තෙක් වහලූන් සටන් කරන්න දාලා ඒවා දිහා බලලා වහල් හිමියන් සතුටු වුනා. ඒක දැන් අපට හිතෙන්නේ හරිම ම්ලෙච්ඡයි කියලා


      දැන් මේ අවසානාවට ඇත්ත කතාවල චරිතයන්ට මුහුනපාන්න වන සිද්ධීන් වලට සැබෑ වගඋත්තර කරුවන් ඔවුන්මද? මේ සමාජ අර්බුදයන්ට හේතුව කුමක්ද? අද අපේ තරුණ තරුණියන්ගේ අවස්ථා අහිමිකරලා තියෙන්නේ ඔවුන්ට විනෝදවෙන්න අවස්ථාවක් නෑ, ජීවිතය වි`දින්න අවස්ථාවක් නෑ, දරුමල්ලො එක්ක ගත කරන්න අවස්ථාවක් නෑ, රැකියා අවස්ථා නෑ, ඒ නිසා විවාහ වෙන්න අවස්ථාවක් නෑ, කැමති වෘත්තියක් කරන්න විධියක් නෑ, එහෙමත් නැත්තම් වෘත්තිය ගරුත්වයක් නෑ, අධ්‍යාපනික අවස්ථා නෑ, මේ පීඩාවෙන් හෙම්බත් වූන මිනිස් ජීවිත ඇතුලෙ නැවත සංහි`දියාවක් බලාපොරොත්තුවෙන්න පුළුවන්ද? ඉතින් ඔවුන් සිය මානසික පීඩනය පිට කරන්නේ තමන්ගේ පවුල තුලින් හෝ ඒ ආසන්න සමීපතමයන් තුළින් එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය ඇසුරෙන් මේක සමාජ ඛේදවාචකයක් අපි හැමෝම මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වෙලා.


      දැන් ස්වර්ණවාහිනි නිවුස් යන අතරේ ''අකමැති මතක" සිරසේ ''ඇඟිලි සලකුණ'' ශ්‍රි එෆ් එම් එකේ ''අවාසනාවට ඇත්ත කතාවක් '' ස්වර්ණවාහිණියේ පහුගිය දවස්වල ගියපු ''යෙහෙළි'' යනාදී වශයෙන් මේ පෙන්වන්නේ කුමක්ද? අද ලංකාවේ ගැහැණුන් මිනිසුන්ගේ තරුණ තරුණියන් ගේ සමාජ ජීවිතයේ පිරිහීම නේද? හැබැයි ඒකට ඇත්ත හේතුව මොක්ක්ද කියන එක ඔය කියන නාලිකා හැටහුට හමාරෙන් එකකකවත් කියන්නේ නෑ, ඒ හැම මිනිස් ජීවිතයකටම වග කියන්න ඕන ඔය දේශපාලන නායකත්ව වේශයෙන් පෙනී ඉන්න ව්‍යාපාරික බුරුත්ත කියලා ඒ එකකවත් කියන්නේ නෑ. ඒ සියලූ අවාසනාවන්ත සිද්ධින් වලට වස්තු බීජ සපයන චරිත එතනට ඇදල දැම්මේ මේ රට කරවන දේශපාලනික ව්‍යාපාරික ධනපතියන් කියලා කියන්නේ නෑ.


      ඒ වෙනුවට ඒ සිදුවීම් එකින්එක හැඩ කරලා අරන් ගුවන්විදුලි නාලික වල හා රූපවාහිණි නාලිකා වල වෙළඳ සමාගම් සඳහා කෝටි ගනන් වලට විකුණනවා.යෙහෙළි, අවාසනාවට ඇත්ත කතාවක්, ඇඟිළි සලකුණ, අකමැති මතක විකාශනය වෙද්දි ඒ වෙනුවෙන් මහරාජලා, EAP ලා හම්බ කරපු කෝටි ගණන් මුදල් ගැන අපි දන්නව ද? ඒ අපේ දුක අපිට විකුණලා හම්බ කරපු රුපියල් සත නේද අපේ දුක විකුණං කාලා පෝසත් වුන මේ ව්‍යාපාරිකයෝ අර වහල් හිමියටත් වඩා තුච්ජ නැද්ද?


      ඒවා බලන අහන අපිටත් මේකේ ත්‍රිල් එකක් නැතුව නෙවෙයි. මේවායේ තියෙන ලිංගික කුතුහලය අවුස්සන කුණු රසයට අපි කැමතියි. ප්‍රේක්ෂකයා මේකට සූදානම් කරලා තියෙන්නේ.වර්තමානයේ විකාශනය වන සිය ගණනක් ටෙලි නාට්‍ය මෙගා නාට්‍ය වල ප්‍රධාන මාතෘකාව මොකක්ද ? Love හුටපට විතරයි නේද? මානව සම්බන්දතා වල හරය කියා දෙනවද?නෑ.ඒවා හදන්නේ විකුණන්න. විකිණිය හැක්කේ ලාබ වගේම බාල තෘප්තියෙන් වු දේවල් පමණයි. ඉතිං ගුණාත්මකය ගැන තර්ක නෑ. අවශ්‍ය ප්‍රමාණය විතරයි.


      දැන් මේ සමාජ ම්ලේච්ජත්වය, ඒ කියන්නේ පාලකයන් වගේම පාලිතයත් ම්ලේච්ජත්වය තුළ ගිලිලා ඉන්නේ. වහල් සමාජයේදී නම් ඒ ම්ලේච්ජත්වය ගලා ගෙන ආවේ වහල් හිම්යන් මගින්. ඒත් දැන් වහලාත් ඒ ම්ලේච්ජත්වය භාවිතා කරනවා. තමන්ට වඩා පහළ අය පීඩාවට පත් කරන්න. මේ වෙළඳපල ක්‍රමයේ හුවමාරු භාණ්ඩ වලට තමුන්ගේ ජීවිත හුවමාරු වෙන මිනිසුන්ගේ ගැහැණුන්ගේ ඛේදවාචකය ඒකයි. අපි අපේ අනෙකාගේ දුක දිහා බලන්නේ ඔවුන් එයින් මුදවා ගන්න නෙවෙයි. එයින් අපිට පොඩි ත්‍රිල් එකක් ගන්න පුලූවන් කොතනින්ද බලන්න. දැන් news J, crime watch  එන්නේ ඒ හරහා. Picket එකක කොල්ලන්ට කෙල්ලන්ට පොලීසියෙන් ඔලූ පැලෙන්න ගැහුවේ නැත්නම් ඒ News යන්නේ නෑ. මොකද සමාජයට විකුණන්න ලේසි අර කියපු ම්ලේච්ජත්වය.


      දැන් අපි මහරාජාගේ, EAP එදිරිසිංහලාගේ සල්ලි හොයන project එකක කොටස්කාරයෝ වෙලා ඉන්නේ MR ලාගේ EAP ලාගේ නරුමකම අපි බාරගන්නවාද කියලා තීරණය කරමු. නරුමය කියන්නේ ඕනෑම දේක මිල දන්න වටිනාකම නොදන්න කෙනාට. අපිට ස්වර්ණවාහිනී News බලද්දි ඒක හොඳටම දකින්න පුලුවන් නිවේදකයෝ නිවේදිකාවෝ රඟපාලා කියන්නේ News වලට එහා ගියපු දෙයක්. මේ සියලූ රඟපෑම් ඇතුලේ දුක විකිණීමේ Program ඇතුලේ හම්බකරන සල්ලි වල කොටස්කාරයෙක් වෙනවද කියලා ඔබ තීරණය කරන්න. සමාජයට ම්ලේච්ඡත්වය වපුරලා ඒක සාධාරණීකරණය කරලා ඒ හරහා මුදල් හම්බකරන ඔබගේ ජීවිතය හොරා ගැනීමට විරුද්ධව සටන් කරන්න.

1 comments :

Dilan Leelarathna said...

අනිවාර්යන්ම මම මේ අදහස් සමග එකගයි. ලංකාවේ මාධ්‍ය කියන්නේ කිසිම කොලිටි ‍එකක් ඇති එකක් නෙමෙයිග ජය වේවා!

Post a Comment