Showing posts with label පුවත්. Show all posts
Showing posts with label පුවත්. Show all posts

Sunday, March 1, 2015

බංග්ලාදේශ් අදේවවාදී ලේඛකයා මරා දැමෙයි

බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ.

ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි.

Thursday, December 25, 2014

දෛවඥයන් දෙදෙනා අතර ගැටුම්

මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන සහ ජනාධිපතිවරයා වෙනුවෙන් අනාවැකි කියන චන්ද්‍රසිරි බණ්ඩාර අතර මේ වනවිට ද්වන්ද සටනක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 24 සිට ජනවාරි 06 වෙනිදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාට අසුභ කාලයක් බවත් ඉන් අනතුරුව සුභදායක තත්වයක් ඇති වන බවත්ය. එහෙත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි 08 වෙනි දිනට යොදාගෙන තිබෙන නැකත නිසා ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීඝ්‍රයෙන් බලය පිරිහීමකට පත්වන බවය.

Wednesday, May 28, 2014

පාකිස්තාන ගැබිනියක් ගල් ගසා මරා දැමේ

පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබේ.

මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි. කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල පැන ගොස් තිබේ.

Tuesday, May 13, 2014

සමහන් නමින් වස විස පොවන වසර 20 ක ගෙන ගිය භයානක වංචාව මෙන්න

සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත.

එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.

මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය

Friday, April 25, 2014

දරුවන් දෙදෙනා ගඟට විසිකරන්න හේතුව සාස්තර කාරයෙක්

මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.

මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.

Sunday, April 6, 2014

පූජකවරුන්ගේ ළමා අපචාර නිසා පල්ලියේ වියදම බිලියන 3යි

St. Frances Cabrini Fraternity
පූජකවරුන්ගෙන් සිදුවූ ළමා අපචාර හේතුවෙන් ඇමරිකානු කතෝලික පල්ලියට 2004 සිට 2013 දක්වා කාලය තුළ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3ක් පමණ වැය වී ඇතැයි වාර්තා වේ.

වන්දි ගෙවීම්, වින්දිතයන්ට ප‍්‍රතිකාර කිරීම්, විත්තිකාර පාර්ශ්වයට සහය ලබාදීම් සහ නීතිඥ ගාස්තු ආදිය සඳහා මේ මුදල වැයවී ඇතැයි පැවසේ.

මෙය අනාවරණය වී ඇත්තේ එක්සත් ජනපද කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගිනි.

ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරිම සඳහා ප‍්‍රඥප්තිය ක‍්‍රියාවට නැංවීමේ වර්ධනයන් දැක්වීම සඳහා එම සමුළුව විසින් 11වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබිණි.

Tuesday, March 25, 2014

චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකිය බොරුවෙයි

25 දිනය වනතෙක්ම අභිරහසක්ව පවතී මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්‍යය අනාවැකිද බහුල විය.

නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්‍රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්‍යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය.

පසුගියදා රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටි ලංකාවේ ප්‍රවීන ජෝතීර්වේදියෙකු වන අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

Monday, March 10, 2014

පිරිමි ළමුන් තොගයක් දුෂණය කර දේවගැති පැනයයි

එක්තරා ආගමික නිකායක් විසින් බඩල්ගම කෙහෙල්ඇල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය යාඥා මධ්‍යස්ථානයක දේවගැතිවරයකු බාල වයස්කාර පිරිමි ළමයන් පිරිසක් අපයෝජනයට ලක් කර ඇතැයි කියමින් එම දේවගැතිවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බල කිරීමේ උද්ඝෝෂණයක් කෙහෙල්ඇල්ල මංසන්ධියේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

මෙම මධ්‍යස්ථානයේ ලෙඩ සුව කිරීම, ආගම ප‍්‍රචාරය කිරිම හා ළමයින්ට ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා පවත්වාගෙන ගිය බව කියන අතර එය දැනට වසා දමා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

Monday, March 3, 2014

යක්‌කු පන්නන්න දැරියක්‌ පිළිස්‌සූ කට්‌ටඬි ගුරා

දරුවාට යක්‍ෂයෙක්‌ ඇඟට ආවේෂ වෙලා තියෙන්නේ. යකාව එලවනකන් හොඳ සිහිය ගන්න බෑ. මේ යකා එසේ මෙසේ යකෙක්‌ නොවෙයි. පවසමින්ජ්‍යෙdතිෂවේදී කට්‌ටඬියකු විසින් සිහිය විකල්ව සිටි 16 හැවිරිදි දැරිවියකගේ පාද දෙකෙහිම යටි පතුල් ගිනියම් කරන ලද යකඩ කූරකින් දරුණු ලෙස පුළුස්‌සා පිළිස්‌සුම් තුවාල සිදුකිරීමෙන් පසු තුවාලකරු අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ රෝහල්ගත කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධ හොරොව්පොතාන පොලිසියෙන් "දිවයින" ට වාර්තා විය. මෙසේ පිළිස්‌සුමට ලක්‌ව ඇත්තේ හොරොව්පොතාන අලපත්වැව, කඳවුර ගම්මානය හෙවත් සුව උදාන ගමේ පදිංචි 16 හැවිරිදි ඒ. රංජනී කුමාරි නමැති දැරිවියකි.

මේ සම්බන්ධව කරුණු සොයාගෙන රංජනී කුමාරි දැරිවියගේ නිවස පිහිටි අලපත්වැව සුව උදාන ගමට ගියෙමි. ඒ වනවිටත් රංජනී අනුරාධපුර මහ රෝහලේ 4 වාට්‌ටුවේ 8 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇගේ උපකාරයට අම්මාද එහි සිටින බවත් රංජනීගේ ලොකු අක්‌කා වන ඒ. වසන්තා පැවැසීය. වසන්තා තවදුරටත් කරුණු දක්‌වමින් කියා සිටියේ අපේ මුල් ගම ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ, ගෝමරන්කඩවල, කුට්‌ටිකුලම් ගමයි. ගමට එල්ලවුණ කොටි ත්‍රස්‌ත ප්‍රහාර නිසා 1990 වර්ෂයේ ගම අතහැර අලපත්වැව ගමේ කඳවුරු ගතවුණා. පසුව අපට රජයෙන් අක්‌කර 1/2 ක ගොඩ ඉඩමක්‌ වෙන්කර දුන්නා.

Saturday, January 11, 2014

සෙල්ලම් කරමින් සිටි සුපුනි අසලට පැමිණි භූතයා

සත් හැවිරිදි දැරියක වූ සුපුනි සාලයේ ඇගේ සෙල්ලම් බඩුත් සමග සෙල්ලම් කරමින් සිටියේ තනිවමය. මේ මොහොතේ නිවසේ සිටියේ සුපුනිත් ඇගේ මවත් පමණි. මව මුළුතැන්ගෙයි වැඩක නිරතව සිටි අතර ඇය දියණිය රඳවා ගෙන සිටියේ තමන්ගේ දෑසට පෙනෙන මානයේය. එකවරම සුපුනි මහත් තැති ගත් ස්වභාවයකින් දුවගෙන විත් මවගේ පිටුපසට මුවා වී ඇය දැඩිව අල්ලා ගෙන සිටියේ තමා පසුපස කිසියම් බියකරු සතකු එලවාගෙන ආ විටෙක බඳු ස්වභාවයකිනි.

"මොකද දුවේ ? ඔයා කාටද බය වුණේ?" ආදී වශයෙන් මව දියණියගේ සිරුරට තට්ටු කරමින් ඇසුවත් සුපුනි සිටියේ මව අසන කිසිවක් පිළිබඳ අවධානයකින් තොරවය. කෙටියෙන් කිවහොත් සුපුනි වික්ෂිප්ත ස්වරූපයකින් මව දැඩිව අල්ලා ගෙන සිටියාය. කෙසේ හෝ තත්පර ගණනක කාලයක් තුළ සුපුනි සාමාන්‍ය තත්ත්වයට පත් අතර ඉන්පසු මඳක් වටපිට බලා යළි සෙල්ලම් බඩු අතරට දිව ගියාය.

දියණිය කුමකට හෝ බිය වන්නට ඇතැයි සිතූ මව ඇය තත්පර ගණනක කාලයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු යළි ඒ ගැන සිතන්නට උත්සාහ කළේ නැත. නමුත් තවත් දෙදිනකට පමණ පසු ඒ තත්ත්වයම ඇති විය.

Thursday, November 14, 2013

ආදරය විකිනීමට හෝ බදු දීමට දැන් වෙළඳපලේ...

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතා වලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගතහැකි සේවාවක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වෙනවා.

එම වෙබ් අඩවියේ සැරි සැරූ අපට දැකගන්නට හැකි වුයේ පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි බවයි.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කරන්නට පුළුවන. දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකියි.

Tuesday, November 12, 2013

කලාකරුවෙක් තම වෘශණ කෝෂවලට ඇණගසාගනිමින් නිරුවත් විරෝධතාවක

ප්‍රාසාංගික කලාකරු ප්යෝතර් පව්ලෙන්ස්කි රුසියානු සමාජයේ වන දේශපාලනික උදාසීනත්වයට හා දෛවවාදී ස්වභාවයට එරෙහිව විරෝධය පළ කරමින් මොස්කව්හි රතු චතුරශ්‍රයේදී සිය වෘෂණ කෝෂවලට ඇණ ගසා ලනු ලැබුවේය.

සියවස් ගණනාවක් තිස්සේ රතු චතුරශ්‍රය ප්‍රසිද්ධියේ දඩුවම් දීම් හා හමුදා ආචාර පෙළපාලි යනාදියට වෙන්ව තිබුණත් මෙම කලාකරුවා විරෝධය දක්වනු වස් සිය අණ්ඩ කෝෂයන් රතු චතුරශ්‍රයේ වටකුරු ගලකට තබා ඇණ ගසා ගනිමින් කළ වේදනාකාරී රංගය රතු චතුරශ්‍රයට නව මානයක් ගෙන දුන්නේය. ආටෝගේ කුරිරු රංගය එය සැබැවින්ම මිහිමතට ගෙනායේය.

Friday, November 8, 2013

ෆුල් ෆේස් හෙල්මට් දැමීම මිනිස් හිසට අහිතකරබව අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙලිවේ.

මානව පරිනාමයේ එක්තරා සංධිස්ථානයක් වන විශාලිත කපාලය සහ එතුළ පිහිටි ප්‍රමාණයෙන් විශාල, 1500cc ධාරිතාවක් ඇති මස්තිෂ්කය, පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ ඈස්-චර්යය හේතුවෙන් දිගින් දිගටම කුඩා වෙමින් ගොස් දැන් වෙද්දී නැත්තටම නැතිව ගොස් ඇති බවත්, උණ්ඩුකපුච්ඡය වගේම ඕකත් මේ වනවිට ක්ෂීණ වී ගොස් ඇති අවශිෂ්ට අවයවයක් බවට පත්ව ඇති බවත්, මෙකී පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.

ඇතුළේ පරෙස්සම් කරන්නට දෙයක් නැති නිසා ඕක වසාගෙන යාම මහා මුදල් නාස්තියක් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ෆූල් ෆේස්--සමාවන්න, ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ පර්යේෂණ කණ්ඩායම නිර්දේශ කර සිටියි.

Thursday, October 17, 2013

දෙවියන්ටත් බැරි වැඩ මෙන්න - ඇස පලාගෙන මොළයට බැස්ස පිහිය සාර්ථකව ඉවත්කෙරේ

 අප අද ජීවත්වෙමින් සිටින්නේ, ඉතිහාසයක් පුරාවට මෙන්ම මේ මොහොතේදීද දෛනිකව මිනිසාට මුහුනදීමට සිදුවතිබෙන සමාජීය ගැටලු අවබෝධකරගත නොහැකිව, ඒවාට විසඳුම් සෙවීමේ මග ලෙස මිත්‍යාව පසුපස හබායෑමට සිදුවතිබෙන සමාජයකය. දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම මෙම විමුක්ති මග තෝරාගැනීමට සිදුව තිබෙන සමාජයට එය එසේ නොවන බව පෙන්වාදීමටද ඔනෑතරම් නිදසුන් මෙම සමාජය තුලම දක්නට ලැබේ. එවන් සමීප නිදසුන් කිහිපයක් පසුගිය කාලයේ ගාල්ල කරාපිටිය ක්ශික්ෂණ රෝහලින් අසන්නට ලැබින.

ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්‌වා ඇනී ගිය පිහියක්‌ ශල්‍යකර්මයක්‌ සිදුකර දැරිය සුවපත් කිරීමට හැකිවූ බව ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.

දැරිවිය තම සහෝදර සහෝදරියන් සමග නිවසේ ක්‍රීඩා කරමින් සිටියදී පිහියක්‌ ද රැගෙන දිවගොස්‌ තිබේ. මෙහිදී පය පැටලී බිම ඇද වැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ. ඒ සමගම දැරියගේ දෙමාපියන් මෙම දැරිය ඉමදුව රෝහලට රැගෙන විත් තිබේ.

Monday, October 7, 2013

ලාංකික පිරිමියාගේ ජීවන දේශපාලනය ( කරන්න සිදුවන හෝ මුහුණ දෙන්න)


පුංචිම කාළෙ - සුභසාධන වාදය :

"කාන්න මයි අම්මා...තව කටක් කන්න...කාලා ඉක්මනට බණ්ඩිය පුලවගෙන පුතු ලොකු වෙන්න එපැයි...කන්න පුතේ..."

ඊට ටිකක් ලොකු වෙන කොට - ජාති වාදය :

" මෙහෙ දෙනවා ඕක...ඔය බැට් එක මගේ....අම්මේ මෙන්න මල්ලි මගේ බැට් එක ගත්තා.....ගහනව දත් කැඩෙන්න මගෙ බැට් එක දුන් නැත්තං... අම්මේ අයියට බැට් එකක් අරන් දුන්න නම්, මටත් එකක් ඕන..."

Thursday, October 3, 2013

සරසවි මහාචාර්යවරියක් සහ සිසු සිසුවියන් නිරුවත් විරෝධතාවයක

දකුණුදිග හංගේරියාවේ විශ්වවිද්‍යාලයක සිසුන් සහ සිසුවියන් ඔවුන්ගේ කථන පුහුණු මහාචාර්යවරිය සමග නිරුවතින් අධ්‍යන කටයුතු සිදුකරමින් විරෝධතාවක් පවත්වා තිබේ.

ඇඳුම් පැළඳුම් පිළිබඳව විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා විසින් පැණවූ නව නියෝගයකට විරෝධය පෑම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.

කැපොස්වාර් විශ්වවිද්‍යාලයේ කලා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් 10ක් පමණ නිරුවතින් සහ යට ඇඳුම් පමණක් හැඳ සිටිමින් මේ සඳහා සහභාගී වී තිබේ.

Friday, September 13, 2013

කෘතිම සජීවී මොළයක් විද්‍යාගාරයක් තුලදී සාර්ථකව නිපදවයි

පසුගියදිනක ඕස්ට්‍රියාවේ වියින්නාහි (Vienna) විද්‍යායතනයක (Institute of Molecular Biotechnology of the Austrian Academy of Sciences) විද්‍යඤයින් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම සජීවී ත්‍රිමාණ මිනිස් මොළයක් සාර්ථකව නිපදවා තිබේ. මෙය නිපදවීම සඳහා මිනිස් සමෙහි සහ කලළ වල සජීවී සෛල කොටස් යොදාගෙන ඇති අතර, මිනිස් මොළයක පවතින සියලුම මූලික කොටස් සාර්ථකව වර්ධනයවීඇත.

මෙම නව සොයාගැනීම ලොව විවිධ පාර්ෂවයන් අතර මහත් ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙමින් පැවතියද, මිනිසාට වැලදෙන සුවකිරීමට ඉතා අපහසු මානසික රෝග ඇතුලු වෙනස් ස්නායු ආබාධවලට (microcephaly, autism, schizophrenia etc...) ප්‍රතිකාර කරන නව ක්‍රම වෙත යොමුවීමේ අවස්තාව මෙමගින් උදාවී ඇතැයි එම විද්‍යාඤයින් කණ්ඩායම පවසයි.

Wednesday, September 11, 2013

ලංකාවේ පිරිමින්ගෙන් සියයට 14.5 ක් ස්ත්‍රී දූෂකයෝ

ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි.ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො තිබුණු බවයි.

Saturday, September 7, 2013

දෑවැද්දට විරෝධය පළ කරමින් කාන්තාවක් යට ඇඳුම පිටින් වීදිබසී

Puja
ගුජරාටයේ රාඡ්කොට්‌ නගරයේ වෙසෙන පූජා චෞහාන් 22 හැවිරිදි ඉන්දීය කාන්තාවකි. එක්‌දරු මවක්‌ වන ඇය පසුගියදා මහ මග සිය යට ඇඳුම් පිටින් බේස්‌ බෝල් පිත්තක්‌ද රැගෙන ගමන් කරනු දුටු නගරවාසීහු පුදුම වූහ. ඇත්තෙන්ම ඇය යට ඇඳුම පිටින් ගමන් කළේ පොලිසිය වෙතය. 

දෑවැද්දට විරෝධය පළ කරමින් යට ඇඳුමින් පොලිසියට ගිය ඇය තම ස්‌වාමියාද ඇගේ ඥාතීන්ද දෑවැද්ද ඉල්ලා කරන හිරිහැර පොලිසියට දැන්වූවාය. පොලිසිය වහාම ක්‍රියාත්මකවී ඇගේ ස්‌වාමි පුරුෂයා වන සින් චෞහාන් ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. දෑවැද්ද නිසා සෑම පැයකදීම ඉන්දීය කාන්තාවක්‌ ඝාතනය වේ.

Thursday, September 5, 2013

යාගය වැරදී යකැදුරා වලේ මැරේ

මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කරන අයෙක් ලෙස ප‍්‍රචලිතව සිටි අයෙක් මැක්සි කස්ත්‍රෝ නමැති අයෙක් ආතුරයෙක්ට ආරූඪ වී තිබූ දිෂ්ටියක් ශරීරයෙන් ඉවත් කිරීමට පොළොවේ වළක් හාරා ඒ තුළ යාගයක් කරමින් සිටියදී මිය ගොස් තිබේ.

අද අලූයම මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පදිංචි 32 හැවිරිදි විවාහක දෙදරු පියෙක් වන ඔහු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඉංග‍්‍රීසි ගුරුවරයකුත් ධනාත්මක චින්තන උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කළ අයෙක් බව සඳහන්ය.