Monday, September 30, 2013

දළඹුවෝ සහ මිනිස්සු




මිනිස්සුදිහා පැත්තකට වෙලා බලන් ඉද්දි මට වෙලාවකට මෙහෙම හිතෙනවා

මිනිස්සුත් හරියට දළඹුවො වගෙ

දළඹුවා ගස්වල කොළ කාලා කාලා ටික ටික ලොකු වෙද්දි

ඌ පටන් ගන්නවා උගේ වටේ කෝෂයක් හදාගන්න

ඌ ඒ කෝෂයෙන් තමන්ට වෙනම ඝණකමක් හදාගන්නවා

තමන් විතරයි කියලා හිතන්ඩ පටන් ගන්නවා

ඒ කෝෂය දළඹුවා ලෝකෙන්ම වෙන් කරනවා

මිනිස්සුත් පොඩි ළමයි වෙලා ඉඳලා ලොකුමිනිස්සු වෙද්දි

එක්කො තමුන්ගෙ දැනුම

නැත්නම් සල්ලි

වලින් සමාජ තත්ත්වය කියන කෝෂයක් හදාගන්නවා

පස්සෙ ඒ කොෂෙ ඇතුළෙ වෙනම එකෙක් කියලා හිතාගෙන ජීවත් වෙන්ඩ ගන්නවා

දළඹුවා මිනිස්සුන්ට වඩා දියුණුයි

ඌ දවසක කෝෂය බිඳගෙන එළියට ඇවිත්

සමනළයෙක් වෙනවා

ඒ කරලා නිදහසේ පියඹනවා

ඒත් මිනිස්සු ?

කවදා සමනල්ලු වෙයිද........?

0 comments :

Post a Comment