තමන්ව ලිංගික බලහත්කාරයට ලක්කිරීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ඝාතනය කළ ඉරාන කාන්තාවක් ඉරාන අධිකරණ තීන්දුවකට අනුව එල්ලා මරා දැමුණි. මෙලෙස එල්ලා මරාදමා ඇත්තේ, රිහානද් ජබාරි නැමති 27 හැවිරිදි තරුණියකි. ඇය විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇත්තේ 2007 වසරේදී, ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී වන අතර 2009 වසරේදී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් විසින් ඇයට මරණ දඬුවම කරන ලදී.
ඇය විසින් ඝාතනය කර ඇත්තේ, මොරතසා අබ්දොල්අලි සර්බාන්දි නම් ඉරාන හිටපු බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියකි. ජබාරි අධිකරණයට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා තමන් ලිංගික බලහත්කාරයට ලක්කිරීම උත්සාහ කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇන ඔහු ඝාතනය කළ බව ය.








