Saturday, September 7, 2013

දෑවැද්දට විරෝධය පළ කරමින් කාන්තාවක් යට ඇඳුම පිටින් වීදිබසී

Puja
ගුජරාටයේ රාඡ්කොට්‌ නගරයේ වෙසෙන පූජා චෞහාන් 22 හැවිරිදි ඉන්දීය කාන්තාවකි. එක්‌දරු මවක්‌ වන ඇය පසුගියදා මහ මග සිය යට ඇඳුම් පිටින් බේස්‌ බෝල් පිත්තක්‌ද රැගෙන ගමන් කරනු දුටු නගරවාසීහු පුදුම වූහ. ඇත්තෙන්ම ඇය යට ඇඳුම පිටින් ගමන් කළේ පොලිසිය වෙතය. 

දෑවැද්දට විරෝධය පළ කරමින් යට ඇඳුමින් පොලිසියට ගිය ඇය තම ස්‌වාමියාද ඇගේ ඥාතීන්ද දෑවැද්ද ඉල්ලා කරන හිරිහැර පොලිසියට දැන්වූවාය. පොලිසිය වහාම ක්‍රියාත්මකවී ඇගේ ස්‌වාමි පුරුෂයා වන සින් චෞහාන් ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. දෑවැද්ද නිසා සෑම පැයකදීම ඉන්දීය කාන්තාවක්‌ ඝාතනය වේ.

සියල්ලක්ම විකුනන විකිනෙන සමාජයක් තුල මානව බැඳීම්ද එසේ විකිනෙන තත්වයට පත්වීම පුදුමයක් නොවේ. නමුත් මෙය සැබෑ මානව බැඳීම්වල ඇති වටිනාකම භෞතික භාන්ඩ හුවමාරුවක් දක්වා පහතවැටීමෙන්, දිනෙන්දින උග්‍රවන පීඩාවට මහුනදෙමින් එයටම ඇලී ගැලී ජීවත් වනවා වෙනුවට එයට එරෙහිව සටන්කලයුතුයි යන පණිවිඩය සමාජගතකරන තවත් එක් උදාහරණයකි.

0 comments :

Post a Comment