Showing posts with label පද්‍යය. Show all posts
Showing posts with label පද්‍යය. Show all posts

Monday, October 7, 2013

ලාංකික පිරිමියාගේ ජීවන දේශපාලනය ( කරන්න සිදුවන හෝ මුහුණ දෙන්න)


පුංචිම කාළෙ - සුභසාධන වාදය :

"කාන්න මයි අම්මා...තව කටක් කන්න...කාලා ඉක්මනට බණ්ඩිය පුලවගෙන පුතු ලොකු වෙන්න එපැයි...කන්න පුතේ..."

ඊට ටිකක් ලොකු වෙන කොට - ජාති වාදය :

" මෙහෙ දෙනවා ඕක...ඔය බැට් එක මගේ....අම්මේ මෙන්න මල්ලි මගේ බැට් එක ගත්තා.....ගහනව දත් කැඩෙන්න මගෙ බැට් එක දුන් නැත්තං... අම්මේ අයියට බැට් එකක් අරන් දුන්න නම්, මටත් එකක් ඕන..."

Monday, September 30, 2013

දළඹුවෝ සහ මිනිස්සු




මිනිස්සුදිහා පැත්තකට වෙලා බලන් ඉද්දි මට වෙලාවකට මෙහෙම හිතෙනවා

මිනිස්සුත් හරියට දළඹුවො වගෙ

දළඹුවා ගස්වල කොළ කාලා කාලා ටික ටික ලොකු වෙද්දි

ඌ පටන් ගන්නවා උගේ වටේ කෝෂයක් හදාගන්න

ඌ ඒ කෝෂයෙන් තමන්ට වෙනම ඝණකමක් හදාගන්නවා

තමන් විතරයි කියලා හිතන්ඩ පටන් ගන්නවා

ඒ කෝෂය දළඹුවා ලෝකෙන්ම වෙන් කරනවා

මිනිස්සුත් පොඩි ළමයි වෙලා ඉඳලා ලොකුමිනිස්සු වෙද්දි

එක්කො තමුන්ගෙ දැනුම

නැත්නම් සල්ලි

වලින් සමාජ තත්ත්වය කියන කෝෂයක් හදාගන්නවා

පස්සෙ ඒ කොෂෙ ඇතුළෙ වෙනම එකෙක් කියලා හිතාගෙන ජීවත් වෙන්ඩ ගන්නවා

දළඹුවා මිනිස්සුන්ට වඩා දියුණුයි

ඌ දවසක කෝෂය බිඳගෙන එළියට ඇවිත්

සමනළයෙක් වෙනවා

ඒ කරලා නිදහසේ පියඹනවා

ඒත් මිනිස්සු ?

කවදා සමනල්ලු වෙයිද........?

Monday, September 9, 2013

හැම තැනම මරු වැල්ය...

 චින්තක ගිතදෙව | chinthaka geethadeewa
 චින්තක ගිතදෙව
කලාව යනු දැවැන්ත සන්නිවේදන කාර්යක් කිරීමට සමත් මාධ්‍යකි. .කලාව තුලින් මනස සමාධි ගත කරනවාක් මෙන්ම සමාජය දෙස පුළුල් බැල්මක් හෙලීමටද සමත් අපුරු හැකියාවක්ද ඇත. කලාව කලාව සඳහා බව කීවද , එය තුලින් ඉටු විය යුත්තේ ජනතාවාදී මෙහෙවරකි. මිනිස් සිත ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ඒමට කළා කෘති තරම් ප්‍රබල මෙවලමක් මිහිපිට නැත.

Thursday, September 5, 2013

ප‍්‍රභාකරන්ගේ අම්මා












ප‍්‍රභාකරන්ගේ අම්මා
අපේද අම්මාය.
අප දේශපේ‍්‍රමීන් වූයේ
අම්මේ නුඹේ පුතු නිසාය.
අපි හොඳ මිනිසුන් වූයේ
නූඹේ නරක පුතු නිසාය.
ඒ නිසාවෙන් අම්මේ නුඹ
අපේද අම්මාය.

තමන් කවුදැයි නොදැන
ඉබාගාතේ ඇවිද ගිය අපට
සිංහලයෙක්, දේශපේ‍්‍රමියෙක්
බෞද්ධයෙක් ලෙස
පුනර්ජීවනයක් ලැබුනේ
නුඹේ පුතු නිසාය.
ඒ නිසා නුඹ අපේද අම්මාය.

Monday, June 13, 2011

ඔබත් මා වගේ නම් (මාටින් නීමෝලර් නැවත කියවීම)

සංවේදී පියා ලෙස නම් දැරූ රජතුමා
සිය බැටලූ හම ඉවත දමා
ස්වකීය ලේ වැකි නිය ද
තාමත් අමු ලේ ගඳ ගසන මුව සහ දත් අයා
දින දින පාසා වීථි සංචාරය කළේය...

ඔහු පළමුව සොයා ආවේ මාධ්‍යවේදීන්ය
ඔහුට නොරිසි දේ සඳහා
පෑන හා තෙලිතුඩ මෙහෙයවුවන්
සුදු වෑන් දොරින් අතුරුදහන් කළේය
මා කිසිවක් නොකීමි......

Tuesday, June 7, 2011

කංසාලංකාරය....

පහළ ඌවේ බිම්
එකළ ගොයමින් පිරි බිම්
ඉසුරින් සපිරි බිම්
රත්තරං සේ වටින ගොවි බිම්

වියළි දඬු පැළවෙන
මේ රන් පොළොව සසොබන
වනසන්ට දත කන
උන්නෙ පවතකි මෙසේ ලියැවෙන