Wednesday, October 2, 2013

ලෝක ළමා දිනයට පසුවදනක්

ලෝක ළමා දිනය කියා අමුතු මෙව්වා එකක් නැත... ඒක ව්‍යාපාරික ලොවේ ප්‍රෝඪාවකි...

හදිසියේ වත් එහෙම එකක් තිබ්බා යැයි සිතුවත්,

අපේ රටේ ළමයින්ට නම් එහෙම එකක් ලොවෙත් නැත... අපේ රටේ ළමයින් බාරගෙන ඇත්තේ,

දරුවන්ගේ අනාගත පරම්පරාවල් පවා උගසට තබා ලබන මුදලින් සමර කෙළින නායකයන්ය...

ටයිටස් තොටවත්ත නම් යුග පුරුෂයාගේ නික්ම යෑමෙන් පසුව මාධ්‍යයෙහි සහ කළාවෙහි ළමා නිර්මාණ කරන්න බාර අරගෙන ඉන්නෙ, සිප්පි කට්ටක තරමේ නිර්මාණශීලිත්වයක් නැති, ළමයින්ගේ රෙදි ගලවා පෙන්වීමෙන් ආශ්වාදයක් ලබන බාළාපචාර කාරයන්ය...

ළමා දිනය දවසේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එවීම ළමයින්ට දෙන තෑග්ගක් වෙනු ඇතැයි සිතන පුනක්කු පෙවීමට සුදුසු ඇමති ගවයන්ය...

තමන්ගේ දරුවන් එතෙර යවා, සුව පහසුවේ සතප්පවා අනුන්ගේ දරුවන්ගේ නූතන අධ්‍යාපනයට වළ කපමින් ඔලු වලට ගොම දමන කුහක මහාචාරියන්ය...

ළමා අපචාර කාරයන්ට චරිත සහතික පුදමින්, දැහැමි සමාජ ගැන සිංහ නාද පවත්වන පූජ්‍ය පක්ෂයන්ය...

දේවාල කපුවන්ය...

දෙයියන් පෙන්නීම, මැතිවරණ දිනවා දීම වැනි ප්‍රෝඪාවන් ගෙන් බඩ වඩා ගනිමින්, 21 වැනි සියවසේ වැඩිහිටියන්වත් ළමයින්ට අන්දන හොර තක්කඩියන්ය...

උතුරට, දකුණට දෙකටම අම්ම මෝ නැතුව වෙඩි තැබීම ප්‍රශ්ණ විසඳීමේ ප්‍රියතම උපක්‍රමය කර ගත් "ආරක්ෂක අංශයන්ය"...

බෙල හීන වන්නේ ඇයිදැයි තේරුම් ගන්නට මොළයක් නැති කමින්, දිනපතා පිරිහෙන විපක්ෂයන්ය...

අවසාන වශයෙන්, අපිය...

ඒ නිසා අපේ ළමයින්ට සොරි.කොම්ය...

පුතේ, දුවේ... !... කන්න තියෙන බත් වේලෙන් භාගයක් විකුණලා හරි ඉගෙන ගනිල්ලා... !.. වෙන මගක් නැත... !... මොකා මොනවා කිව්වත් නොනැවතී ඉගෙන ගනිල්ලා...!... ඉතිහාසයට පසු නොබැස, අනාගතය දෙස බලාගෙන ඉගෙන ගනිල්ලා..

By Damith kethaka

0 comments :

Post a Comment