Sunday, March 1, 2015

බංග්ලාදේශ් අදේවවාදී ලේඛකයා මරා දැමෙයි

බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ.

ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි.


බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් පවසන්නේ ,ලේඛකයාගේ බිරිඳද ප්‍රහාරයට ගොදුරුව තුවාල ලබා සිටින බවයි. ඔවුන් දෙදෙනා බයිසිකල් රික්ශෝවකින් නිවස කරා පැමිණෙමින් සිටියදී එක්තරා කණ්ඩායමක් විසින් ඔවුන්ට විශාල පිහිවලින් පහර දී කපා කොටා අති බවයි වාර්තා වන්නේ.
පොත් ප්‍රදර්ශනයක්

ආගමික නිදහස වෙනුවෙන් අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යන අවිජිත් රෝයි මරණ තර්ජනවලට ලක් වුනේ එහි පළ කළ අදේවවාදී ලිපි නිසා යයි බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් පවසයි.

අවිජිත් රෝයි මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසන නමුත් තවම කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් වාර්තා වෙයි. එම ඝාතනය අගය කළ ඉස්ලාමීය කණ්ඩායමක් පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇත.

එහෙත් බංග්ලාදේශ් ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් තවම කිසිදු ප්‍රකාශයක් කර නොමැත. ආගමික අන්තවාදයට එරෙහිව ලියූ තවත් ලේඛකයෙකු ද මීට දෙවසරකට පෙර බංග්ලාදේශයේදී මරා දැමුණි.

Source from BBC

1 comments :

Unknown said...

මොන අාගම ද දන්නෑ මරන්න අවසර දීලා තියෙන්නේ..... අනේ මෙහෙමත් අාගම අදහන හරක්

Post a Comment