Friday, September 20, 2013

ඇත්තටම මහත්මා ගාන්ධි වීරයෙක්ද?

mahathma gandi
mahathma gandi
කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් ‍යනවා.

"...තව. මහත්මා ගාන්ධි ගැනත් ලියන්න පැවරුමක් දුන්නනෙ අප්පච්චි ඉතිහාසෙ ටීච!"

"හ්ම්... මහත්මා ගාන්ධි?"

"ඔව් ඔව් අප්පච්චි, අර අවිහිංසාවාදයෙ පියා කියන්නෙ? අර ඉන්දියාවෙ වීරවරයා අප්පච්චි?"

"මහත්මා ගාන්ධි වීරයෙක් නෙවේ පුතේ.."

මොකක්?? මහත්මා ගාන්ධි වීරයෙක් නෙවේ?? ඒ මොන කතාවක්ද ඒ තාත්තා ඒ දුවට කිව්වෙ??

"ඒ වුනාට අප්පච්චි ටීච කිව්වෙ එයා වීරයෙක් කියලනෙ. එහෙම නෙවේ කියන්නෙ ඇයි?"

"මිනිස්සු මහා ගොඩක් නිරපරාදෙ මරවපු මිනිහෙක් පුතේ ගාන්ධි"

එහ්? මිනිස්සු මැරෙව්වාලු මහත්මා ගාන්ධි??

"ඉතින් අප්පච්චි එයා අවිහිංසාවාදෙ පියා නම් මිනිස්සු මරවන්නෙ කොහොමද?"

හා බොරුකාර අප්පච්චි දැන් දීපන්කො උත්තර!

"සුද්දොන්ට විරුද්ධව ඉන්දියාවෙ මිනිස්සු සටන් කළා පුතේ. නිදහස ලබාගන්න. ඒත් ගාන්ධි අවිහිංසාවාදය හඳුන්වා දුන්නම මිනිස්සු ඒක පිළිගත්තා. ආයුධ වලින් සටන් කිරීම නැවැත්තුවා. හිස් අතින් සුද්දො ඉස්සරහට ගිහින් උද්ඝෝෂණ කළා, තැබෑරුම් කැඩුවා, ආණ්ඩුවට බදු නොගෙවා හිටියා. ඒත් සුද්දා ඇවිත් වෙඩි තියනකොට, ගහලා මරණකොට අතක් ඉස්සුවෙ නෑ අවිහිංසාවාදෙ නිසා. අහිංසක මිනිස්සු, ගෑණු නිරපරාදෙ මැරිලා ගියා. යමක් වෙනුවෙන් සටන් කරලා මැරිලා ගියා නම් ඒ මිනිස්සුන්ගෙ ජීවිත නිරපරාදෙ නැතිවෙලා ගියා වෙන්නෙ නෑ. ඒත් තමන් පිලිපැද්ද අවිහිංසාවාදෙ නිසා මිනිස්සුන්ට ආත්මාරක්ෂාවටවත් සටන් කරන්න බැරිවුනා. අහිංසක ඉන්දියානු ජීවිත බොහොමයක් ගැන ගාන්ධි වගකියන්න ඕනෙ"

"එහෙනම් ඇයි අප්පච්චි සුද්දොත් කියන්නෙ එයා වීරයෙක් කියලා?"

"සුද්දොන්ට ගාන්ධි වීරයෙක් නොවෙන්නෙ කොහොමද පුතේ? ගාන්ධි නිසා, ‍රටේ විප්ලව හැදිලා ආණ්ඩුවට වෙන්න තිබ්බ විනාසෙ වැළකුනානෙ? ආණ්ඩුවට විරුද්ධව අතක්වත් නොඋස්සා සටන ගැන කතාකරලා මිනිස්සුත් ‍රවට්ටන් ඉන්න මිනිස්සු ආණ්ඩුවලට වීරයො තමයි"

"ඉතින් අප්පච්චි එහෙනම් අපට එයා ගැන උගන්නන්නෙ? වී‍රයෙක් කියන්නෙ?"

"පුතේ.. ඕන ආණ්ඩුවක් කැමතියි තමන්ට විරුද්ධව නැගිටින මිනිස්සු නිරායුධ කරන මහත්මා ගාන්ධිලා ඉන්නවට. ඒ නිසයි මහත්මා ගාන්ධිලව වීර ච‍රිත කරන්නෙ"

කෝච්චිය එනවා. මගෙ ඔලුව තෝන්තුයි. ඇයි මට හිතෙන්නෙ ඒ තාත්තා හරියි කියලා? ඇත්තටම මහත්මා ගාන්ධි වීරයෙක්ද?

from- A Serious Blog | රැඩිකල් සටහන්..

2 comments :

nadeeka dilshan said...

තාත්ත ගොඩක් දුරට හරි. අද ඉන්දියාවෙ ගොඩක් ප්‍රශ්න වලට හෙතුව ඔක තමා... ඉන්දියවෙ සිමිත පිරිසක් සෑප විදින්නත් ගොඩක් අය මහ පාරෙ නිදාගන්නත් හෙතුව ඔය දෙ තමා

samarasekara sithuvili said...

මහත්මා ගාන්ධි නම් මටත් වීරයෙක් නෙමෙයි. ඒ ඔබ කියපු ආකාරයෙන් නම් නෙමෙයි. ඉන්දියාවේ අඩුකුල හරි ජනතාවගේ ගැටළු විසඳීමට ඉදිරියට නොපැමිණි නිසා නොවෙයි එහෙම ප්‍රශ්නයක් ඉන්දියාව තුල තිබෙන බවක් වත් නොදැකපු නිසයි.

Post a Comment