දරුවාට යක්‍ෂයෙක් ඇඟට ආවේෂ වෙලා තියෙන්නේ. යකාව එලවනකන් හොඳ සිහිය ගන්න බෑ. මේ යකා එසේ මෙසේ යකෙක් නොවෙයි. පවසමින්ජ්‍යෙdතිෂවේදී කට්‌ටඬියකු විසින් සිහිය විකල්ව සිටි 16 හැවිරිදි දැරිවියකගේ පාද දෙකෙහිම යටි පතුල් ගිනියම් කරන ලද යකඩ කූරකින් දරුණු ලෙස පුළුස්‌සා පිළිස්‌සුම් තුවාල සිදුකිරීමෙන් පසු තුවාලකරු අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ රෝහල්ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධ හොරොව්පොතාන පොලිසියෙන් "දිවයින" ට වාර්තා විය. මෙසේ පිළිස්‌සුමට ලක්‌ව ඇත්තේ හොරොව්පොතාන අලපත්වැව, කඳවුර ගම්මානය හෙවත් සුව උදාන ගමේ පදිංචි 16 හැවිරිදි ඒ. රංජනී කුමාරි නමැති දැරිවියකි.
මේ සම්බන්ධව කරුණු සොයාගෙන රංජනී කුමාරි දැරිවියගේ නිවස පිහිටි අලපත්වැව සුව උදාන ගමට ගියෙමි. ඒ වනවිටත් රංජනී අනුරාධපුර මහ රෝහලේ 4 වාට්‌ටුවේ 8 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇගේ උපකාරයට අම්මාද එහි සිටින බවත් රංජනීගේ ලොකු අක්‌කා වන ඒ. වසන්තා පැවැසීය. වසන්තා තවදුරටත් කරුණු දක්‌වමින් කියා සිටියේ අපේ මුල් ගම ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ, ගෝමරන්කඩවල, කුට්‌ටිකුලම් ගමයි. ගමට එල්ලවුණ කොටි ත්‍රස්‌ත ප්‍රහාර නිසා 1990 වර්ෂයේ ගම අතහැර අලපත්වැව ගමේ කඳවුරු ගතවුණා. පසුව අපට රජයෙන් අක්‌කර 1/2 ක ගොඩ ඉඩමක් වෙන්කර දුන්නා.
එහි තමයි සාමාන්‍ය ගෙයක් හදා ගෙන ජීවත් වෙන්නේ. කිසිදු ස්‌ථිර ආදායම් මාර්ගයක් නෑ. අපේ තාත්තත් ජීවතුන් අතර නෑ. මමත් එක්‌ක පවුලේ 8 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් විවාහ වෙලා. අම්මයි, මල්ලිලා දෙන්නයි, නංගියි තමයි ගෙදර ඉන්නේ. අම්මට මේ අය ජීවත් කරවන්න විදියක් නැති නිසා ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතියෙන් සකස් කරන ලද ලිපියක් ඉදිරිපත් කරමින් ප්‍රදේශයේ ඇවිදිමින් එකතු කර ගන්නා ආධාරයකින් තමයි එදා වේල සපයා ගත්තේ.
මගේ නංගි රංජනී පසුගිය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. විභාගයේ ප්‍රතිඵල එනතෙක් ගෙදර නිකම්ම නොහිඳ කීයක් හරි සොයා ගන්න ජයලත් සර්ගෙ පොඩි දරුවා බලා ගන්න එන්න කීවා. මාසයකට රු. 500/} ක් දෙනවා කීවා. ඒ වනවිට නංගි කැමැත්තෙන් ගියා. දින 15 ක් එක දිගට දරුවා බලා ගැනීමට ගියත් නංගීට සතයක්‌වත් නොලැබීම නිසා ඒ ගමන නංගි නතර කළා. ගමේ යන්න අම්මාගෙන් නංගි ඇහුවත් අම්මා ඒකට එකඟ වුණේ නෑ. අම්මා හිඟමන් ගිහින් හොයලා කන්න දෙනකම් ගෙදරට වෙලා මට නිකං ඉන්න බෑ පව්. කහටගස්‌දිගිලියේ ෆqඩ්සිටි එකේ වැඩට යනවා කීවත් නංගිට අම්මා අවසර දුන්නේ නෑ. එහෙම ඉන්න ගමන් තමයි 2014/01/31 දින සවස නංගිට හිසරදයක් සමඟ ක්‌ලාන්ත ගතියක් ඇතිවුණේ නංගි සිහිවිකලෙන් වගේ දඟලන්න පටන් ගත්තා. අලපත්වැව ගමේම පදිංචි ජයලත් සර් රජයේ ගුරුවරයෙක් නිකම්ම නිකම් ගුරුවරයෙක් නොවෙයි. කොට්‌ඨාස අධ්‍යාපන ඉංග්‍රීසි ගුරු උපදේශකවරයෙක්. සර් හොඳ ජ්‍යෙdතිෂවේදියෙක්. ඒ පිළිබඳ කාගේත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම දුර බැහැර ප්‍රදේශවල සිට විශාල පිරිස් ඇදී එනවා. ඒ විශ්වාසය මත අපිටත් හිතුණා. ජයලත් සර් ළඟට ගොස් නංගිට නූලක් සාත්තු කරලා දාගෙන ඉස්‌පිරිතලෙට ගියොත් හොඳයි කියලා. පසුව අම්මත් මගේ අනිත් සහෝදරයත් සමග නංගි රැගෙන ජයලත් සර්ගේ ගෙදරට ගියා.
ඉන් අනතුරුව සිදුවූ සියල්ලක්‌ම රංජනීගේ අයියා වන 17 හැවිරිදි විඡේකුමාර විස්‌තර කළේ මේ ආකාරයටයි.
ජයලත් සර් නංගිගේ ඔළුවේ අත තියාගෙන මොනවදොa කීවා. එහෙම කියලා කීවා නංගිගේ ඇඟට යකෙක් ආවේෂ වෙලා. මම මේ යකා අල්ලා ගන්නම් කියමින් කතා කරපිය ඔබ කොහේ ඉඳන්ද ආවේ. ඇත්ත කියාපන් පරම්පරාවේ යකෙක්‌ද එහෙම නැතිනම් වෙන කොහෙන් හරි ආපු යකෙක්‌ද කියා ඇහුවත් නංගි ඒ කිසිම දේකට උත්තරයක් නොදී නිහඬව සිටියා. නංගි පැදුරේ වාඩි කරවන්න කීවා. ඊට පසු නැවතත් මුලින් අහපු ප්‍රශ්නයම ඇහුවත් නංගිගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නෑ. සර් හිනා වෙලා කීවා ඔය යකාව කථාකරන හැටි මම දන්නවා කියලා ගිනි කබලකට කපුරු පෙති ගොඩක් දාලා ගිනි අවුලා ඒකට යකඩ කූරක් දමලා හොඳට ගිනියම් කළා. ගිනියම් වූ යකඩ කූර ගෙන නංගිගේ යටිපතුල් දෙකේම හොඳට එබුවා. නංගි කථා කළේ නෑ. මේ යකාට මේක රත්වෙලා මදි. සෙල්ලම් යකෙක්a නොවෙයි කියා යකඩ කූර ගිනි කබලට දමා ඊටත් වැඩියෙන් ගිනියම් කර යටිපතුල්වල එබුවා. මම ඇහුවා (විඡේකුමාර අයියා) සර් නංගිගේ කකුල් පිච්චෙන්නේ නැද්ද ඇයට ගාණක් නැද්ද කියා. නෑ මේ පුච්චන්නේ යකාගේ මේ කිසිවක් නංගිට දැනෙන්නේ නෑ. කියා තුන්වැනි වතාවටත් යටි පතුල් යකඩ කූරෙන් පුච්ච්ද්දී අම්මෝ - අම්මෝ කියා නංගි කෑ ගැහුවා. ආ... දැන්ද ඔබට කථා කරන්න පුළුවන් වුණේ ඇත්ත කියපන් කියලා රතු පාට රෙදිපටිවලින් ඔතන ලද කසයක් වගේ දෙයකින් නංගිගේ පිටුපස ප්‍රදේශයට දිගට හරහට පහර දුන්නා. පිට කොන්ද දිහාටත් පහර දුන්නා. මේ පහරදීමට නංගි කිසිදු ප්‍රතිචාරයක් දැක්‌වූයේ නෑ. පසුව දේව රූපවලින් සැරසූ ස්‌ථානයකට ගොස් ඒ පිංතූර දෙස බලන්න කීවා. නංගි බැලුවේ නෑ. පසුව ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන කම්මුල් දෙකට වැරෙන් පහර දෙකක් ගැහුවා. යකඩින් හදන ලද ත්‍රිශූලයකින් නංගිගේ නළලට තියලා තද කරලා කීවා දැන්වත් කථා කරන්න කියලා. ඇත්ත කියාපන්. මූ සෙල්ලම් යකෙක් නොවෙයි.පවුලේ පරම්පරාවෙන් එන යකෙක්, පවුලේ අය ඉන්න තැන මේ යකා කථා කරන්නේ නෑ. පවුලේ අය එලියට යන්න කීවා. අපි ඔක්‌කොම එළියට ආවා. ඒ මොහොතේ අපි කවුරුත් හඳුනන්නේ නැති අවුරුදු 30 ක් පමණ වයස ඇති ගැහැනු කෙනෙක් සර් සහ නංගි සමඟ හිටියා. අපි එලියට එනවත් සමඟම දොර වහගත්තා. ටික වෙලාවකින් මුලින් ඇසූ ප්‍රශ්න කරමින් නංගිට වධ දෙන බව අපිට ඇහුනා. ඒත් එක්‌කම නංගි අම්මෝ - අම්මෝ කියා කෑ ගහනවත් ඇහුණා. පසුව දොර ඇරලා අපට එන්න කීවා. මේ ළමයට සෙම තියෙනවා. ඉස්‌පිරි තාලෙට ගිහින් සෙමට බෙහෙත් විදගෙන නැවතත් මෙහාට අරන් එන්න කීවා. ඒ මොහොතෙදීම ගමේ වාහනයක් අරන් හොරොව්පොතාන රෝහලට නංගි අරන් ගියා. නංගිගේ යටිපතුල් ඔක්‌කොම දියපොදි නැගලා. ගහපු පාරවල්වලට ඇඟ තැලිලා. සිහියක්‌වත් නෑ. හොරොව්පොතාන රෝහලෙන් ඒ මොහොතේදීම අනුරාධපුර මහ රෝහලට මාරුකර යෑව්වා. නංගි 4 වැට්‌ටුවේ 8 වැනි ඇඳේ ප්‍රතිකාර ලබනවා. තවම සිහි කල්පනාවක් නෑ. හොරොව්පොතාන පොලිසියේ කාන්තා කාර්යාංශයේ නෝනලා ඇවිත් අපෙන් කටඋත්තර අරන් ගියා. අපිට කන්ඩ හොයලා දුන්න අම්මත් නංගිගේ තනියට ඉස්‌පිරිතාලේ කොටුවෙලා. අපිට පිහිට වෙන්න කෙනෙක් නෑ. හඬාවැළපෙමින් ඔහුගේ දුක්‌මුසු කථාව අවසන් කළේ ඒ ආකාරයටයි.
මේ පිළිබඳ හොරොව්පතාන පොලිසියෙන් අප කළ විමසුමකදී එහි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එල්. ඒ. ඩී. රත්නවීර පැවසුවේ මේ සම්බන්ධව අනුරාධපුර මහරෝහලේ රෝහල් පොලිසියෙන් අපට දැනුම් දීමක් කර තිබුණා. ඊට අදාළ නිලධාරීන් යොදවා ප්‍රශ්නයට මුහුණ දී ඇති අයගෙන් සාක්‌ෂි සටහන් කරගෙන ඇති අතර පිළිස්‌සුමට ලක්‌ව ඇති දැරිවියගෙන් කටඋත්තර ගැනීම සඳහා 2014/02/3 දින අනුරාධපුර රෝහලට ගිය නමුත් සිහි කල්පනාවක් නොමැතිව සිටි දැරිවියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට හැකිවී නැත. එහෙත් අද ඒ දැරිය කතා කරන්නීය. සිද්ධිය වූ මොහොතේ වගඋත්තරකාර කට්‌ටඬි ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගොස් සිsටියේය. එහෙත් පසුගියදා හෙතම උසස් පොලිස් නිලධාරියෙක් සමඟ පැමිණ පොලිසියට භාරව ඇප පිට නිදහස් වූයේය. එහෙත් දැරිය තවමත් ලෙඩ ඇඳේ වැතිර සිටින්නීය. ඇවිදගත නොහැකිව දුක් විඳින්නීය.
කැබිතිගොල්ලෑව - සේනානායක
උපුටා ගැනීම : දිවයින 2014-03-02
උපුටා ගැනීම : දිවයින 2014-03-02
0 comments :
Post a Comment