Thursday, September 5, 2013

ප‍්‍රභාකරන්ගේ අම්මා












ප‍්‍රභාකරන්ගේ අම්මා
අපේද අම්මාය.
අප දේශපේ‍්‍රමීන් වූයේ
අම්මේ නුඹේ පුතු නිසාය.
අපි හොඳ මිනිසුන් වූයේ
නූඹේ නරක පුතු නිසාය.
ඒ නිසාවෙන් අම්මේ නුඹ
අපේද අම්මාය.

තමන් කවුදැයි නොදැන
ඉබාගාතේ ඇවිද ගිය අපට
සිංහලයෙක්, දේශපේ‍්‍රමියෙක්
බෞද්ධයෙක් ලෙස
පුනර්ජීවනයක් ලැබුනේ
නුඹේ පුතු නිසාය.
ඒ නිසා නුඹ අපේද අම්මාය.

අම්මේ නුඹේ ඇස් වලින්
වැටෙන හීතල කඳුළු
අපේ අම්මාගේ වගේය.
අපේ අකීකරුකම්වලට
හඬා වැටෙන
ඒ කඳුළු දකින කොට
අම්මේ මට සිහිවෙන්නේ
තී‍්‍රමා,නිෂ්ම්,බාලේ,වෙනුරගේ
පරම්පරාවේ අම්මලාය.

ඒ නිසාවෙන් නුඹ
කොතෙක් නින්දා අපහාස ලැබුවද
හොඳ/නරක පුතුන් ලොවට බිහිකර
අවසන දුකම උරුම කරගත්
හැම මව්කෙනෙකු සේම
අම්මා කෙනෙකි.
කට පුරා ”අම්මේ” යැයි
ලොවටම ඇසෙන ලෙස
කෑගසා කිව හැකි.

-pawkaraya-

2 comments :

andhabinduwa said...

කාට හරි පවතින්න තව කාට හරි බිලිවෙන්න වෙනවා ඒ බිලිවීම ඇතුලේ තව දාහක් ගොඩයනවා

Anonymous said...

Me amma kawuda kiyanne pinkaarai kiyala me amma thama me lokee pawkaarama amma......???

Post a Comment