Tuesday, July 22, 2014

GAZA තීරයේදී නිර්භීතව දිවිපිදු සුදු කෙල්ල

ඒ ඈ GAZA තීරයට ආ පළමු දවස. හරියටම කියනව නමි පළමු රාත්‍රිය. ඔවුන්-ඇය  සහ ඇගේ සගයන්, සිටි TENT එකට අගල් කීපයක් උඩින් BULLET එහා මෙහා ගියා. ඇගේ හිත ටිකක් තිගැස්සුණේ නැතිවාම නොවෙයි. "ඒත් පලස්තීනුවන් වෙනුවෙන් මෙහි සිටිය යුතුමයි" කියන සිතුවිල්ල GAZA තීරයේ වැලි හුළගට සසල කරන්න බැරි වුණා.

මෙි රෑමත් කෙල්ල රැචල් !

රැචල් ඒලියන් කොරි..... USA වල වොෂින්ටනයට නුදුරැ ඔලිමිපියාවල 1979 ‍අ‍ෙප්‍ර්ල් 10 වෙනිදා ඈ ඉපැදුණා.

මෙි අපුරැ කෙල්ල, මුල ඉදන්ම සිතුවෙ පැතුවෙ වෙනස් SYSTEM එකකට. ඒ වෙනස් කමෙි ප්‍රතිඵලයක් හැටියට "ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරය" කියන ස්වෙචිඡා සංවිධානයට ඈ බැදෙනවා. බැදෙනවා විතරක් නෙවෙයි ඒ MOVEMENT එක ඇතුළේ තරන්න පුලුවන් අඵත් දේවල් ගැන රැචල් දිගින් දිගටම හිතනවා. ඒ සිතීම නතර වෙන්නේ GAZA තීරයෙන්. ආක්‍රමණික ඊශ්‍රායලය පලස්තීනුවන් පා ගමනින් මඩිමින් සිටි GAZA තීරය ... ඉතින් ඒ මරණයේ තීරයට රැචල් එනවා. ඒ එන්නේ තමන් වැඩ කරපු INTERNATIONAL SOLIDARITY MOVEMENT එකේ MEMBER කෙනෙක් හැටියට. එතැනදී, ඈ දෑහින්ම දකිනවා, පලස්තීනුවන්ගේ ඉරණම, ඇමරිකානු රෑකඩ ඊශ්‍රායලයේ තිරිසන් හපන්කමි. ඒ විදීම රැචල් මෙන්න මෙහෙම සටහන් කරනවා. 

"එයාලගේ ජීවිත අවදානම පිළිබදව මම ඇහින් දුටු සාක්ෂිකාරියක්. කෙටියෙන් කියනවනමි පලස්තීනුවන් රාත්‍රි ආහාරය ගන්නෙත් කොයි විදිහෙ මුනිස්සමක් එතැනට පතිත වෙයිද කියල හිත හිත".....

එක මුසල උදෑසනක, රැචල් ඇතුඵ ස්වෙචිඡා සංවිධාන සාමාජිකයින් TENT එකෙන් එළියට බහින්නේ සුපුරැදු වැඩ කටයුතු වලට. ඔවුන් දකිනවා ඊශ්‍රායල් හමුදාවෙි BULLDOZERS පලස්තීන ගෙවල් පොඩි පටිටමි කරගෙන ඉස්සරහට යන හැටි.

"මොකද කරන්නේ" ?

ප්‍රශ්නය ඒකයි, කාටවත්ම නිශ්චිත උත්තරයක් තිබුණේ නැති ප්‍රශ්නය ඒකයි .. ඒත් ඒක එහෙමම නෙවෙයි. රැචල් ඒලියන් කොරී ළග ඒ ප්‍රශ්නයට උත්තරයක් තිබුණා.

"ඒක නවත්වන්න ඔිනේ " !

තමන් ළග උන්නු සගයන් "ඒ කොහොමද "? කියලා අහන්නත් කළින් රැචල් ක්‍රියාත්මක වුණා. එක් පලස්තීන නිවසක් දෙසට BULLDOZER එකක් එනකොට, ඈ ඒ අතර මැද වැතිරැණා. BULLDOZER එක- රැචල්- පලස්තීන නිවස....දැන් මෙි දේවල් අතර පරතරය එන්න එන්නම අඩුවෙනවා. 

"නවත්තපන් !" රැචල් කෑ ගැහුවා. රැචල් නොසැලෙන දෑසින් BULLDOZER එක දිහා බලාගෙන හිටියා. ඊශ්‍රායල් හමුදාවෙි CATERPILLER D 9 BULLDOZER එක මෙි හුරැ බුහුටි අැමෙරිකන් කෙල්ලව වහගත්තා. ආක්‍රමණික තිරිසන්කම මනුෂ්‍යත්වය චප්ප කරගෙන ඉස්සරහට ගියා....
ඉතින් ආදරණිය රැචල්,,

අවුරැදු 24ක් වගේ පුංචි වයසකදී ඔයා අපට උගන්වන්නේ ප්‍රතිපත්තිමය හේතුවක් මත ARMY BULLDOZER එකක් ඉදිරිපිටට යෑම පිළිබදව ධෛර්යයේ පාඩම විතරක් නෙවෙයි "සුදු හම යනු සෑම විටම අධිරාජ්‍යවාදය වෙි" කියන ජාතිවාදී දේශනාව පටිට බොරැවක් බවත් ඔයා අපට බොහෝම උණුසුමි විදිහට උගන්වනවා.....!!!

(උපුටා ගැනීමක්)

0 comments :

Post a Comment