Tuesday, June 7, 2011

කංසාලංකාරය....

පහළ ඌවේ බිම්
එකළ ගොයමින් පිරි බිම්
ඉසුරින් සපිරි බිම්
රත්තරං සේ වටින ගොවි බිම්

වියළි දඬු පැළවෙන
මේ රන් පොළොව සසොබන
වනසන්ට දත කන
උන්නෙ පවතකි මෙසේ ලියැවෙන

ඉක්මනට පෝසත්
වන්ට වළිකන දනවත්
වියාපාරික ඇස්
යොමා දැන් බෝ කලක් නිමවෙත්

කුලියට රැඟෙන දන
වැනසුවෝ මුන් සරුබිම
දැමුවෝ මල් ඇට
වැඩුනි හිනැහි හිනැහි කදිමට

නිසි කලට කැපුවෝ
පාරට ළඟා කෙරුවෝ
පොලිස් ඇස් වැසුවෝ
කොලොම්පුරයට සෙමින් වැඩියෝ

කහම කහ ඒ මල් ටික
කොලිටි ගංජා නම් ලද
හොඳ වෙළඳපළකට
යැවේ එය රහසක්ය සදහට

නෑඹුල් මහ වනේ
වසරින් වසර කැපුනේ
අනේ මගෙ බුදුනේ
කාට කියමුද මේ විනේ

ලසරු බිම හමාරය
ජීවිත හැම අසාරය
හඬමින් දිවා රැය
කියමු කංසා අලංකාරයල

දේසපාලකයන්ට
හවුල් වි පාතාලය
පරිසරය වළඳින
අපූරුව බල මැනවි රජුනේ


සංදේශය (2011 ජනවාරි/මාර්තු)

0 comments :

Post a Comment