Monday, March 10, 2014

පිරිමි ළමුන් තොගයක් දුෂණය කර දේවගැති පැනයයි

එක්තරා ආගමික නිකායක් විසින් බඩල්ගම කෙහෙල්ඇල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය යාඥා මධ්‍යස්ථානයක දේවගැතිවරයකු බාල වයස්කාර පිරිමි ළමයන් පිරිසක් අපයෝජනයට ලක් කර ඇතැයි කියමින් එම දේවගැතිවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බල කිරීමේ උද්ඝෝෂණයක් කෙහෙල්ඇල්ල මංසන්ධියේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

මෙම මධ්‍යස්ථානයේ ලෙඩ සුව කිරීම, ආගම ප‍්‍රචාරය කිරිම හා ළමයින්ට ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා පවත්වාගෙන ගිය බව කියන අතර එය දැනට වසා දමා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

අදාළ දේවගැතිවරයා ප‍්‍රදේශය හැර පළා ගොස් ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

0 comments :

Post a Comment